දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ සුහද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන රුමේනියාව, ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර සහ සේවා වැනි ක්ෂේත්‍රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත්ව තිබේ.
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු කිරීමට නියමිතය.
මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍යය අද (20) සවස් කාලයේ පැවැත්වීමට නියමිතයි.
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්චස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වසර 50ක කාලසීමාවකට සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ග්‍රාමීය සංවර්ධනයට රජය වෙන් කර ඇති මුදල් උපයෝජනය කිරීමේ දී ප්‍රජා සංවර්ධන සභා කාර්යභාරය සුවිශේෂයි
සමාජ සවිබල ගැන්වීම තුළින් දිළිඳුකම පිටු දැකිම සහ ආර්ථික සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවෙන් නව රජය හඳුන්වා දී ඇති ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය මේ වන විට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වන අතර එම සැලසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.
2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සිංහල හා දෙමළ පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියරේ නිවාඩුව අවසන්ව දෙවැනි අදියර අද (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්යාංශය දැනුම් දෙයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ගෙන තිබේ.
බේස්ලයින් මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Page 1 of 637