මේ වූල් කලාවෙන් ඔබට තිළිණ කරන අනගි ටේබල් මැට් කිහිපයකි.

Handmade

සාරි ජැකට් විලාසිතා නම් කොච්චර තියෙනවාද? ඒත් ඒ හැම මෝස්තරයක්ම හැමෝටම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. විවාහ ගිවිස ගැනීම වැනි සුවි‍ෙශ්ෂී අවස්ථාවකට ගැළපෙන සාරි හැට්ට මෝස්තරයකි මේ.

Handmade

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ හිතනවටත් වඩා පහසුයි. දුවගේ පුතාගේ නිදන ඇඳට මේ වගේ හුරුබුහුටි සොෆ්ට් පිලෝ කිහිපයක් එකතු කර ගන්න පුළුවන් නම් කෙතරම් අගනේ ද?

නිවෙසේ විසිත්ත කාමරයේ තියෙන සෝෆා එකටත් වෙනස්ම පෙනුමක් ලබා ගන්න පුළුවන් මේ අපූරු පිලෝ එක ඔබත් නිර්මාණය කර බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති පාටකින් ෆිලිස්, වෙල්බෝවා, ප්ලේබෝවා වැනි කැමැති රෙදි වර්ගයක්

රෙද්දේ පාටට නූල්

ඉදිකටුවක්

පැඩින්

සාදා ගන්නා අයුරු

පුතාගේ නිදන ඇඳට නම් නිල් පැහැති රෙදි වර්ගයක් වගේම දියණියගේ නිදන ඇඳට රෝස පැහැති රෙදි වර්ගයක් යොදාගන්න පුළුවන්.

මේ මලට පෙති 5 හෝ 6 බැගින් යොදා ගන්න පුළුවන්. පළමුව පෙත්තක දිග සෙන්ටි මීටර් 20 පමණ ප්‍රමාණයට පතරොමට අනුව කපා ගන්න. ඒ අනුව එක පෙත්තකින් කොටස් දෙක බැගින් අවශ්‍ය ප්‍රමාණයට පෙති කපා ගන්න. මැෂින් එකක් භාවිතයෙන් මසා ගන්නව නම් පෙති හොඳපිට මුහුණට මුහුණට වටේට නෝමල් මැස්මෙන් පෙත්ත මසාගන්න. කොටසක් ඉතිරිකර මෙය හොඳපිට හරවා, පැඩින් පුරවා කට මසා ගන්න.

අතේ මැස්මෙන් මසනවා නම් හොඳ පිටට තබා රෙදි කොටස් දෙක වටේට බ්ලැන්කට් මැස්මෙන් මසාගෙන ගොස් පැඩින් පුරවා නිම කර ගන්න. මෙලෙස පෙති කොටස් 5ම පැඩින් පුරවා ගත් පසු පෙත්තෙන් පෙත්තට සම්බන්ධ කර ගන්න. නූලක් මඟින් මෙය මසාගෙන සම්බන්ධ කර ගත හැකියි. ඉන්පසු මැද කොටස සඳහා සෙන්ටිමීටර් 29 ප්‍රමාණයේ රවුම් කොටස් 4ක් කපාගෙන කොටස් දෙකක් බ්ලැන්කට් මැස්මෙන් එලෙසම මසාගෙන පැඩින් පුරවා මලේ මැද කොටසට හොඳින් සම්බන්ධ කර ගන්න. මලේ මැද දෙපැත්තටම මෙලෙස රවුම් කොටස් දෙක අලවා ගන්න.

-Tharunie

Handmade

කිතුනු බැතිමතුන් මේ දිනවල වඩාත් කාර්යබහුල ඇති. නිවෙස ලස්සනට සැරසීම ඒ අතරින් ප්‍රධාන කාර්යයක් වන්නට පුළුවන්. නත්තල වෙනුවෙන් නත්තල් ගස්, ගවලෙන් වගේම ඒ වෙනුවෙන් සකසන විවිධ නත්තල් සැරසිලි නිර්මාණය කරන්නට ඔබ මේ වන විටත් සූදානම් වෙනවා නේද?

බලන්න, මේ නිර්මාණ පෙළ ඔබට ඒ සඳහා අත්වැලක් සපයාවි.

එසේ නම් කොළ, රතු, නිල්, සුදු සහ කහ වර්ණ එක් වී මැවෙන රටාවලින් ලැබෙන නත්තල් අසිරිය සිරි සේ විඳගන්න.

