By Chamindry Saparamadu and Erandi Ranasinghe
Sri Lanka is renowned for Ceylon Cinnamon for centuries and supplies 80–90% of the world’s true cinnamon today. Ceylon Cinnamon, scientifically known as Cinnamomum zeylanicum, is distinct from the cassia varieties that dominate much of the global cinnamon market. Its unique characteristics, traditional processing methods, and reputation for quality give it a strong competitive advantage. Ceylon Cinnamon was recognized as a Protected Geographical Indication (PGI) in the European Union in 2022, creating an important platform to protect and differentiate the product internationally.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වයෙන් ඔබ්බට ගොස් තිරසර ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස ඇති බව මෑතකාලීන ආර්ථික සාධක රැසකින් පැහැදිලි වන බවත්, එම ස්ථාවරත්වය මත රට පරිවර්තනීය යුගයක් කරා ගෙන යාම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
2027 අයවැය නොවැම්බර් 12 සිට දෙසැම්බර් 14 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ
දීපව්‍යාප්ත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන් සඳහා පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේන බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 3,083,755,000.00 (රුපියල් තුන් බිලියන අසූතුන් මිලියන හත්සිය පනස්පංචදහස) ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 395,315,000.00 (රුපියල් තුන්සිය අනූපන් මිලියන තුන්ලක්ෂ පනස්පහස) ක මුදලක් ලබන 01 වැනිදා අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.27ක් ලෙස සහ විකුණුම් මිල රු. 335.28ක් ලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කළ වාර්තා පෙන්වා දෙයි.
ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය.
2026 නොවැම්බර් 01 වනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උස්බෙකිස්ථානයේ Centrum Air ගුවන් සේවය විසින් 2026/27 උතුරු ශීත සෘතුව වෙනුවෙන් Tashkent නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.
ඉදිරි අයවැයෙන් පොත් සඳහා පනවා ඇති වැට් බදුවල වෙනසක් සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව අස්වැසුම ප්‍රතිලාභී පවුල් හා අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබේ.
Page 1 of 281