Saturday, July 27, 2024
Follow Us
Beauty

සේවාදායකයා සතුටු කරන අන්දමේ ෆේෂල් එකක් කරන්න මඟ පෙන්වීමේ පළමුවැන්න පසුගිය සතියේ ඉදිරිපත් කළා.

ෆේස් වොෂ්, ඩීප් ක්ලෙන්සර්, ටෝනර් ආදියෙන් පිරිසුදු කරගත් මුහුණ ෆේෂල් එකක් සඳහා කරන සූදානම කොයිවගේද කියලා බලමු.

Beauty

නිල්වන් දෙනයනක්, නාදලුවන් දෙතොලකට හිමිකම් කියන්නට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි. එවන් ඇස් දෙකකට, තොල් දෙකකට මේක්අප් කිරීමෙන් පසු ලැබෙන්නේ අපූර්වතම ආශ්චර්යයකි.

Beauty

යොවුන් දියණියගේ හැඩ වඩාත් ඔප්නැංවෙන මේ සොඳුරු ගවුම් විලාසිතාව අද මඟ තොටේ ඔබ නෙතු ගැටෙන ජනප්‍රිය විලාසිතාවකි. යෙහෙළියන් සමඟ විනෝද ගමනකට වගේම සාමාන්‍ය ගමනකදී සැරසී යාමටත් ගැළපෙන අපූරු විලාසිතාවකි. ඔබේ දෑතින් මසා ගන්නා මේ ගවුම සඳහා රෙදි තෝරා ගැනීමට වග බලාගන්න.

Beauty

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා.

Beauty

නිරතුරුවම අලුත් සිතුම් පැතුම්වලින් හෙබි රූපලාවණ්‍ය ශිල්පිනියක්වන ඔබ මේක් අප් කිරීමේදී ඒ සඳහා නවීන පන්නයේ ශිල්පීය ක්‍රම භාවිත කරන්නියක් විය යුතුයි. ඔබේ රූපලාවණ්‍යාගාරය වෙත ගනුදෙනුකරුවන් ඇදී එන්නේ ඒ අනුවයි.

Beauty

රූපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ අනගි අවස්ථාවයි මෙතැන් පටන් දිගහැරෙන්නේ. මේ ලිපි මාලාව රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස තම වෘත්තිය පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අයට මෙන්ම රූපලාවණ්‍ය කෙරෙහි නොතිත් ආශාවෙන් පෙළෙන ඔබටද වැදගත් වනු ඇති. ඒ අනුව පළමුව දිගහැරෙන්නේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමේ වැදගත්කමේ සිට රූපලාවණ්‍ය ශිල්පියකු විසින් වැඩි දියුණු කරගත යුතු, ගුණාංග සහ ආකල්ප පිළිබඳ යි.

රූපලාවණ්‍ය ශිල්පිනිය

රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන තැනැත්තකු හෝ තැනැත්තියක් රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස හැඳින්වේ. මෙම වෘත්තිය තෝරා ගන්නා කෙනකු වඩා කාර්යක්ෂම සහ ප්‍රියමනාප අයකු විය යුතුයි.

මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස මූලධර්ම නිසි පරිදි හදාරා තිබීමත් තම අත්දැකීම්ද එක්කොට සාර්ථක ලෙස රූපලාවණ්‍ය කටයුතුවල නිරත වීමත් වැදගත් වේ. එහිදී උනන්දුවෙන් හා සුපරික්ෂාවෙන් කටයුතු කිරීමෙන් තම අරමුණු හා අපේක්ෂා සාර්ථක කර ගත හැකි වනු ඇත.

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස සියලුම අංශ හදාරා තිබුණද අවශ්‍ය නම් එක් අංශයක් පමණක් වුවද ප්‍රගුණ කළ හැකි වේ. එහිදී පහත පරිදි තමන්ගේ කැමැත්ත අනුව එක් අංශයක් වුව තෝරා ගැනීමේ හැකියාව ඇත.

