Thursday, February 19, 2026
Follow Us
කතිර මැහුම් කලාවෙන් මැවෙන සිත්තම

කතිර රටා ගෙත්තම් මවනා සිත්තම් අතරින් මේ ගෙන එන්නේ ටියුලිප් මලින් හැඩ කළ අනගි නිර්මාණයකි. ආලින්දයේ බිත්තිය සරසන්න වගේම කොට්ට උර, ඇඳ ඇතිරිලි සරසන්නත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි

නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු

අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්

රාමුව

ඉදිකටු

කතුර

නිර්මාණය කිරීම:-

මෙම නිර්මාණය අඟල් 3.5 x 4.0 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.