කුස්සියේ හැඩට පොට් හෝල්ඩර්

අවශ්‍ය ද්‍රව්‍ය :-

රතු හෝ ගැළපෙන පාට රෙදි කොටසක්

එම පාටට ගැළපෙන මුද්‍රිත රෙදි කොටසක් සුදු පාට රෙදි කොටසක් (ෆෙල්ට් රෙදි කැබැල්ලක් වඩාත් සුදුසුයි)

පයිපින් සඳහා ගැළපෙන පාට රෙදි කොටසක්

පැඩින් ෂීට් කොටසක්

පිටුපස ආවරණය කිරීමට ගැළපෙන පාට රෙදි කැබැල්ලක්

නිර්මාණය කිරීම:-

රූප සටහන්වල පෙනෙන අයුරින් ABCD කොටස් ගැළපෙන පාටවලින් කපාගන්න.

රතු පාට රෙදි කැබලිවලින් නාසය සඳහා ඕවල් (Oval) හැඩ රවුම සහ කකුල් දෙක සඳහා අඩසඳ කොටස් දෙකක්‌ කපා ගන්න. රූප රාමුවේ පෙනෙන ලෙස සිග්සැග් මැස්මෙන් ඇප්ලික් කර ගන්න.

මේ කොටස් කපා ගැනීමේදී මැහුම් වාසි එකතු කර ගත යුතුයි. සියලු මැහුම් අද්දර සිග්සැග් ක්‍රමයට මැෂිමෙන් මසා ගැනීමටද පුළුවන්. පසුව සම්පූර්ණ කර ගත් එම හැඩයට ලයිනින් කැබැල්ලක් කපාගන්න.

ඉදිරිපස කොටස හා ලයිනින් කැබැල්ල අතර මැදට එම හැඩයම කපාගන්න. පැඩින් කැබැල්ලක් එකතු කර ගන්න. පොට් හෝල්ඩර් එකට අත දැමීම සඳහා පිටුපසින් සාක්කුවක් එකතු කර ගැනීමට අවශ්‍යය.

දෙවැනි රූප රාමුව අනුව සාක්කුව කපාගෙන එය දෙකට නමා පොට් හෝල්ඩර් එකේ යට කොටසට එකතු කර ගන්න. මෙම කොටස් හතර එනම් පොට් හෝල්ඩර් එකේ මතුපිට, පැඩින්, ලයිනින් සහ සාක්කුව පිළිවෙළට එක මත එක තබා වටේට නූල් ඇඳගන්න. ඉන්පසුව පොට් හෝල්ඩර් එක වටේට ගැළපෙන පාටකින් පයිපින් කර ගන්න. එල්ලීම සඳහා රෙදිවලින් මුදුවක් මසාගන්න. අඟල් 3 1/2 විෂ්කම්භය ඇති රෙදි රවුමක් කපා ගන්න. එය වටේට රැළි මැස්මක් මසා මැද්දට පුළුන් ටිකක් තබා ගන්න. කුඩා බෝලයක් සාදාගෙන ඒ රෙදි මුදුව ළඟින් මසා සවිකර ගන්න.

හැඳි ගෑරුප්පු රඳවන නත්තල් ගහ

නත්තලට ඔබේ නි‍ෙවසේ නත්තල් කෑම මේසය සරසා ගැනීමට අලංකාර නත්තල් ගසක හැඩයේ හැඳි ගෑරුප්පු රඳවනයක් සාදා ගැනීමට අනගි අවස්ථාවක් මෙන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:-

ඝනකම පෙල්ට් කැබැල්ලක් (ගැළපෙන පාටකින්)

හිම පෙති කීපයක් (මේවා වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි)

රිබන් කැබැල්ලක්

නිර්මාණය කිරීම -

රූපයේ දැක්වෙන අයුරින් එම හැඩයට නත්තල් ගස කපා ගන්න.

අනුව කඩ ඉරිවලින් දක්වා ඇති රේඛා මත තීරු කැපුමක් යොදා ගන්න.

ඉන්පසු හිම පෙති අලවා හැඩ කර ගන්න.

හිම පෙති නොමැති නම් කුඩා තරු හෝ බෝල හැඩයට කපා ගත් ෆෙල්ට් කොටස්වලින්ද හැඩ කර ගත හැකියි.

ගැළපෙන පාටකින් රිබන් බෝ එකක් සාදා තීරු කැපුම මැද්දට අලවා ගන්න.

-Tharunie

Handmade

තම දූ පුතුන් පාසලට, පෙර පාසලට ඇතුළත් කිරීමේදී අලුත් සපත්තු, මේස්, පොත්පත් වගේම අලුත්ම විලාසිතාවේ බෑගයක් තිළිණ කරන්නත් මවුපියන් අමතක නොකරයි. එහෙත් වෙනදාට වඩා ජනප්‍රිය සන්නාම ඇති බෑග්, සපත්තු මිලෙන් අධිකයි.

