පොඩ්ඩන්ගේ පාසල් නිවාඩුවත් අහවරයි. ඉතිං ආයෙමත් මේ දරුවෝ කාර්යබහුල ෙවනවා. පොඩ්ඩන්ගේ පාසල් වැඩ කියලා දෙන ගමන් එයාලගේ නිර්මාණශීලී හැකියාව වැඩි දියුණු කරන්න පුංචි පුංචි අත්කම් ටිකක් කරලා බලමු ද?
ගෘහ අලංකරණයට කැමැත්තක් දක්වන අයට ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් ඉතාමත් අලංකාර මල් බඳුනක්
නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
ඔන්න ඉතිං අද කාන්තාවන්ට බොහොම වටිනා තිළිණයක් ලබා දෙන්න අපි තීරණය කළා. ඒ තමයි සාරි හැට්ටයක සම්පූර්ණ සැබෑ පතරොම. රැකියාවට යන ඔබට මෙය ඉහේ මලක් පිපුණා වගේ.
මේ පපුව අගල් 36, උරහිස අඟල් 15 ප්‍රින්සස් ලයින් සාරි හැට්ටයක සැබෑ පතරොමකි.
මෙවැනි සාරි හැට්ටයක් උත්සව අවස්ථාවකට කදිමට ගැළපේ.
අද කාලේ සාරි හැට්ටයක් මසා ගන්න කොයිතරම් මුදලක් වැය වෙනවාද? ඒ වගේමයි වෙන කෙනෙක්ට කියලා මසා ගන්න ගියොත් ගතවෙන කාලයත් වැඩියි. ඉතිං කාලය, මුදල සියල්ල ඉතිරි කරගනිමින් මේ හැට්ටය ඔබේම දෑතින් මසාගන්න අවස්ථාව දැන් ඔබ සතුයි. තමන්ම මැසූ හැට්ට විලාසිතාවක් ඇඳ පැලඳ යාමේ අභිමානය මෙතකැයැයි කිව නොහැකියි. එසේ නම් තරුණී අපි හරිම ආදරෙන් ඔබට මේ අනගි තිළිණය තිළිණ කරනු ලබනවා.
පළමුව ඉදිරිපස පළුව සඳහා ප්‍රින්සස් ලයින් කැපුම් යොදා ඇඳගන්න. එය කොටස් දෙකකින් යුක්තයි. කළු රේඛා මගින් ඉදිරිපස පළුවේ කොටස් දෙක ඇඳ තිබෙනවා. ඒඕඛ්ඛ්1, ඡ්ඡ් 1 කොටස පළමු කොටස වන අතර ඉදිරි මැද කොටස ඒඡ් සිට පිටතට මැහුම් වාසි අඟලක් තබා කපාගන්න. ඉණට සහ උරහිසටත් මේ විදියට මැහුම් වාසි අඟල බැගින් තියාගන්න. දැන් ප්‍රින්සස් ලයින් කැපුමට අඟල් 1/2ක් මැහුම් වාසි තබා ගන්න.
මේ සාරි හැට්ටයට ලේස් රෙද්දෙන් සෙටින් රෙද්දෙන් සහ පොප්ලින් යන රෙදි වලින් අපි ලබාදී ඇති මිමි පරිදි කොටස් තුන බැගින් කපාගන්න.
දැන් එක මත එක පිළිවෙළට තබා මැහුම් වාසි දිගේ නූල් ඇදගන්න.
ඔයාලට මේ සාරි බ්ලවුසය මසා ගන්න
මේ විදිහට කොටස් දෙකක් ඕනෙ කරනවා.
ඉන්පසුව ඒඡ් හරි මැදට සිපරයක් අල්ලාගන්න.
දෙවැනි කොටසටත් එවැනිම කොටස් තුනක් ම කපා එයද එක මත එක තබා ගෙන නූල් අදින්න. එමගින් ප්‍රින්සස් ලයින් කැපුම් මසාගන්න. ඛ්,ඡ් පළමු කොටස සහ දෙවැනි කොටස මසා අවසන් කරගන්න.
