Thursday, September 12, 2024
Follow Us
ආලින්දයේ හැඩට ටීපෝ කවරයක්

මේ සඳහා අවශ්‍ය :-

ඔබ තනි පැහැති හා මුද්‍රිත යන රෙදි වර්ග දෙකම ගැළපෙන ආකාරයේ වර්ණවලින් සකස්කර ගත යුතුයි.

ගැළපෙන වර්ණ නූල්

නිර්මාණය කිරීම:-

පළමුව අඟල් දෙකක් උස අඟල් 4ක් පළල පටි තීරු මුද්‍රිත හා තනි පැහැ රෙදිවලින් කපා ගන්න. දැන් ඔබේ ටීපෝ එකේ පළලට ගැළපෙන ලෙස මෙවැනි පටි පේළි තුනක් මූට්ටු කරගන්න. මෙසේ මසාගන්නා පටි තීරු දෙක සඳහා අඟල් 2ක් උස අඟල් 6ක් පළල පටි තීරු කපා ගන්න. එසේම පටි තීරු මූට්ටුකර පළල පටි තීරු දෙකක් සකස් කරගන්න. දැන් බෝඩරේ සඳහා අඟල් 2ක් පළල පටි තීරුවක් ටීපෝ එකේ උස අනුව තනි පැහැ රෙද්දකින් කපාගන්න. පසුව මැද කොටස සඳහා කලින් මසාගත් අඟල් 2ක් උස අඟල් 4ක් පළල පටි තීරු පේළි තුන බැගින් මැද්දෙන් තබා මසාගන්න. එයට තනි පැහැති පටියක්ද එකතුකර මසාගන්න. මුද්‍රිත පටි තීරු වෙන් වෙන් වශයෙන් පෙනෙන ආකාරයට මසාගන්න. දැන් දෙපසට අඟල් 2×6ක් පළල පටි තීරු පේළි දෙකක් මෙලෙසට සම්බන්ධ කරන්න. එවිට තනි පැහැති බෝඩරයක් එයට සම්බන්ධවන සේ මසාගත යුතුයි. දැන් ඔබට පෙනෙනවා ඇති. රූපයේ දැක්වෙන අාකාරයට සෑම පටි තීරු පේළි දෙකක්ම වෙන් වෙන් වශයෙන් තනි පැහැති පටියකින් මසා නිම වී ඇති ආකාරය. මේ අන්දමින් ඔබට ඇඳ රෙද්දක්, මේස රෙද්දක් වුව මසාගත හැකියි. දැන් මෙයට තනි පැහැති රෙද්දකින් ටීපෝ එකේ දිග හා පළලට ගැළපෙන ලෙස රෙදි කොටසක් තබා ලයිනින් කරගන්න. බලන්නකෝ ටීපෝ කවරයේ ලස්සන.