Handmade

චුටි බබාගෙ තනියට තොටිල්ලේ ඇඳෙහි පැත්තකින් තියන්න හුරතල් බෝනික්කෙක් මසා ගන්නා අන්දමයි මේ. අම්මාගේ අතින්ම බබාට මහලා දෙන්න පුළුවන්. මේ හුරුබුහුටි නිර්මාණයට වැයවෙන වියදමත් අඩුයි. ඉතින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න හිතන් ඉන්න ආදරණීය ඔබටත් මෙය කදිම අවස්ථාවකි.

Handmade

මැහුම් කලාව මුල ඉඳන් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමැති, තමන්ගේ ඇඳුම තමන්ගේ අතින්ම මහගන්න කැමැති, ආදරණීය කාන්තාවන් වන ඔබ වෙනුවෙනි.

තරුණී මැහුම් ඉස්කෝලේ මෙලෙස දිග හැරෙනුයේ.

ඒ විතරක් නෙවෙයි ඔබ කාර්යාලයට යන යුවතියක් නම් මෙය අපූරු Office Wear එකකි. කාන්තා ලාලිත්‍ය, හැඩය මනාව ඉස්මතු කර පෙන්වන විලාසිතාවකි.

කෝට් කොළරය සහිත මෙම ඇඳුම මූලික පතරොම අැසුරින් පහසුවෙන්ම නිර්මාණය කරගනිමු.

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 14

* පපුව වට = අඟල් 32

* ඉණ වට = අඟල් 26

* උකුළ වට = අඟල් 36

* කර පළල = අඟල් 5

උස මිමි

උරහිස සිට පපුව මුදුන

උස = අඟල් 9 1/2

උර සිට ඉණට උස = අඟල් 14

උර සිට උකුළට උස = අඟල් 21

උර සිට සම්පූර්ණ උස = අඟල් 23

කර වට = අඟල් 14

ඩාට් පරතරය = අඟල් 6

අත දිග = අඟල් 23

අත = අඟල් 7

මුලින් ලබාගත් මිමි ගණනය කරමු

උරහිස = 14/2 = අඟල් 7

පපුව වට = 32/4 + 1/2 = අඟල් 8 1/2

ඉණ වට = 26/4+ (ඩාට් 1)

= 6.5+ 1 = අඟල් 7 . 5

උකුළ වට = 36/4 + 1/2 (බුරුල)

= අඟල් 9 1/2

කර පළල = 5/2 = අඟල් 2 1/2

ඩාට් පරතරය = 6 /2 = අඟල් 3

අත වට = 7/2 = අඟල් 3 1/2

ඔබ ලබාගත් මිමි සංශෝධනය කරන්න. මෙම මිමි ඇසුරින් මූලික පතරොම් නිර්මාණය කරන්න. මුලින්ම ඉදිරිපස (Front) පතරොම සැකසිය යුතුයි.

ලකුණු කර ගත් උස රේඛා මත (Guide line) මත සංශෝධනය කළ හරස් මිමි ලකුණු කරමු.

අත සැකසීම -

අත දිග = අඟල් 23

අත දිග = අඟල් 7කි. අත වට තැන් තුනකින් මනින්න.

1. කෙටි අත

2. වැලමිට දක්වා අත

3. සම්පූර්ණ අත

මුලින්ම ඔබ සාදාගත් පතරොම් අත් කට දුර මනින්න. (ඉදිරි හා පිටුපස පතරොමේ) ඉදිරි අඟල් 6 1/2කි. පිටුපස අත් කට දුර අඟල් 7කි. අඟල් 1/2 ක බුරුලක් දෙන්න.

කොළරය සැකසීම -

අඟල් කර වට ඉදිරි හා පිටුපස මනින්න. (ඉදිරි අඟල් 2 1/2 හැර) එකතුව අඟල් 15කි.

මැසීමේ පියවර -

ඉදිරිපස ප්‍රින්සස් ලයින් හැඩයේ 1 කොටසේ (පේෂින් කොටසේ) ස්ටිප් අලවා කරට කර තබා Cl රේඛාව මසන්න. දැන් ප්‍රින්සස් ලයින් හැඩය ඇති කොටස් දෙක ඉදිරි පළු එකට මූට්ටු කරන්න. පිටුපස පළුවෙන් ප්‍රින්සස් ලයින් හැඩ එකට මූට්ටු කරන්න. Cl රේඛාව ඉණ දක්වා මසන්න. ඉණ සිට පහළට විවරය තබන්න. දැන් වෙනම ස්ටිප් තබා සැකසූ කොළරය පිටුපස මැදට තබා පේෂින් කොටස තබා මසන්න. අත අල්ලා අංශය මසන්න. පහත වාටිය මසන්න.