* Beautician (රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස)

* Nail Decorator (නිය අලංකරණ ශිල්පියකු ලෙස)

* Make- up Artist (මුහුණ හැඩගන්වන ශිල්පියකු ලෙස)

* Bridle Dresser (මනාලියන් හැඩගන්වන ශිල්පියකු ලෙස)

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමේදී මුදල් උපයා ගැනීම පමණක් නොව කායික හා මානසිකව ද තෘප්තියක් ලැබිය යුතුය. එනම් න්‍යායික දැනුම (Theory) පමණක් නොව ප්‍රායෝගිකව ද (Practically) හොඳින් ඉගෙන ගෙන තිබීම වැදගත් වේ.

රූපලාවණ්‍ය පිළිබඳ කෙතරම් දැනුම දියුණු කළ ද තම දේශයට හා සංස්කෘතියට ගැළපෙන පරිදි රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමට රූපලාවණ්‍ය ශිල්පියෙක් කටයුතු කළ යුතු වේ.

Beauty

ඔයා මෙච්චර කාලයක් හිතුවේ අත්වල ලස්සන ගැන විතරද? පාදවල ලස්සන ගැන හිතුවෙම නැද්ද? ඔයා දන්නවද, පිරිමි උදවිය ගැහැනුන්ගේ පාදවල ලස්සන පිළිබඳ වඩාත් උනන්දුයි කියලා.

රූපලාවණ්‍ය ලෝකයේ පෙඩිකියු සත්කාරය වෙන්වන්නේම පාදවල පිරිසුදු බව හා හැඩවැඩ සඳහාමයි.

Beauty

අනවශ්‍ය රෝම ඉවත් කිරීම රූපලාවණ්‍යයේ සුවිශේෂී අංගයක්. ලස්සන වෙන්න හිතන අයට අනවශ්‍ය රෝම තිබීම බාධාවක්.

Beauty

බෙල්ල කළු වීගෙන එන බව හෝ දැනටමත් අවපැහැ වී ඇති බව සිතමින් ඔබ සිත් තැවුලෙන් ඉන්නවා ද? එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. හිරු එළියට නිරාවරණය වීම, හෝමෝන සහ සම ආශ්‍රිත තත්ත්වයන් නිසා බෙල්ලේ සම අඳුරු වීමට ඉඩ ඇත. කළු බෙල්ලේ තත්ත්වය, එම බෙල්ල ප්‍රදේශයේ සම ඝන හෝ රළු වීමට බලපායි. මෙය සාමාන්‍යයෙන් භයානක තත්ත්වයක් නොවේ.

Beauty

මෙනිකියු සහ පෙඩිකියු ලෙස හඳුන්වන්නේ රූපලාවණ්‍යාගාරයකදී රූපලාවණ්‍ය ශිල්පියකු විසින් දෙඅත් සහ දෙපා සඳහා කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකි.

නියපොත්තේ වැඩීම සාමාන්‍යයෙන් මසකට සෙන්ටිමීටර් 0.3 ක් පමණ වේ. නියපොතු වර්ධනය වීම කෙරෙහි පෝෂණය හා සෞඛ්‍යසම්පන්න බව බලපායි. මේ අනුව එකිනෙකාගේ නියපොතුවල ඝනකම හා වැඩිමේ වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් අතේ නියපොතුවල වර්ධන වේගය කකුලේ නියපොතුවල වර්ධන වේගයට වඩා දෙගුණයක් වැඩිය.

Beauty

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා බොහෝ දෙනා රූපලාවණ්‍යාගාරයක පිහිට පතන්නට පුරුදුව සිටියි. මේ නිසා රූපලාවණ්‍ය යේ දී අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සුවිශේෂි තැනක් හිමි වෙයි.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා රූපලාවණ්‍යාගාරයක පිහිට පතා පැමිණෙන ගනුදෙනුකරුවකුගේ අවශ්‍යතාව මනා අවබෝධයකින් යුතුව කළ යුතුවේ.

