Thursday, September 12, 2024
Follow Us
ළඟදී බඳින්නද ඉන්නේ? මෙන්න එහෙනම් ඇඳුම

සාරි ජැකට් විලාසිතා නම් කොච්චර තියෙනවාද? ඒත් ඒ හැම මෝස්තරයක්ම හැමෝටම ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්. විවාහ ගිවිස ගැනීම වැනි සුවි‍ෙශ්ෂී අවස්ථාවකට ගැළපෙන සාරි හැට්ට මෝස්තරයකි මේ.

මෙවැනි සාරි හැට්ටයකින් සහ සායකින් තරුණ බව, කෙළිලොල් දඟකාර බව විදහා පායි. එබැවින් සාරි ජැකට් එකක් මැසීමේදීත්, තමන්ට හැඩවීමට තෝරා ගැනීමේදීත් බොහෝ කල්පනාකාරී වන්න. මෙම විලාසිතාව දෙවැනි මනාලියන් ලෙස හැඩ වීමටත් වඩාත් සුදුසුය.

අවශ්‍ය මිමි

* උරහිස = අඟල් 12

* කර පළල = අඟල් 5

* පපුව වට = අඟල් 32

* ඉණවට = අඟල් 26

* ඩාට් පරතරය = අඟල් 6

උර සිට පහළට උස මිමි

* පපුව මුදුන උස = අඟල් 9 1/2

* ඉදිරි උස = අඟල් 15

* පිටුපස උස = අඟල් 13

* පපුව යට = අඟල් 12 1/2

* කිහිලි කට = අඟල් 15

මිමි සංශෝධනය කිරීම

* උරහිස /2 = 12/2 = අඟල් 6

* කර පළල /2 = 5/2 = අඟල් 2 1/2

* පපුව වට /4= 32/4= 8+1 = අඟල් 9

(ඉදිරියට - 1)

* ඉණවට /4 = 26/4 = 6 1/2 + (ඩාට් පළල)

* ඩාට් පරතරය /2 = 6/2 = අඟල් 3

සාය කොටස නිර්මාණය කිරීම

ඉතාමත් අලංකාර ෆ්ලෙයාඩ් සාය මෝස්තරයකි. ඉණට ඉලාස්ටික් හෝ ඉණේ ප්‍රමාණයට අවශ්‍ය නම් අංශය දෙසින් සිපරයක් දමා නිර්මාණය කළ හැකියි. මේ සඳහා සෙටින්, වැලන්ටිනා, ෂිපෝන්, නෙට් වැනි රෙදි වර්ග තෝරා ගැනීමෙන් වැඩි අගයක් වැඩි අලංකාරයක් ලැබේ.

සාය සඳහා අවශ්‍ය මිමි

සායේ ඉණවට = අඟල් 26/6 = අඟල් 4 1/4

සායේ උස = අඟල් 36

සාය කොටස මැසීම

ඉණට අංශය දෙසින් සිපරය අල්ලා ගන්න. ඔබ කපා ගත් ඉණ පටිය ස්ටිප් කොටසක් තබා අයන් කරන්න. සකසා ගත් ඉණ පටිය සාය ඉණට තබා මසන්න. සාය පහත වාටියත් මසන්න.

හැට්ටය කොටස මැසීම

මුලින්ම ප්‍රින්සස් ලයින් කොටස් දෙක හා පහළ ඉණ කොටස එකට සම්බන්ධකර හැට්ට කොටසේ ඉදිරි පළුව සම්බන්ධ කරන්න. ලයිනින් කරන්න. පිටුපස කොටස ද ලයිනින්කර උරහිසට උරහිස තබා මසන්න. පසුව පිටුපස හක් වාටිය මසා ගන්න. ප්‍රින්සස් ලයින් හැඩය පෙන්වීමට කෝඩ්, බීඩ්ස්, පබළු යනාදියෙන් හැඩකර ගන්න.

 

Tharunie