දැන් ඇත්තේ පිටපළුව කොටසයි. එයට උරහිස් මූට්ටු කර ගන්න. කර සහ අත්කට පේසින් හෝ පයිපින් අල්ලා කණපිටට තබා මසා ගන්න. මහන්නට පෙර උරහිස පැත්තට ප්‍රින්සස් ලයින් කැපුම ගෙන මැන සමාන කරගන්න.
-Tarunie
එම්බ්‍රොයිඩරි කලාවන් අතර සුන්දරම නිර්මාණ බිහි කරන රිබන් එම්බ්‍රොයිඩරි, ලාංකේය කතුන් වඩාත් ප්‍රිය කරන්නකි. මෙහි දැක්වෙන ලස්සන පුංචි සුරංගනන් මසා ඇත්තේ ද එම කලාවෙනි. කුෂන් කවර, ඇඳ ඇතිරිලි, මේස රෙදි මෙන්ම බිත්ති සැරසිලි හා ඇඳුම් හැඩ කිරීමටත් මේ මෝස්තර භාවිත කළ හැකියි.
ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ මෙම ශිල්පයේ දෙවන කොටස සෑදීමට අදහස් වලින් පිරී ඇත අපගේ නිවස අලංකාර කිරීම සඳහා විවිධ ඉටිපන්දම් රඳවනයන් අපේ රසය අනුව. අපි අපේ නිවසට සුවපහසු, ගෘහස්ථ සහ උණුසුම් වාතාවරණයක් ලබා දෙන්නෙමු. මතක තබා ගන්න... ගින්නෙන් ඇතිවිය හැකි අනතුර නිසා නිවසේ ඉටිපන්දම් දැමීම ඔබට ආයාචනා නොකරන්නේ නම්, එම බලපෑමම ඇති නමුත් අවදානම ඉවත් කිරීමට අපට විශිෂ්ට විදුලි විකල්ප තිබේ.
අපගේ ඉටිපන්දම් රඳවන විකල්ප මොනවාදැයි බැලීමට ඔබට අවශ්‍යද?
මෙම ඉටිපන්දම් රඳවනයන්, සරලව සෑදීමට අමතරව, ඉතා අලංකාරයි.
පහත සබැඳිය අනුගමනය කිරීමෙන් ඔබට මෙම ඉටිපන්දම් රඳවනය පියවරෙන් පියවර සාදා ගන්නා ආකාරය දැක ගත හැකිය.
නිවස සඳහා මෙම ශිල්පය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක්වේ:
මෙම අවස්ථාවේ දී මම තුනක් සාදා ඇත්තෙමි, මන්දයත් එම සංයෝජනය සුන්දර ලෙස පෙනෙන නිසා රැහැන් පෙදෙසෙහි උස වෙනස් වන පරිදි වෙනස් වන නමුත් ඒවා යුගල වශයෙන් හෝ තනි ඉටිපන්දම් දරන්නෙකු විය හැකිය.
manualidadeson
කාන්තා ඔබේ දෑත් නිර්මාණශීලි ය. ඒ නිර්මාණශීලිත්වය ඔප් නංවන්නට අදත් අපි ඔබට අත්කම් නිර්මාණයක් ගෙන එනවා. ඉතින් ඔබේ නිවෙසට එන අමුත්තන්ගේ දෑස් පිනවීමට ඔබ අතින්ම කළ නිර්මාණයක් නිවෙසෙහි එල්ලා තබන්නට හැකි නම් එය කෙතරම් අගනේ ද?
නිල් පාටේ ප්‍රභේද දෙකක්. හරිම ලස්සනයි. මේ පාට දෙක එකතු වූ වූල් ගෙතුමෙන් බෑග් එකක් ගේතූවිට තවත් ලස්සනයි.
ඔබට පහසුවෙන් සොයාගත හැකි, මිල අඩු සහ විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා දෙන නව යාත්‍රාවක් සෑදීමට ඔබට හැඟෙන්නේ නම්, ඔබට දැනීම මූලික අංගයක් ලෙස සලකන ලෙස මම නිර්දේශ කරමි.
නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහි කරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.
අලුත් අවුරුද්දේ වැඩිම සතුටක් විඳින්නේ පුංචි දුවා දරුවන්. ඒ නිසාම අවුරුද්දේ දූවා දරුවන්ගේ ඇඳුම් කල් තියාම මසා නිම කරන්න අම්මලට තියෙන්නේ ලොකු උනන්දුවක්.
පොට්පෝරි තාක්ෂණය අලුත් දෙයක් ලෙස පෙනුනද, සත්යය නම් එය නිවසේ කාමර සුවඳ විලවුන් කිරීම සඳහා පුරාණ කාලයේ සිට භාවිතා කර ඇති බවයි.
අලුත් අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. A වුණත් මේ පවතින ආර්ථික රටාව A කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.
හැමදාම ඔබට ළැබැඳි තරුණී නිරතුරුවම අලුත් වන විලාසිතා ඔබට ගෙන Aමට සූදානම්. ඔබේ දෑතින්ම මසාගත් මේ විලාසිතාව ගමනට බිමනට කදිමට ගැළපෙන විලාසිතාවක් බවත් කිව යුතුමයි. නවතම විලාසිතාවන්ට ඇල්මක් දක්වන ඔබටම මෙය නිර්මාණය කර ගැනීම හරහා අලංකාරය මෙන්ම ඔබ පිළිබඳ අභිමානයද ගොඩනඟා ගන්න පුළුවන්.
මේ අලංකාර ඇඳුම හරියටම මසන්නේ කොහොමදැයි අපි දැන් බලමු.
කඳ කොටස, උරහිස, පපුව වට, ඉණ වට, කර පළල, කර ගැඹුර, අත දිග, අත වට, කලිසම, ඉණවට, කලිසම සඳහා උස, කකුල වට ප්‍රමාණය, කර වට උස
කඳ කොටස උරහිස දෙකට බෙදන්න. පපුවට හතර බෙදා අඟල් 1ක් එකතු කරන්න.
ඉණවට
අතවට දෙකට බෙදා අඟල් 1ක් එකතු කරන්න.
මෙම ඇඳුම සඳහා රෙදි යාර 2 1/2 පමණ ප්‍රමාණවත් වේ. (ශරීර ප්‍රමාණය අනුව වෙනස් වේ)
ටොප් එක බල වාටිය මත තබා ගන්න. ඉන් පසු 1 පිටුපසට කොට රේඛාවක් ඇදගන්න. (බොත්තම් වාසි) A ඇඳගත් රේඛාවේ සිට මේ ලකුණු කරන්න.
A -B රේඛාව මත උරහිස 2න් බෙදා එම අගය ලකුණු B සිට පහළට 1/2 ලකුණු කර AC රේඛාව ඇඳ ගන්න. (උරහිස රේඛාව)
ඉන්පසු A සිට පහළට උරහිස පහළට ලකුණු කර DE රේඛාව ඇඳගන්න. එහි පපුව වට /4+1 එක අගය ලකුණු කරන්න.
ඉන්පසු C හා E රේඛා යා කර එහි හරි මැද ලෙස ලකුණු කර 1/2 පිටුපසට ලකුණු කර අත කට ඇඳගන්න.
D සිට පහළටත් උරහිස /2 අගයම ලකුණු කර F - G රේඛාව ඇඳ එහි ඉණවට / 4+1 එක අගය ලකුණු E- G රේඛාව යා කර අංශය ඇඳගන්න.
A - I කර පළල ලකුණු කර A -බ් ඉදිරිපස කර ගැඹුර ලකුණු කර ඉදිරිපස කර ඇඳගන්න. පිටුපස කර A - ම් ලකුණු කර පිටුපස කර ඇදගන්න.
රෙද්ද දෙකට නවාගන්න. නැම්ම දිගේ මිමි ලකුණු කරන්න. A සිට පහළට සම්පූර්ණ අත උස ලකුණු කර A-B 4" ලකුණු කර BC රේඛාව ඇඳගන්න. (4“ සම්මත අගයකි)
B - C රේඛාව මත උරහිස / 2 අගය ලකුණු කරගන්න.