 

Tharunie

Handmade

මැහුම් කලාවේ ප්‍රමුඛතම එම්බ්‍රොයිඩර් කලාවට විවිධාකාරයේ මැහුම් රටා අවශ්‍යයි. අතෙහි තුඩග කෙමෙන් කෙමෙන් මවන්නේ ඒ විස්මිත මැහුම් රටාවේ අපූර්වත්වයයි. මෙන්න මේ වටිනා මැහුම් ක්‍රම ටික අද ඉගෙන ගන්නකෝ. ඔබ දැන් මේ ළඟා වෙන්නේ නෙතග වශීකරන එම්බ්‍රොයිඩර් මැහුමකට ජීවය දෙන්නයි.

Handmade

මොන දේත් කරන්න හිතද්දී අමාරුයි. කම්මැලියි. කෝ ඕවට බඩු... කෝ මැෂින්... ඕව කරන්න හොඳට කැපෙන කතුරු තියෙන්නෙ ඕනෙ. මට ගෙදර වැඩනෙ... කෝ ඕවට වෙලාවක්. ටික දවසක් ඉඳලම පොඩි ස්වයං රැකියාවක් කරනවා.

Handmade

පැච්වර්ක් කලාවට ළෙන්ගතු ඔබ ඉතුරු බිතුරු රෙදි කොටස් ඉවත නොදමන බව දනිමු. ඒ නිසාම එවැනි රෙදි කැබැලි කිහිපයක එකතුවෙන් මසාගන්න පුළුවන් කුෂන් කවරයක් නිර්මාණය කරගන්නා අයුරු කියා දෙන්නට සිතුවෙමු. නෙක වර්ණ රෙදි කොටස් මුද්‍රිත රෙදි කොටස් ගැළපීමෙන් නිර්මාණයේ විචිත්‍රත්වය දිස්වෙයි.

Handmade

රාත්‍රී නින්ද... මේ ගැන මතක් වෙන විටම දෙවනුවට මතක් වෙන්නේ සුවපහසු ඇඳුමකි. පිජාමා සූට් එක. කාන්තා පිරිමි භේදයකින් තොරව දෙපාර්ශ්වයේම අයට හැඩවිය හැකියි. එය රාත්‍රී නිදන ඇඳුම් අතරින් බොහෝදෙනෙක් ප්‍රියකරන වැඩි ඉල්ලුමක් පවතින රාත්‍රී ඇඳුම් කට්ටලයකි. මෙය මැසීම සඳහා ඇඟට සුවපහසු රෙදි වර්ග ඔබ තෝරාගත යුතුයි.

Handmade

අද කාලේ පුංචි දරුවන්ගේ ඇඳුම් මිලෙන් වැඩියි. ඒ නිසා ගෙදරදීම මසාගන්න උත්සාහයක් දරමු.

උසස් ප්‍රමිතියෙන් යුතු ඇඳුම් නිර්මාණ කලාවේ ළදරු ඇඳුම් සඳහා සුවිශේෂි තැනක් හිමි වේ. ළදරු ඇඳුම් නිර්මාණයේදී රෙදි වර්ග තෝරා ගැනීම පිළිබඳ පසුගිය සතිවල අපි ඔබව දැනුවත් කළෙමු. එනම් ළදරු සමට සුවදායී, කපු මිශ්‍රිත ඇඳුම් වර්ග වඩාත් යෝග්‍ය වේ. එසේම ළදරු ඇඳුම් නිර්මාණයේදී පාට වර්ග ගැළපීම පිළිබඳ ඔබ හොඳ අවබෝධයක් ලැබිය යුතුයි. එසේම කුඩා දරුවන් සඳහා බෝල, ඉරි, තරු කුඩා මල් වැනි මුද්‍රිත සිත් ගන්නා සුලු රෙදි භාවිතයෙන් ඉතා හැඩකාර ඇඳුම් නිර්මාණය කිරීමට හැකියාව ලැබේ. ඔබ ව්‍යාපාරයක් උදෙසා ඇඳුම් නිර්මාණය කරයි නම් ඔබට මිනුම් ගැනීමක් අවශ්‍ය නොවේ.

මිමි ලබා ගැනීම

ශරිරයට පහසු සීරු මාරු ඇඳුමක් ඇඳ සිටීම අනිවාර්ය වේ.

