Sunday, September 08, 2024
Follow Us
දෑතේ විස්කමින් ලස්සන හාස්කම්

වර්තමානය වන විට අත්කම් නිර්මාණ සඳහා ඉතා ඉහළ වෙළඳපොළක් පවතී. ඒ අතරින් Hand Embroidery කලාවට ඉහළ තැනක් හිමිවේ. hand embroidery යනු මැෂිමක් භාවිත නොකොට අතින් සකසා ගන්නා මැහුම් ක්‍රමයකි. අද වන විට මේ Hand embroidery කලාව යොදාගෙන ඉතා පහසුවෙන් විවිධ නිර්මාණ කළ හැකිය.

Hand embroidery කලාව යොදාගෙන,

බෑග් design

මේස රෙදි

කුෂන් කවර

ඇඳ ඇතිරිලි

ඇඳුම් අලංකරණය

wedding cake box design

phone cover

hair clip design

book marks

purse design

යනාදී වශයෙන් විවිධ නිර්මාණ කරගත හැකිවේ.

මෙහිදී මූලිකවම hand embroidery සඳහා යොදා ගනු ලබන අත්‍යවශ්‍යම උපකරණ කීපයක් ඇත.

ඒවා පහත පරිදි වේ.

නූල්

ටැපැස්ට්‍රි ඉදිකටු

රෙදි

එම්බ්‍රොයිඩරි රාමුවක්

(Embroidery Hoops)

කතුරක්

කාබන් කොළයක්

පෑනක්/පැන්සලක්

01.නූල්

නූල් සඳහා අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ කපු කැරලි නූල් ය. ඒ සඳහා විවිධ වර්ණවලින් යුත් කැරලි නූල් වර්ග භාවිත කළ හැකියි. ඊට අමතරව වූල් ,පර්ල්කොට්න් වැනි නූල් වර්ගද භාවිත කළ හැකියි. නමුත් නිර්මාණයට වැඩි අලංකාරයක් ලබාදීමට නම් කපු කැරලි නූල් වඩාත් යෝග්‍ය වේ.

02.(ටැපැස්ට්‍රි ඉදිකටු)

Tapestry needle

මැසීම සඳහා භාවිත කරනු ලබන ඉදිකටුව Tapestry නම් වේ. (තුඩ සහිත) මේ සඳහා අපට විවිධ වර්ගයේ ඉදිකටු වර්ග භාවිතා කළ නොහැකිය.

03). රෙදි - රෙදි සඳහා වඩාත්ම යෝග්‍ය වන්නේ අමු රෙදිය. අමු රෙදි භාවිත කිරීමේදී එය සෝදා වේළා මැද පිරිසුදුකර ගත යුතුය. ඊට අමතරව ඒ සඳහා අපට ලිනන් පොප්ලින් රෙදි ද භාවිත කළ හැකිය.

04). එම්බ්‍රොයිඩරි රාමු - මේවා විවිධ ප්‍රමාණවලින් ඇති අතර නිර්මාණයේ ප්‍රමාණය අනුව අදාළ රාමුව තෝරාගත යුතු වේ. ඒ වගේම ලී රාමු, ප්ලාස්ටික් රාමු වශයෙන්ද මේවා ගත හැකි වේ.

ඊට අමතරව අපට කතුරක්, කාබන් කොළයක්, පෑනක් පැන්සලක් නිර්මාණ සඳහා බ්ලොක් අවශ්‍ය වේ. කතුරු භාවිත කිරීමේදී Sewing Trimmer එකක් හෝ Embroidery scissor එකක් හෝ සාමාන්‍ය කතුරක් භාවිත කළ හැකියි.

Hand Embroidery කලාව සඳහා ඉහතින් දැක්වූ උපකරණ අවශ්‍යවන අතර මේවා භාවිතකර ඉතා සිත්ගන්නා සුළු නිර්මාණ නිමවා ගත හැකියි. එලෙස නිර්මාණ සකසා ගන්නා ආකාරය පිළිබඳ අපි ඊළඟ පාඩමේදී සාකච්ඡා කරමු.

Tharunie