එළවළු මිල ඉහළ ගියත් තරමක් හෝ අඩු මුදලකට සපයා ගත හැකි එළවළුවකි වට්ටක්කා. තම්බා පොල් සමඟ උදේ ආහාරයක් ලෙස වුවද ආහාරයට ගතහැකි මේ රසවත් ඵලය කිරට සාදා බත්පතට එකතු කරගැනීමයි බොහෝ දෙනෙක් කරන්නේ. ඒත් විවිධ රසයට සාදා ගත හැකි වට්ටක්කා බැදුමක් ලෙස සාදා ගන්නා ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.
උදෑසන ආහාරය සඳහා බත් හෝ වෙනත් බර ආහාර ගැනීමට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්. අලිගැටපේර, බිත්තර ආදිය දමා සැකසූ මේ ආහාරය සරල මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළයි. ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි වීමත් මෙහි විශේෂත්වයක්.
අළු කෙසෙල් සකසන දවසට අළු කෙසෙල් ලෙලි වලින් සැකසිය හැකි මේ අලුත් චිලි පේස්ට් එක ඔබට අත්හදා බලන්න පුළුවන්. ආහාර මිළ අහස උසට ඇති මේ කාලයට මේ චිලි පේස්ට් එක වඩාත් හොඳින් ගැළපේ.
දූරියන් වාරෙට අපතේ යන දෙයක් ලෙසින් දූරියන් ඇට හඳුන්වන්න පුළුවන්. දූරියන් මදුළුවල රස බලන බොහෝ දෙනෙක් එහි ඇට, කිසිම ලෝබකමකින් තොරව ම ඉවත දානවා. ඒත් දූරියන් ඇටත් ඉතාම රසවත් ආහාරයක් ලෙස සකසා ගත හැකියි.
Page 28 of 44