Beauty

හිසෙහි ඇති හිසකෙස් හැරුණු කොට සිරුරේ අනෙකුත් ස්ථානවල ඇති හිසකෙස් නැතහොත් රෝම කෙනකුට අඩු වැඩි වශයෙන් පීඩා ගෙනදෙයි. ලේසර් හිසකෙස් ඉවත් කිරීම යනු ශරීරයේ විවිධ ප්‍රදේශවල රෝම ඉවත් කිරීම සඳහා ලේසර් හෝ සාන්ද්‍රිත ආලෝක කදම්භයක් භාවිත කරන ක්‍රියා පටිපාටියකි.

Beauty

නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගැහැනු ළමයකුගේ හීනයක්. හැබැයි හීන බලපු පළියට තමන්ට දිදුලන සමක් අයිති කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක්ම තමයි.

Beauty

හිසකේ විලාසිතාවලට මෝස්තර ලෝකයේදී ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. විලාසිතාවන් දැමීම දක්වා හිසකේ වඩවා සකසා ගැනීමත් එම මෝස්තර ලෝකයේ සැලකිය යුතු රාජකාරියක් වී තිබේ. මෝස්තර ලෝකයේදී යැයි අප කීවාට හිසකේ විලාසිතාවක් දැමෙන්නේ මෝස්තර සංදර්ශනයකදී හෝ විලාසිතා දැක්මකදී පමණක් නොවේ. අද සාමාන්‍ය ගමනට බිමනටත්, විනෝද ගමනටත්, මඟුල් ගෙදරටත් කාන්තාවට හිසකේ විලාසිතාව නැතිවම බැරි දෙයක් වී තිබේ.

Beauty

අඩුපාඩුවකින් තොරව ඇඳුමක් මසන්නට ඉගෙන ගැනීම කොතරම් වටිනවාද? ලොකු ආර්ථික සටනක යෙදෙන අද කාලේ එහි අගය නිමක් නැහැ. මේ අත්වැල ආදරණීය ඔබටම ඔබේ ඇඳුම මසා ගැනීම උදෙසායි.

Beauty

සුදු වෙන ක්‍රීම් ගෑම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වී තිබේ. ඒ තරමටම අපේ තරුණියන් සම සුදුවෙන ආලේපන ගෑමට උනන්දුය. මේ ප්‍රවණතාවය දවසින් දවස වැඩිවෙන පසුබිමක විවිධ වර්ගයේ සුදුවෙන ආලේපන පමණක් නොව එන්නත් වර්ග පවා භාවිතයට තරුණියන් මෙන්ම තරුණයන් ද පෙළඹී තිබේ. වයස් සීමාවකින් තොරව ඉතා කුඩා වයසේ පාසල් දරුවන් පවා මෙලෙස සුදුවෙන ආලේපන භාවිත කරනු ලබන්නේ කිසිදු නියාමනයක් නොමැතිවය.

Beauty

රූපලාවණ්‍යාගාරයේ උපකරණවල පිරිසුදුකම

රූපලාවණ්‍යාගාරයක් සිත් ළගන්නාසුලු පෙනුමින් යුතු වීමෙන් පාරිභෝගිකයා ඒ වෙත ඇදී එන්නේ නිරායාසයෙනි. බාහිර පෙනුම සේම රූපලාවණ්‍ය ශිල්පියාගේ වැඩ පහසු කරන උපකරණද රූපලාවණ්‍යාගාරයක තිබිය යුතුම වේ.

Beauty

තෝඩු දෙන්නෙ උරුමක්කාරයොලු. හැමෝම කියන්නෙ එහෙමයි. ඇත්ත, මුලින්ම කන් විද්ද දවසෙ ඉඳන් මේ වෙනකම් මට තෝඩු අරන් දුන්නෙ මේ ලෝකෙ මට ඉන්න සැබෑම උරුමක්කාරයො දෙන්නා.

