2025 වසරේ පළමු මාස හය තුළ මෙරට ගුවන්යානා ඉන්ධන අලෙවිය ලීටර් මිලියන 21කින් ඉහළ ගොස් ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 2024 වසරේ එම කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම වර්ධනය සටහන්ව ඇති බවයි.
ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ, කලාපයේ අනෙකුත් රටවල් සමඟ තරගකාරී මිළ ගණන් පවත්වාගෙන යාම හරහා ගුවන්යානා ඉන්ධන අලෙවිය ඉහළ නැංවීමට හැකිවූ බවයි.
මෙම ඉහළ යාම රටේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි සංස්ථාව බලාපොරොත්තු වේ.