Sunday, September 08, 2024
Follow Us
පන්සල් යන්නට දෝණිට ළමා සාරියක්

පුංචි දෝණි ළමා සාරියකින් හැඩගන්වා ගෙන විහාරයට යන දසුන කෙතරම් නම් පින්බර ද? දියණියක් සිටින මවක් නිතරම ඇයට විලාසිතා කරන්න පෙළඹෙනවා. ඒ මොන විලාසිතාව කළත් දහම් පාසලට එහෙමත් නැතිනම් පෝයදාට පන්සලට ඇඳගෙන යන්න ගැළපෙනම ඇඳුම ළමා සාරියයි.

එක්තරා විදිහකට ළමා සාරිය ගැහැනු දරුවෙක්ට සුවිශේෂි වූ ඇඳුමක් කියලත් කියන්න පුළුවන්. ආදරණීය මවකට මේ ඇඳුම පහසුවෙන්ම මසන්න හැකි විදිහ අද අපි ලබාදෙන්නෙමු.

අවශ්‍ය මිමි -

* උරහිස = අඟල් 13

* කර වට = අඟල් 11

* ඉණ දක්වා උස = අඟල් 13

* පපුව වට = අඟල් 27

*ඉණ වට = අඟල් 25

* ඔපනැලි අතර පළල = අඟල් 6

ළමා සාරිය සඳහා අවශ්‍යතාවය අනුව රෙදි තෝරාගන්න. මුලින් හැට්ටය කොටස සාදාගත යුතුයි.

ඉදිරිපස විවර සහිත බැවින් රෙද්ද දෙකට නමා බලවාටියට තබාගන්න. බලවාටියේ සිට අඟල් 1 1/2ක් තබා රේඛාවක් අඳින්න. ඉහළිින් හරහට රේඛාවක් අඳින්න. එය උරහිස රේඛාවයි. උරහිස මිම්ම දෙකට බෙදා එම පිළිතුරට මැහුම් වාසි අඟල් 1/2ක් එකතුකර උරහිස රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඕ වේ. ඕ සිට අඟල් 1 1/4ක් පහත්කර ඒ ලක්ෂ්‍යයට යා කරන්න. එය ඒඛ් වේ.

කර වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒච් වේ. එම පිළිතුරෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය ඒඛ් රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඒඡ් වේ. ච්ඡ් යාකර මූලික කර අඳින්න.

අවශ්‍ය උරපටි පළල තබා කර ගැඹුර පහත්කර අඳින්න.

ඡ් සිට පහතට ඉණ දක්වා උස පහත්කර හරහට රේඛා අඳින්න.

අත්කට රේඛාවට උස සෙවීම සඳහා පපුව වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුර ඒ සිට පහතට ලකුණු කරන්න. එය ඒජ් වේ. හරහට රේඛාවක් අඳින්න. එය අත්කට රේඛාවයි.

අත්කට රේඛාවට දිග ලකුණු කිරීම සඳහා පපුවවට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට මැහුම් වාසි එකතුකර අත්කට රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ජ්ට් වේ. ඉණ වට ප්‍රමාණය හතරෙන් බෙදා එම පිළිතුරට ඩාට් සඳහා හා මැහුම් වාසි එකතුකර ඉණ රේඛාවේ හරහට ලකුණු කරන්න. එය ඩ්ධ් වේ.

අත්කට වක්‍රය ඇඳීම සඳහා ඛ් සිට අත්කට රේඛාවට කෙළින් ඉරක් ඇඳ එම රේඛාවේ මැද ලක්ෂ්‍යය ලකුණු කරන්න. උරහිස මිම්මෙන් අඟල් 1/2ක් අඩුකර ඉතිරි ප්‍රමාණය නැම්මේ සිට මැද ලක්ෂ්‍යය දෙසට ලකුණු කරන්න. ඛ් සිට එම ලක්ෂ්‍යය කැපීියන සේ රේඛාවක් ඇඳ අත්කට වක්‍රය අඳින්න.

ඔපනැලි අතර පළල දෙකට බෙදා එම පිළිතුර පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එය බ්ම් වේ. ඬ සිට ඉණ රේඛාවට කෙළින් ඉරක් අඳින්න. එය ම්ඹ් වේ. ඩාට් පළල දෙකට බෙදා එම පිළිතුර ඹ් සිට දෙපසට ලකුණුකර ම්ට යා කරන්න.

පසුපස

පසුපස සඳහා නැම්මට තබා ගන්න. ඉදිරිපස පතරොම තබා පසුපස පළුව කපා ගන්න.

ෆ්‍රිල් එක ( මන්තය )

ෆ්‍රිල් එක සඳහා කරවට ප්‍රමාණය මැන එම ප්‍රමාණය මෙන් දෙගුණයක් හෝ තුන් ගුණයක් ගෙන රෙදි කපා ගන්න. තුන් ගුණය ගැනීමෙන් ෆ්ලීට් කිරීමද දෙගුණය ගැනීමෙන් ගැදර් කිරීමද කළ හැකියි.

රෙදි කොටස

රෙදි කොටස සඳහා උකුළ වට ප්‍රමාණය මැන එම ප්‍රමාණයට උකුළ වටෙන් බාගේ එකතුකර දිග ලෙස ගණනය කරන්න. අවශ්‍ය උසට මැහුම් වාසිය එකතුකර උස කපා ගන්න. එන මිම්මට වඩා ඇති ප්‍රමාණය මැන එම ප්‍රමාණය ඩාට් සඳහා ගෙන උකුළ වටෙන් අඟල් 1/2 බැගින් කොටස් තුනකට බෙදා එම කොටසකට ඩාර්ක් දෙක බැගින් ඩාර්ට් කොටස් හයක් මසාගන්න. ඉණට යොදන ෆිල් එක සඳහා ෆ්ලීට් කිරීමට නම් ඉණවට වගේ තුන් ගුණයක්ද ග්‍රැදර් කිරීම නම් ඉණ වගේ දෙකක් හෝ දෙකහමාරක් ලෙස කපා ගන්න. එය ඉණට තබා ඊට උඩින් පටියක් තබා මසන්න.

මැසීම

* උරහිස මසන්න.

* කරට රැලි කොටස තබා පයිපින් කරන්න.

* අතද පයිපින් කරන්න.

* අංශය මසා වාටිය මසන්න.

 

Tharunie