ශ්රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කර වසර 75ක් සපිරීම නිමිත්තෙන් දෙරට අතර දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.
හදිසි අවශ්යතා සඳහා ලේඛන සහතික කරවා ගැනීමට අවශ්ය පුද්ගලයන් වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය විසින් විශේෂ සෙනසුරාදා සේවාවක් ක්රියාත්මක කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්යාංශය සඳහන් කරයි.
ශ්රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්ය අමාත්යංශයේදී පැවැත්විණි.
කටාර් රාජ්යයේ නිල සංචාරයක නිරත නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා, නවීන තාක්ෂණය භාවිත කරමින් කාන්තාර පරිසරය තුළ කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන කටයුතු සිදුකරන Argrico ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්විය.
ශ්රී ලංකාවේ ජාතික ස්වෛරී කෘත්රිම බුද්ධි (AI) පරිගණක මධ්යස්ථානයක් පිහිටුවීම සඳහා චීන රජයේ සහාය ලබා ගැනීම ඇතුළු ඩිජිටල් ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සඳහන් කරයි.
ශ්රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා අතර ඊයේ (28) ධීවර අමාත්යාංශයේදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්යාපන පුහුණු (TVET) ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡාවක්, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් අරාබි එමීර් රාජ්යයේ (UAE) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්විණි.
දකුණු කොරියාවේ තේගු (Daegu) නගරය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක රාජ්ය ගෞරවලාභීන්ගේ ස්වේච්ඡා සංවිධානයේ නියෝජිත පිරිසක් සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (12) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේදී පැවැත්විණි.
ශ්රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්ය රැස්වීම කටාර් රාජ්යයේ දෝහාහිදී ඊයේ (21) පැවැත්විණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් මහතා, ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා හමුවී, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ 2027 වසරේදී ශ්රී ලංකාව සහ චීනය අතර රාජ්යතාන්ත්රික සබඳතා පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සහ රබර් සහල් ගිවිසුමේ 75 වැනි සංවත්සරය සැමරීම සඳහා වන සූදානම පිළිබඳව සාකච්ඡා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්යතා සපුරා ගැනීම සඳහා (07) උදෑසන කොළඹ වරායට පැමිණියේය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමඟ පැවති එක්දින ක්රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වූ අතර එය ලකුණු 223ක ජයග්රහණයකි.
චීනය සහ දකුණු ආසියානු රටවල් සමඟ සාගර විද්යාව, ධීවර කර්මාන්තය, ජලජීවී වගාව, නීල ආර්ථිකය, තාක්ෂණය, ආයෝජන, මානව සම්පත් සංවර්ධනය සහ දැනුම හුවමාරුව ඇතුළු ක්ෂේත්ර රැසක දීර්ඝකාලීන හා ප්රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්රී ලංකාව සූදානමින් සිටින බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර් මහතා පැවසීය.
Page 1 of 388