අත දිග ලකුණු කළ තැන සිට හරහට ඉරක් ඇඳගන්න. D රේඛාව එහි අතවට / 2+1 අගය ලකුණු කරන්න.
ඉන්පසු යට වාටිය සඳහා 1 පමණ තබා C -D හා A C යා කර ගන්න.
A - C හරි සමාන කොටස් හතරකට බෙදා අඟල් 1/2ද පහළින් 1/2 ඇතුලට ද ලකුණු කර අත් හැඩය ඇඳගන්න.
ඉණවට / 4+1 එන අගය රෙද්ද නැම්මට නවා ගත් ස්ථානයේ සිට හරහට ලකුණු කරන්න. A ලෙස නම් කරන්න.
A සිට පහළට 2“ ලකුණු කර Waist Band ඇඳ ගන්න.
*එතැන් සිට පහළට කරුවට උස ලකුණු කර (B) කරුව ඇඳගන්න. BC රේඛාව ඇද එහි ඉදිරියට 2 1/2 ලකුණු කර E ද E සිට 3“ ලකුණු කර F ද ඇඳ ගන්න.
කලිසම උස ලකුණු කර කකුලවට දෙකට බෙදා අඟල් එකක් එකතු කර එන අගය G රේඛාව මත ලකුණු කරන්න.
E හා F H වෙත යා කරන්න. E H රේඛාවේ දිග මැන F H රේඛාව ලකුණු කර පිටුපස පළුවද ඇඳගන්න. ඉන්පසු Qash Band එක වෙන්කර ගන්න. ඉදිරිපස පළුවක් හා පිටුපස පාළුවක් සකසා නැම්මට තැබු රෙද්දක් මත තබා
මසා ගන්න
ටොප් එක උරහිස් මූGටු කර අත මසා ගන්න. බොත්තම් දැමී්ම සඳහා Open එක මසාගන්න. අංශය මසා නිම කර ඉදිරිපස යටකොටසට කැමැති ප්‍රමාණයක පටියක් අල්ලා ගන්න.
කලිසම කොටස Waist Band එක මසා කරුව කොටස ඉදිරිපස හා පිටුපස මසා ගන්න. ඉන්පසු යට වාටිය මසාගන්න.
උපදෙස් -
මැහුම් උපදේශිකා සිතාරා නවරත්න
Tharunie
සිංහල අලුත් අවුරුදු කාලේ කියන්නෙම අපේ කාන්තාව අතිශයින් කාර්යබහුල වෙන කාලයක්. අලුත් ඇඳුම් ගන්න එහෙමත් නැත්නම් මහන්න, කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් ද නිවෙස අලුත්වැඩියා කරලා ලස්සනට පිරිසුදුවට තියාගන්නත් එපැයි.
ලස්සන ලස්සන ගවුම් විලාසිතා අඳින්නයි දැන් කාලයේ ළඳුන් කැමැත්තක් දක්වන්නේ. ඒ නිසාම මේ දිනවල සාප්පුවල මෙන්ම මඟ දෙපස ද විවිධ විලාසිතාවන්ට මැසූ ගවුම් සුලබ දසුනකි.
බුදුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිදු වූ වෙසක් මාසය උදාවුණා. ඉතිං බෞද්ධයන් වූ ඔබට ගිය මාසය වගේම මේ මාසයත් හරිම සුවිශේෂියි.
ලස්සන වෙසක් සැරසිලිවලින් නිවෙස අලංකාර කරන්න ඔබ මේ වනවිටත් ලකලෑස්ති වෙනවා ඇති. ඒ වගේම තමයි ඔබේ ළඟම සිටින ඥාති, මිත්‍රාදීන් වෙනුවෙන් වෙසක් කාඩ්පත් තිළිණ කරන්නටත් ඔබ සූදානමින් ඇති. ඉතිං ඒ සඳහා වෙළෙඳපොළේ ඇති කාඩ්පත් මිලට ගෙන තිළිණ කරනවාට වඩා ඔබේ අතින් නිර්මාණය කළ කාඩ්පතක් තිළිණ කරන්නට ඇත්නම් ඒක වටිනවා නේද? බලන්න, අප මේ ලබාදෙන වෙසක් කාඩ්පත් ඔබේ අතිනුත් නිර්මාණය කළ හැකිද කියා.
