චිකන් මීට් බෝල්ස් 250g
ලොකු ලූනු ගෙඩි 1/2ක්
තෙල් මේස හැඳි 2ක්
බිත්තර 1ක්
සමෝසා ෂීට් හෝ ස්ප්‍රින්ග් රෝල් ෂීට් (Spring roll sheets)
ලුණු ස්වල්පයක්
සාදන ආකාරය:
ලූනු ඉතා සිහින්ව කපා ගන්න. මීට් බෝල්ස් අතින් හොඳින් කුඩු කර ගන්න. බිත්තරය වෙනම බඳුනකට දමා හොඳින් ගසා ගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රත් වන විට කපා ගත් ලූනු සහ කුඩු කර ගත් මීට් බෝල්ස් එක් කර තෙම්පරාදු කර ගන්න. දැන් සමෝසා ෂීට් එකක් ගෙන එයට සාදා ගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් තබා තුන්හුලස් හැඩයට ඔතා ගන්න. එහි කෙළවර ගැලවී නොයන ලෙස බිත්තර සාරු ගා අලවා ගන්න. අවසානයේ සකස් කර ගත් සමෝසා තැටියක අසුරා මධ්‍යම උෂ්ණත්වයේ විනාඩි 15ක් පමණ බේක් කර ගන්න. (අවශ්‍ය නම් ගැඹුරු තෙලේ බැද ගැනීමටද හැකිය.)
Tharunie