අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 100g
උඳු පිටි 100g
බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්
තම්බා ගත් අල 500g
ලූනු ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
කරපිංචා
මිරිස් කුඩු තේ හැඳි 2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
ගරම් මසාලා තේ හැඳි 1/2ක්
අබ තේ හැඳි 2ක්
සුදුලූනු බික් 3-4ක්
සාදන ආකාරය
පෑන් එකකට තෙල් දමා රත් වන විට සිහින්ව ලියා ගත් ලූනු, සුදුලූනු, අබ සහ කරපිංචා එක් කර තෙම්පරාදු කරන්න. එයට මිරිස් කුඩු, කහ කුඩු, ගරම් මසාලා සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව තම්බා පොඩි කර ගත් අල මේ සමඟ එක් කර කලවම් කර ළිපෙන් බා ගන්න. පිටි මිශ්‍රණය (Batter) සඳහා: හාල් පිටි, උඳු පිටි, මිරිස් කුඩු, කහ කුඩු, බේකින් පවුඩර් සහ ලුණු බඳුනකට දමා වතුර ස්වල්පය බැගින් එක් කරමින් උකු දියරයක් සාදා ගන්න. අල මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා, සාදා ගත් පිටි මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ රන්වන් පැහැ වන තෙක් බැද ගන්න.
Tharunie