විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව (HL-FRAC) ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජනවාරි 8) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
මෙහිදී පසුගිය ආපදා තත්ත්වයෙන් අනතුරුව ලැබී ඇති සහනාධාර නිසි පරිදි බෙදා හැරීම, එහිදී මතුවන පරිපාලනමය හා මෙහෙයුම් අභියෝග මෙන්ම, සහනාධාර කඩිනමින් ජනතාව වෙත ලබාදීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම්, සැපයුම් ක්‍රියාවලිය සහ ප්‍රවාහන කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.
තවද, සහන බෙදා හැරීමේ යාන්ත්‍රණයේ ප්‍රගතිය ඇගයීම සඳහා මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල මෑතකදී සිදුකළ ක්ෂේත්‍ර චාරිකාවල ප්‍රතිඵල ද මෙහිදී සමාලෝචනය කරන ලදි. තවද, සහනාධාර බෙදා හැරීමේ මෙහෙයුම්වල විනිවිදභාවය මෙන්ම වගවීම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ආපදා සහන ද්‍රව්‍ය හා උපකරණ කළමනාකරණ පද්ධතිය (IMS) සම්බන්ධයෙන් ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය (NDRSC) සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.
මෙම ආපදා සහන ද්‍රව්‍ය හා උපකරණ කළමනාකරණ පද්ධතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ සහන සැපයුම් යාවත්කාලීනව (Real-time) නිරීක්ෂණය කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව ද කමිටුව විසින් කරුණු පැහැදිලි කරනු ලැබීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම ජ්‍යෙෂ්ඨ කමිටුව අවස්ථා කිහිපයකදී රැස්වූ අතර, ඒ ඔස්සේ ආපදා සහන මෙහෙයුම්වල උපරිම කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා තීරණාත්මක පියවර රැසක් ගෙන ඇත. ඔරුගොඩවත්ත පිහිටි ගබඩා සංකීර්ණය සහ අනෙකුත් නම් කරන ලද විශේෂ ගබඩා පහසුකම් තුල ගබඩා කර ඇති විදේශ ආපදා සහනාධාර, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා ක්‍රමානුකූලව බෙදා හැරීම මේ වනවිටත් අඛණ්ඩව සිදුකෙරේ.
දැනට විදෙස් රටවල් 22ක් සහ ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් මෙරට ආපදාවට ලක්වූ ජනතාවගේ අවශ්‍යතාවන් සලකා ලබා දී ඇති විවිධාකාරයේ සහනාධාර, නිශ්චිත ක්‍රියාවලියකට අනුකුලව පීඩාවට පත් ජනතාව වෙත බෙදාදීම සිදුකෙරෙමින් පවතී. ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් ඇතුළු මුලික අවශ්‍යතාවන් මෙන්ම, ආපදා කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය විවිධ තාක්ෂණික උපකරණ ද ඇතුළත් වේ. මීට අමතරව, හානියට ලක් වූ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය විශේෂිත සිවිල් ඉංජිනේරු උපකරණ සහ ප්‍රවාහන පහසුකම් නංවාලීම සඳහා අවශ්‍ය වන විවිධ රථ වාහන ද ඇතුළුව විවිධ ආකාරයේ ද්‍රව්‍ය තොගයක් ජාත්‍යන්තර ප්‍රජාව විසින් මෙරටට ලබා දී ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය දෙමින්, සියලුම විදේශ ආධාර වගකීමෙන් යුතුව සහ සාධාරණ ලෙස බෙදා හැරීමට කටයුතු කරන බව විදේශ සහනාධාර (සැපයුම්) සම්බන්ධීකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුව මෙහිදී යළිත් අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා එම කමිටුවේ සාමාජිකයින්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
වසරක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව ඊයේ (29) අලුත් වී තිබේ.
ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර වූ 2018 දී වාර්තා වී තිබූ සංචාරකයින් 2,333,796 ප්‍රමාණය අද දිනයේ දී අභිබවා යාමත් සමඟිනි.