A4 ෂයින් බෝඩ් එකක්
දම්, සුදු සහ කහ කොළ වර්ණ A4 කොළ
ගම්
කතුරක්
පේපර් ශේඩරයක්
ක්විලින් ටූල් එකක්
තැඹිලි වර්ණ භාග පබළු
පළමුව පේපර් ශේඩරය මඟින් අවශ්‍ය අඟල් 1/8 පටි කපා ගන්න. චෛත්‍යය නිර්මාණය කිරීම සඳහා 1/8 තනි පටිය බැගින් ගෙන ටයිට් රෝල් සාදා ගන්න. මෙම ටයිට් රෝල් අවශ්‍ය වන්නේ චෛත්‍යය වටේ නිර්මාණයකර ගැනීම සඳහායි. චෛත්‍ය ඇතුළත සඳහා 1/8 පටියක් ගෙන එය කොටස් හතරකට කපා ගන්න. කපාගත් එක් කොටස බැගින් ගෙන ස්කැරොල්ස් සාදා ගන්න. චෛත්‍යයේ උඩ කොටස සඳහා ලූස් කොයිල් සාදා දිග කොටු හැඩ සකසා ගන්න. ඉන්පසු උඩම කොටස සඳහාත් ලූස් කොයිල් සාදා ත්‍රිකෝණ හැඩය සාදාගන්න. ෂයින් A4 බෝඩ් එක ගෙන හරි මැදින් දෙකට නමා ගන්න. පසුව පින්තූරයේ පෙනෙන ආකාරයට චෛත්‍යය නිර්මාණය කරගන්න. එහි යටටද ස්කැරොල්ස් කිහිපයක් අලවා අලංකාර කරගන්න.
මෙහි මල් නිර්මාණය කිරීම සඳහා දම් වර්ණයේ සහ සුදු වර්ණයෙන් 1/8 පටි දෙකක් එකට අලවා ක්විලින් ටූල් එක ආධාරයෙන් ලූස් රෝල් සාදා ගන්න. සාදාගත් ලූස් රෝලෙහි හරි මැදින් දෙකට නමා මල් පෙත්ත හැඩකර ගන්න. පින්තූරයේ පෙනෙන පරිදි බෝඩ් එක මත මේ මල් පෙති අලවා මල නිර්මාණය කරගන්න. මලෙහි මැදට භාග පබළුවක් ද අලවා ගන්න. කොළ නිර්මාණය කිරීම සඳහා 1/8 කහ වර්ණ පටිය බැගින් ගෙන මාකීස් සාදාගන්න. මාකීස් තුනක් එකට අලවා කොළ නිර්මාණයකර රූපයේ පෙනෙන ආකාරයට අලවා ගන්න. ඔබ කැමැති පරිදි වෙසක් සුබ පැතුම ලියා හෝ මුද්‍රණයකර අලවා ගත හැකියි. පන්චර් එකක් මඟින් බෝඩර් එකෙහි අයින් කපා අලංකාර කරගන්න.
Tharunie
හැමදේම මිල ගණන් මේ කාලේ ඔබේ දෑතේ නිර්මාණශීලී හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත හැකිනම් කෙතරම් අගනේ ද. ඉතිං ආදරණීය දියණියට පෑන්, පැන්සල් ටික දමන්න ලස්සනම ලස්සන පැන්සල් රඳවනයක් තමන්ටම ගෙතිය හැකි නම් කෙතරම් අගනේ ද?
අලුත්ම විලාසිතා අනුව හැඩවෙන්නට යුවතියන් හරිම කැමැතියි. අලුත් ඇඳුමකින් හැඩවෙන විට ඊට ගැළපෙන ආකාරයෙන් ආභරණ පලඳින්නත් ඔවුන් හරිම උනන්දුයි.
Page 2 of 22