Saturday, September 07, 2024
Follow Us
එම්බ්‍රොයිඩරි කුමරිය හැඩකරන විසිතුරු මැහුම් ක්‍රම මෙන්න

මැහුම් කලාවේ ප්‍රමුඛතම එම්බ්‍රොයිඩර් කලාවට විවිධාකාරයේ මැහුම් රටා අවශ්‍යයි. අතෙහි තුඩග කෙමෙන් කෙමෙන් මවන්නේ ඒ විස්මිත මැහුම් රටාවේ අපූර්වත්වයයි. මෙන්න මේ වටිනා මැහුම් ක්‍රම ටික අද ඉගෙන ගන්නකෝ. ඔබ දැන් මේ ළඟා වෙන්නේ නෙතග වශීකරන එම්බ්‍රොයිඩර් මැහුමකට ජීවය දෙන්නයි.

මේ සඳහාද අප රේඛා 2ක් ඇඳ ගත යුතුය.

රූපයේ ඇති ආකාරයට ඩොට් තබාගත යුතුය. පළමුව ඉඳිකටුව එකෙන් ගෙන දෙකෙන් පිට කළ යුතුය. පසුව තුනෙන් ගෙන හතරෙන් ද පහෙන් ගෙන හයෙන් ද යනාදී වශයෙන් දිගටම මැසිය යුතුවේ.

එසේ මසා අවසානයේ ඉඳිකටුව නැවත ගත යුත්තේ නවයෙන් ඉහළටය. එය හයෙන් පහළට දමා හතෙන් ගෙන හතරෙන් ඉවත්කර පහෙන් ගෙන දෙකෙන් පහළට දමා තුනෙන් ගෙන බිංදුවෙන් අවසන් කළ යුතුය. කතිර මැස්ම යනු වෙනමම මැහුම් කලාවක්වන අතර මේ හරහා ඉතා අලංකාර විශාල නිර්මාණ රාශියක් අපහට කරගත හැකිවේ.

මෙම මැස්ම ඉතා පහසු මැස්මකි. පළමුව ඉඳිකටුව රෙදි කොටසින් ඉහළට ගෙන ඉඳිකටුවේ රඳවා ඇති එම නූල් කොටසම ඉඳිකටුවේ තුඩ කොටසේ පටලවා ගත යුතුය.

(එනම් ඉඳිකටුව වටා නූල එතිය යුතුය) පසුව ඉඳිකටුව ඉහළට ගත් තැනට මදක් ඉහළින් හෝ පහළින් (සෙන්ටිමීටර් දෙකක් පමණ ) ඉඳිකටුව එළියට යැවිය යුතුය. එවිට ඉඳිකටුව වටා කරකැවූ නූල් පට අතින් අල්ලා ගත යුතුය. (මන්ද එම නූල් කොටස අල්ලා ගත නොගතහොත් ඉඳිකටුව වටා කරකැවූ නූල් කොටස ලිහිල් වේ). එවිට ගැටයක් සහිතව අවශ්‍යවන පිස්ටල් මැස්ම මසා ගැනීමට හැකි වේ.

මෙයද ඉතා පහසුවෙන් මසාගත හැකි මැස්මකි. මෙම මැස්ම මල් මැසීම සඳහා බහුලව භාවිත කරනු ලබයි. පළමුව ඉඳිකටුව රෙදි කොටසින් ඉහළට ගෙන නැවත ඉඳිකටුව එම ඉහළට ගත් ස්ථානයට ළඟින්ම ඉවතට ගත යුතුය. එසේ ඉවතට ගන්නාවිට ලූප් කොටසක් ඉතිරිකර ගනු ලබයි.

පසුව ඉඳිකටුව ඉහළටත් පහළටත් ගත් තැනට මඳක් ඉහළින් නැවත ඉඳිකටුව ඉහළට මතුකර ගත යුතු වේ. එසේ මතු කරගන්නා ඉඳිකටුව කලින් සකසාගත් ලූප් කොටස ඇතුළතින් දමා තද කරගත යුතුය .

පසුව එම ස්ථානයේම නූල් කොටස හසුවන පරිදි නැවත ඉඳිකටුව එළියට ගෙන මැස්ම ශක්තිමත් කරගත යුතුය.

Tharunie