ඉතින් කොහොමද කියන්නෙ තෝඩු දෙන්නෙ උරුමක්කාරයො නෙවෙයි කියලා. ඒ නිසා මට මෙතෙක් කල් තෝඩු දීපු මගේ උරුමක්කාරිට මං හිතුවා පුංචි තෝඩු දෙකක් තිළිණ කරන්න. මේ ලබන්නේ අම්මගේ 50 වැනි උපන් දිනය. ඒ නිසා මගේ දෑතින්ම මගේ අම්මට රෙසින් තෝඩු දෙකක් නිර්මාණය කරන්නයි මේ සූදානම.

සති කිහිපයක්ම රෙසින් නිර්මාණ ගැන කතා කළ නිසා දැන් බොහෝ දෙනාට රෙසින් ගැන හොඳ අවබෝධයක් ඇති. රෙසින් නිර්මාණයක වැදගත්ම දෙය මිශ්‍රණය සකස් කිරීමත් නිර්මාණාත්මක හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමත් ය.

රෙසින් මිශ්‍රණය සැකසීමේදී රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍රකර ගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකටවන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුලු මතු වීමෙන් ගුණාත්මක නිර්මාණයක්කර ගැනීමට නොහැකි වේවි.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිණුන විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව හොඳින් වැටහේවී.

තෝඩු නිර්මාණය කිරීමට වෙනම ජුවලරි මෝල්ඩ් තිබෙනවා. ඉතින් ඔබ කැමැති වර්ගයේ මෝල්ඩ් එකක් ඒ සඳහා තෝරා ගන්න පුළුවන්. අපි ඒ සඳහා තෝරගෙන තියෙන්නේ කොටු හැඩයේ මෝල්ඩ් එකක්. මෙය ටසල් එකක ආකාරයෙන් එල්ලෙන තෝඩු දෙකක් ආකාරයටයි නිර්මාණය කරගන්නේ.

රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. මෙය නිර්මාණය කිරීමට අප භාවිත කරන්නේ කලු පැහැ වර්ණයයි. ඉහත සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් කප් එකකට දමා කළු පැහැ මයිකා පවුඩර් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු කලු පැහැ වර්ණකය ජුවලරි මෝල්ඩ් එකට එක් කරන්න. එය වියළී ඇලෙන මට්ටමට එන විට රූපයේ දැක්වෙන පරිදි ගෝල්ඩ් වර්ණ ස්ටෝන් කැබලි අලවා ගන්න. එයත් හොඳින් වියැළුණාට පසු විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් උඩින් දමා ගන්න.

මෙය පැය 12ක් පමණ හොඳින් වියැළෙන්නට තබා මෝල්ඩ් එකෙන් ගලවා ගන්න. ගලවා ගත් තෝඩුවේ සිදුර තුළින් ගෝල්ඩ් පැහැ රින්ග් එකක් යවා කරාඹු නිර්මාණය කිරීමට භාවිත කරන කොක්කක් සම්බන්ධ කරන්න. මේ ආකාරයට අනෙක් තෝඩුවත් නිර්මාණයකර ගන්න. මේ තෝඩු දෙකට අමතරව ඊටම ගැළපෙන පෙන්ඩනයක්ද මේ මෝල්ඩ් එකෙන්ම සැකසිය හැකි නිසා රූපයේ දැක්වෙන පරිදි පෙන්ඩනයක් ද සකසා ගත හැකිය.

කොටු හැඩැති තෝඩු පමණක් නොව මේ විදිහේ රවුම්, ත්‍රිකෝණ, මල්, සමනලුන්, තරු වැනි ඕනෑම හැඩයකින් තෝඩු නිර්මාණයකර ගන්න පුළුවන්.

මෙවැනි තෝඩු සැකසීමේදී තමන්ගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රයෝජනයට ගනිමින් විවිධ ආකාරයෙන් තව තවත් අලංකාරකර ගන්නත් පුළුවන්.

 

-Tharunie