Friday, April 26, 2024
Follow Us
බැදගත් පොලොස් පෙති

පොලොස් ග්‍රෑම් 250ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

එළවළු තෙල් ලීටර් 1/2ක්

කළු හා සුදු තල ඇට ටිකක්

දෙහි ගෙඩි 3ක්

කෝන් පිටි ග්‍රෑම් 40ක්

ඩෙසිකේටඩ් කොකනට් (වියළි පොල්) ග්‍රෑම් 100ක්

රස අනුව ලුණු

බිස්කට් කුඩු

 

Hot Garlic Sauce සඳහා

චොප් කරගත් ඉඟුරු සුදුලුනු ටිකක්

සැල්දරි

මිරිස් සෝස්

දෙහි යුෂ

සීනි ස්වල්පයක්

බටර් ටිකක්

 

පළමුව පොලොස් ගෙඩියේ පොත්ත ඉවත්කර සෙන්ටිමීටර් 1/2ක් ඝනකමට පෙති කපා ගන්න. කපාගත් පොලොස් පෙති බඳුනකට දමා එයට කහ, ලුණු හා දෙහි යුෂ දමා පැය 1/2ක් තිබෙන්නට හරින්න. ඉන්පසු වතුර එක්කර මඳ ගින්නේ විනාඩි 30ක පමණ කාලයක් තම්බා ගන්න. තැම්බුණු පසු ළිපෙන් බා වතුර පෙරා හැර නැවත රස අනුව ලුණු හා දෙහි යුෂ එකතු කරන්න.

වෙනත් බඳුනක් ගෙන එයට ඩෙසිකේටඩ් කොකනට් (වියළි පොල්) පාන් කුඩු, තල ඇට එකතු කරන්න. වෙනත් බඳුනකට පාන් පිටි, කෝන් පිටි හා වතුර එක්කර තරමක් ඝනකම් මිශ්‍රණයක් සාදා ගන්න. ඉන්පසු මුලින් තම්බා ගත් පොලොස් පෙති පිටි මිශ්‍රණයේ ගිල්වා පාන් කුඩු මිශ්‍රණයේ හොඳින් තවරා ගැඹුරු තෙලේ බැදගන්න. මෙසේ බැදගත් පොලොස් පිළිගන්වන විට Hot Garlic Sauce සමඟ පිළිගන්වන්න.

 

Hot Garlic Sauce සාදන ආකාරය

පළමුව භාජනයක් ගෙන එයට බටර් ටිකක් දමා රත්වූ පසු චොප් කරගත් ඉඟුරු, සුදුලූනු, සැල්දරි එකතු කරන්න. එය රන්වන් පාටට බැදුණු පසු චිලී සෝස් හා වතුර කෝප්පයක් එක්කර මඳගින්නේ විනාඩි කිහිපයක් පිස එයට දෙහි යුෂ හා සීනි ස්වල්පයක් එකතු කරන්න.

(Tharunie)