ඒ අනුව 2025 වර්ෂයේ 2,333,797 වන සංචාරකයා අද උදෑසන මෙලෙස පිළිගත් බව ශ්‍රී ලංකා සංචාරක ආයතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට පැමිණි, පවුලක් වන - ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා මහතා, රීනා ප්‍රනාන්ඩුස් මහත්මිය සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙනවිය මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර ඇත.
ශ්‍රී ලංකා සංචාරක ආයතනය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ පැමිණීම පුද්ගලික සැමරුමක් පමණක් නොව, ජාතියේ සාමූහික ජයග්‍රහණයක් ද නියෝජනය කරන බවය.
මෙම ජයග්‍රහණය ජාතියේ සංචාරක ගමනේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරන අතර, ප්රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ අලුතින් ඇති වූ විශ්වාසය පෙන්නුම් කෙරේ.
සංචාරක ක්ෂේත්රය ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ස්ථම්භයක් ලෙස දිගටම පවතින අතර, විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.
දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බව ද, ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක මුදලක් ප්රදානය කර තිබේ.
සාමාන්‍ය ජනතාව භාවිතා කරන කුඩා වාහනවල මිල අඩුකිරීම සඳහා රජය අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් කඩිනම් මූල්‍ය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක්ලබා දීමට අනුමැතිය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ මැණික් සම්පතේ අභිමානය විදහා දක්වමින් ලංකාවේ විශාලතම අන්තර්ජාතික මැණික් ප්‍රදර්ශනය වන”Gem Sri Lanka 2026″ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී ආරම්භ විය.
දේශිය ව්‍යවසායකයින් දේශිය හා ජාත්‍යන්තර වෙළදපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ වීම සඳහා Made in Sri Lanka වෙළෙඳ ප්‍රදර්ශනය දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ නව ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණින් සහන පොලී අනුපාතිකයන් යටතේ ස්වයං රැකියා ණය ලබා දීමේ " මූල්‍ය ණය සහන ප්රදානය " වැඩසටහන අද දින සිදු කෙරුණි.
කඩිනම් මූල්‍ය පහසුකම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට IMF විධායක මණ්ඩලය අද (19) රැස් වන බව වාර්තා වෙයි.
වත්මන් නිවැරදි නායකත්වය, නිසි කලමණාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කර ගැනීම තුළ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආරම්භ කිරීමෙන් පසු සංස්ථා ඉතිහාසයේ මෙතෙක් වර්ෂයක් තුළ ඉපැයූ වැඩිම වාර්ථාගත අළෙවි ආදායම ලෙස රුපියල් මිලියන 168 ක් පසුගිය 2025 වර්ෂයේ දී උපයා ගැනීමට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සමත්ව ඇති බව වාර්තා වෙයි.
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකා ඩොලර් මිලියන 450 ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ප්‍රකාශයට පත් කරයි.
ණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෙස් විදෙස් සංවිධාන, ව්‍යාපාරිකයන් හා දානපතීන් දිනපතා ආධාර කරනු ලැබේ.
නිලධාරීන්ගේ කැපවීම සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ ඊට ඉවහල් වුණා - සුරාබදු කොමසාරිස් ජනරාල්
රජයට හිමි ආදායම් එක්රැස් කර ගැනීමට ප්රයත්න දැරිය යුතුයි - ජනපති
මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා අමෙරිකානු ඩොලර් බිලියන 15.8ක අපනයන ආදායමක් හිමි කරගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් නිවේදනය කරන ලද පරිදි, 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධන වේගය 5.4% ක
මෙය 2025 දෙවන කාර්තුවේදී 4.9% ක ධනාත්මක වර්ධන වේගයකින් පසුවයි .
2025 තුන්වන කාර්තුව සඳහා මෙම 5.4% වර්ධන වේගය යන්නෙන් අදහස් වන්නේ රටේ ආර්ථිකය පෙර ආර්ථික අර්බුදයකින් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව සඳහන් වෙයි.
Page 1 of 268