මිමි ලබා ගන්නා ආකාර 03කි.

01. පළල මිමි (හරස් මිමි Horizontal)

02. වට මිමි (Cireumference)

03. උස මිමි (Hight)

01. පළල මිමි (හරස් මිමි Horizontal)

උරහිස

ඩාට් පරතරය

02. වට මිමි (Cireumference)

පපුව වට

අත වට

ඉණ වට

කර වට

උකුළ වට

03. උස මිමි (Hight)

අත උස

උරහිස සිට පපුව මුදුන උස

උරහිස සිට ඉණට උස

උරහිස සිට දණහිසට උස

උරහිස සිට සම්පූර්ණ උස

ඇඟේ මිම්ම + පහසු වාසිය = ඇඳුමේ මිම්ම

Body Measurement + Easy Allowance = Garmant Measurement

ලබාගත් මිමි සංශෝධනය කිරීම

1. උරහිස දෙකෙන් බෙදන්න.

8 1/2 / 2 = 4 1/4

2. පපුව වට

ඉණ වට

උකුළ වට

කරවට

හතරෙන් බෙදන්න

= 20/4 (පපුවට)

= 5 කරවට = 12 /4 = 3 මෙහි කර ගැඹුරු වේ. 3 - 1/2 = 2 1/2 මෙය කර පළල වේ.

3. උස සඳහා 1‘ සඳහා හෝ 1 1/2 ක් එකතු කරන්න.

= 19‘ + 1 1/2 = 20 1/2

 

Tharunie

Handmade

නිතර අලුත් දෙයක් දකින්නට, අලුත් යමක් කරන්නට උත්සාහ කරන ඔබේ දෑතට නව නිර්මාණ රැගෙන එන්නයි තරුණී අපේ උත්සාහය. මේ අපූරු කතිර රටා ගෙත්තම හැඩ වෙන්නේ හංස ජෝඩුවකගේ රුවෙනි. ආදරයේ ආදරණීය සංකේතයක් වන මෙය නව යුවළකගේ නිදන කාමරය හැඩ කරන්න කදිමයි. ඒ වගේම විවාහ ගිවිස ගැනීමේ උත්සවයක දී තිළිණ කරන්නත් පුළුවන්.

Handmade

වර්තමානය වන විට අත්කම් නිර්මාණ සඳහා ඉතා ඉහළ වෙළඳපොළක් පවතී. ඒ අතරින් Hand Embroidery කලාවට ඉහළ තැනක් හිමිවේ. hand embroidery යනු මැෂිමක් භාවිත නොකොට අතින් සකසා ගන්නා මැහුම් ක්‍රමයකි. අද වන විට මේ Hand embroidery කලාව යොදාගෙන ඉතා පහසුවෙන් විවිධ නිර්මාණ කළ හැකිය.

Handmade

රෙදිවලින් නිර්මාණය කළ සුරතල් සත්තු දුටුවත් අපේ සිත සතුටින් ඉතිරී යනවා. සුරතලුන් පොඩ්ඩන්ගේ යහළුවන් වුවත් ඔවුන්ට වැඩිහිටියනුත් හරිම ආදරෙයි. ඒ නිසයි වැඩි දෙනෙක් තමන්ගේ නිවහන මේ අජීවී මිතුරන්ගෙන් හැඩ කර ගැනීමට කැමති. ඔබේ කැමැත්ත ඉටුකර ගැනීම අපහසු නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට මේ ලස්සන බෝනික්කන් මසා ගැනීමට උත්සාහ කරන්න.

Handmade

මේ සඳහා අවශ්‍ය :-

ඔබ තනි පැහැති හා මුද්‍රිත යන රෙදි වර්ග දෙකම ගැළපෙන ආකාරයේ වර්ණවලින් සකස්කර ගත යුතුයි.

Handmade

ගෘහිණියක් වුණාම අපිට හරිම වැදගත් නිර්මාණශීලී අදහස් කියන දේ. අපි හැමෝම ආසයි අපේ නිවෙස ලස්සනට තියා ගන්න. අපි නොහිතන පුංචි පුංචි දේවල්වලින් පුළුවන් ඒ දේ කරගන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ අපේ නිවෙසේ තියන ඩස්බින් එක එහෙමත් නැතිනම් කුණු බහාලන බඳුන කොහොමද අලංකාරකර ගන්න ලස්සන කවර් එකක් නිර්මාණයකර ගන්නේ කියලා. මේක කවුරුත් වැඩිය නොහිතන හරිම අපූරු නිර්මාණයක්.