Tuesday, November 03, 2026
Follow Us
බේචු කිම්චි Baechu Kimchi

සාම්ප්‍රදායික කොරියානු කිම්චි ස්ටූවකි.

පහත සඳහන් ප්‍රමාණ ගෝවා කිලෝග්‍රෑම් 1ක් සඳහාය.

අමුද්‍රව්‍ය

නාපා ගෝවා (Chinese Cabbage) කිලෝ ග්‍රෑම් 1ක්

කැට ලුණු ග්‍රෑම් 60ක්

වතුර ලීටර් 1ක් පමණ

කොරියන් රතු මිරිස් කුඩු (Gochugaru) ග්‍රෑම් 50ක්

මාළු සෝස් මිලි ලීටර් 40ක්

සුදුලූනු ග්‍රෑම් 30ක්

ඉඟුරු ග්‍රෑම් 8ක්

සීනි ග්‍රෑම් 10ක්

ලූනු ග්‍රෑම් 80ක්

රාබු ග්‍රෑම් 150ක්

ලූනු ගස් ග්‍රෑම් 50ක්

තිරිඟු පිටි හෝ සහල් පිටි ග්‍රෑම් 50ක්

මෙහිදී ලුණු දැමූ ඉස්සන් සොයාගත හැකිනම් රසය වැඩියි. නැත්නම් මාළු සෝස් යම් ප්‍රමාණයක් වැඩියෙන් යොදා ගන්න පුළුවන්. කොරියන් මිරිස් කුඩු (Gochugaru) වෙනුවට සාමාන්‍ය මිරිස් කුඩු භාවිත කිරීමෙන් සාම්ප්‍රදායික කොරියානු රසය හා වර්ණය වෙනස් වෙනවා.

සාදාගන්නා ආකාරය

ගෝවා දිග අතට කොටස්වලට කපා, ලුණු සහිත වතුරේ හෝ ලුණු යොදා ස්තර අතර ලුණු හොඳින් තවරා පැය 2–4ක් පමණ ගෝවා කොළ මෘදු වන තුරු තබන්න. ගෝවා ප්‍රමාණය අනුව කාලය වෙනස් විය හැකියි.

පසුව ගෝවා හොඳින් සෝදා අතිරික්ත ලුණු ඉවත් කර වතුර බැසීමට තබන්න.

පිටි මිශ්‍රණය

ළිපේ තැබිය හැකි පෑන් එකක් ගෙන පිටි ග්‍රෑම් 50ක් දමා වතුර මිලි ලීටර් 100ක් දමා හොඳින් මිශ්‍ර කර මඳ ගින්නේ තලපයක් ගානට ගන වන තුරු හැඳි ගාමින් ගන වුණාට පසු ළිපෙන් බා නිවෙන්න තියන්න.

කිම්චි සෝස් එක

සුදුලූනු, ඉඟුරු, ලූනු, මාළු සෝස්, ලුණු දැමූ ඉස්සන් (අනිවාර්ය නැත), පොතු ඉවත් කර ගත් ඇපල් ගෙඩියක් බ්ලෙන්ඩර් කර එම මිශ්‍රණයට සීනි සහ පිටි මිශ්‍රණය එකතු කර පේස්ට් එකක් සාදාගන්න.

එයට කොරියානු රතු මිරිස් කුඩු, සිහින්ව කැපූ රාබු සහ ලූනු ගස් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

ගෝවා කොළ අතරට මෙම මිශ්‍රණය තවරා පිරිසුදු භාජනයකට අසුරන්න.

පැසවීම ආරම්භ වන තෙක් සුදුසු උෂ්ණත්වයක තබා, අවශ්‍ය පැසවීමේ මට්ටම ලැබුණු පසු (දිනක් ප්‍රමාණවත්) ශීතකරණයේ ගබඩා කරන්න.

- Tharunie