2021 වසරේදී හා ඉන් අනතුරුව ආරම්භ කරන ලද ව්යාපෘති 18ක ඉදිකිරිම් කටයුතු ආර්ථික අර්බුදය හමුවේ උද්ගත වූ ගැටලු හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ව්යාපෘතිවල කටයුතු නැවත ආරම්භ කර ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
තාවකාලිකව අත්හිටුවීමට, ක්රියාත්මක කිරීමේ වේගය අඩාල කිරීමට හෝ අන්යෝන්ය අවබෝධයෙන් අත්හිටුවීමට සිදු වී ඇති ව්යාපෘති 18ක් අතුරින්, ව්යාපෘති 06ක කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
ඒ අනුව, වැඩ අවසන් නොකරන ලද පහත සඳහන් ව්යාපෘති මෙලෙස ක්රියාක්මක කිරීමට අනුමැතිය ලැබී ඇත.
* වලපනේ යෝජිත සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකිරීම.
* දවුලගල සතිපොළ සහ රථගාල සංවර්ධනය.
* මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය.
* හබරණ සනීපාරක්ෂක පහසුකම් සහ භූ දර්ශන වැඩිදියුණු කිරීම.
* රුවන්වැලි සෑය රථවාහන නැවතුමේ සිට ජේතවනාරාමය දක්වා පෙත්මග සංවර්ධනය.
* පොළොන්නරුව නව නගරයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම.
* අම්පාර සතිපොළ ඉදිකිරීම.
* දෙයියන්දර බස් නැවතුම්පොළ සංවර්ධනය.
* ගම්පහ පොදු වෙළෙඳපොළ සංවර්ධනය.
* පේරලන්ද තෙත් බිම් උද්යානය සංවර්ධනය.
* පානදුර පොදු වෙළෙඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය.