Monday, June 22, 2026
Follow Us
මික්ස් වෙජිටබල් කරිය

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දම්පාට ගෝවා කොටු කපා ග්‍රෑම් 100
  • සුදු පාට ගෝවා ලොකු කොටු ග්‍රෑම් 100
  • රතු රාබු ලොකු කොටු ග්‍රෑම් 100
  • කහපාට සුකිනි කුඩා කොටු කපා ග්‍රෑම් 100
  • කොළ පාට සුකිනි කොටු කපා ග්‍රෑම් 100
  • අන්නාසි කොටුකපා කෝප්ප 1
  • රතු ළුණු ගෙඩි 10 පමණ
  • කොටු කපා ගත් තක්කාලි ගෙඩි 2
  • කුරුඳු පවුඩර් තේ හැඳි 1
  • කරි කුඩු තේ හැඳි 1
  • දෙහි ඇඹුල් මේස හැඳි 1
  • උකු පොල්කිරි කෝප්ප 2
  • තලා ගත් සුදු ළුණුතේ හැඳි 1/2
  • රම්පෙ කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රමය:

බඳුනකට බටර් දමා රත්වන්නට හැර සුදු ළුණු,රම්පෙකරපිංචාකුරුඳු පවුඩර් එකතු කර කරි පවුඩර් කහ කුඩු ඇතුළු සියල්ල එකතු කර තරමක් තෙම්පරාදු කරන්නඑයට එළවලුරතු ළුණු සමඟ තක්කාලි සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ විනාඩි 2 වසා තබන්නවතුර හොඳින් හිදෙන තුරු හැන්දෙන් සෙමෙන් මිශ්‍ර කර පිසින්නකිරි උතුරුවා ලිපෙන් ඉවතට ගන්නඅවසානයට අන්නාසි සහ දෙහි ඇඹුල් එකතු කරන්න.

- අන්තර්ජාලයෙන්