Monday, October 12, 2026
Follow Us
Social and Equity

අලි මිනිස් ගැටුම සඳහා දීර්ඝ කාලීන විසදුම් විද්‍යාත්මකව සෙවීම සඳහා නව රජය විසින් ගෙන ඇති සැලසුමේ එක් පියවරක් ලෙස වන අලින්ගේ ස්වාභාවික ආහාර හා ජල අවශ්‍යතා වනාන්තර පද්ධතිය තුළදීම තිරසරව සපුරාලීමේ වැඩසටහන පරිසර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමාගේ උපදෙස් පරිදි අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් සාර්ථක ලෙස ක්‍රියාත්මක කරනු ලබයි.

Social and Equity

ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා අඛණ්ඩව ඖෂධ සැපයීම වෙනුවෙන් ඉන්දීය රජය දැක්වූ ක්ෂණික සහයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ස්තූතිය.

Social and Equity

13 වන ලෝක ස්ට්‍රෙන්ත් ලිෆ්ටින් ශූරතාවලියේ (World Strength Lifting Championship) 'හැක් ලිෆ්ට්' (Hack Lift) ඉසව්වේ කිලෝග්‍රෑම් 95න් පහළ බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කෝප්‍රල් දුලිත් දසනායක නව ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

Social and Equity

දීර්ඝ කාලයක් පුරා ඇණහිට පැවති කන්දකැටිය, බදුලු ඔය අමුණ උසස් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතියේ වත්මන් භෞතික ප්‍රගතිය 80%ක් දක්වා ළඟා වී ඇති අතර, එහි ක්ෂේත්‍ර නිරීක්ෂණයකට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා එක් විය.

Social and Equity

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.

Social and Equity

 

ශ්‍රී ලංකාවේ රැකවරණ සේවා ක්ෂේත්‍රය වඩාත් විධිමත්, වෘත්තීයමය සහ ගෞරවනීය වෘත්තීය ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන Caregiver – NVQ Level 03 සහතික පත්‍ර පාඨමාලාවේ පළමු පුහුණු කණ්ඩායමේ පුහුණුව කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේදී පසුගියදා (01) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Social and Equity

රටේ  සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනයයි. පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණයි

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

Social and Equity
රජයේ ඉලක්කය, ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, සියලු දෙනාට තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවත්, ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය මගින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Social and Equity

"පාසල් පෝෂණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 33,600ක මුදලක් 2026 වසරේදී රජය වෙන් කර තිබෙනවා"

-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

Social and Equity

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට හෙට (11) පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

Social and Equity
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා පත් කරනු ලැබ තිබේ.
Social and Equity
විභාග සමත්වීමට පමණක් සීමා නොවී පාසලේදී ලබා ගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයට යොදා ගැනීමේ හැකියාව මෙන්ම සමාජීය හා ආවේගාත්මක කුසලතා සහිත දරුවන් බිහි කිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Social and Equity

මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කරමින් මෙහෙයවිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

Social and Equity

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.

Social and Equity

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කොළඹ නගරය අවට පිහිටා තිබෙන මහල් නිවාස සංකීරණ 24ක් ආශ්‍රිතව පවතින ගැටලු සම්බන්ධව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණ.

Social and Equity

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Social and Equity
පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ගමනාගමනය සඳහා නව පාලමක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
Social and Equity

පසුගිය මාස දෙක තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා 17,506ක් නිකුත් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යා නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කුරුවිට බන්ධනාගාරය තුළ ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි.

ඒ අනුව අගොස්තු මාසය තුළ වාර්තා 9,061 ක් සහ සැප්තැම්බර් මාසය තුළ වාර්තා 8,445 ක් නිකුත් කිරීමට කටයුතු ඇත.

බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා කඩිනම් කිරීමට හා ප්‍රජා විශෝදන පනත ඇතුළු අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කටයුතු කර ඇති බව ද එහිදී අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.