පාර්ලිමේන්තු ක්‍රියාවලියට දක්වන ලද විශිෂ්ට කැපවීම, අභ්‍යන්තරික රාජ්‍ය පාලනය, මානව හිමිකම් සුරැකීම සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය වෙනුවෙන් සිදුකළ අනුපමේය සේවය ඇගයීමට ලක් කරමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය 'නවක පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානය' (CPA New Parliamentarian Award 2026) හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.
කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, නවීන තාක්ෂණය භාවිත කරමින් කාන්තාර පරිසරය තුළ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන කටයුතු සිදුකරන Argrico ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්විය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර ඊයේ (28) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන “Maritime Domain Awareness as Digital Evidence” කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ පිහිටි තොරතුරු විලයන මධ්‍යස්ථානයේ (Information Fusion Centre Colombo) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්‍ය රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහාහිදී ඊයේ (21) පැවැත්විණි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වූ අතර එය ලකුණු 223ක ජයග්‍රහණයකි.
චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්‍යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්‍ර රැසක දීර්ඝකාලීන හා ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
පෞද්ගලික දිගු දුර ජෙට් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා වූ ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සිය ජෙට් යානයෙන් රත්මලාන ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වෙයි.
Page 1 of 388