Monday, March 23, 2026
Follow Us
මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය
හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළුමිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2 ක් සහ තෙල්.

සාදන ක්‍රමය

චිකන් ඩෙවල් සාදන ආකාරයටම මාළු ටික සීසන් කර විනාඩි 30ක් තබා ගැඹුරු තෙලේ බාගෙට බැදගන්න. තෙල් රත් කර ඉඟුරු සුදු ලූනු පේස්ට්, කෑලි මිරිස් සහ සීනි එක් කර සීනි දිය වන තෙක් තබන්න. සෝස් වර්ග එකතු කර කලවම් කළ පසු බැදගත් මාළු එක්කර මඳ ගින්නේ පිසගන්න. අවසානයට එළවළු වර්ග එක් කර කලවම් කර ළිපෙන් බාගන්න.

Tharunie