අද යුවතියන් සුදු සමක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එහි ආදීනව ගැන හරි හැටි අවබෝධයක් වූ දාට තමන් කරපු මෝඩ වැඩෙන් බේරෙන්න එක එක ක්‍රියාමාර්ග හොයනවා. ඔන්න ඉතින් ආදරණීය ඔබේ සුවතාවයත්, ලස්සන රූ සපුවත් රැක ගැනීමට උදෙසා අපි මේ කොෆි ෆේෂල් එක ලබා දෙන්නෙමු.
සුදු වෙන ක්‍රීම් ගෑම දැන් ට්‍රෙන්ඩ් එකක් බවට පත් වී තිබේ. ඒ තරමටම අපේ තරුණියන් සම සුදුවෙන ආලේපන ගෑමට උනන්දුය. මේ ප්‍රවණතාවය දවසින් දවස වැඩිවෙන පසුබිමක විවිධ වර්ගයේ සුදුවෙන ආලේපන පමණක් නොව එන්නත් වර්ග පවා භාවිතයට තරුණියන් මෙන්ම තරුණයන් ද පෙළඹී තිබේ. වයස් සීමාවකින් තොරව ඉතා කුඩා වයසේ පාසල් දරුවන් පවා මෙලෙස සුදුවෙන ආලේපන භාවිත කරනු ලබන්නේ කිසිදු නියාමනයක් නොමැතිවය.
රූපලාවණ්‍යාගාරයේ උපකරණවල පිරිසුදුකම
රූපලාවණ්‍යාගාරයක් සිත් ළගන්නාසුලු පෙනුමින් යුතු වීමෙන් පාරිභෝගිකයා ඒ වෙත ඇදී එන්නේ නිරායාසයෙනි. බාහිර පෙනුම සේම රූපලාවණ්‍ය ශිල්පියාගේ වැඩ පහසු කරන උපකරණද රූපලාවණ්‍යාගාරයක තිබිය යුතුම වේ.
සේවාදායකයා සතුටු කරන අන්දමේ ෆේෂල් එකක් කරන්න මඟ පෙන්වීමේ පළමුවැන්න පසුගිය සතියේ ඉදිරිපත් කළා.
ෆේස් වොෂ්, ඩීප් ක්ලෙන්සර්, ටෝනර් ආදියෙන් පිරිසුදු කරගත් මුහුණ ෆේෂල් එකක් සඳහා කරන සූදානම කොයිවගේද කියලා බලමු.
නිල්වන් දෙනයනක්, නාදලුවන් දෙතොලකට හිමිකම් කියන්නට ලැබීම ඇත්තෙන්ම භාග්‍යයකි. එවන් ඇස් දෙකකට, තොල් දෙකකට මේක්අප් කිරීමෙන් පසු ලැබෙන්නේ අපූර්වතම ආශ්චර්යයකි.
යොවුන් දියණියගේ හැඩ වඩාත් ඔප්නැංවෙන මේ සොඳුරු ගවුම් විලාසිතාව අද මඟ තොටේ ඔබ නෙතු ගැටෙන ජනප්‍රිය විලාසිතාවකි. යෙහෙළියන් සමඟ විනෝද ගමනකට වගේම සාමාන්‍ය ගමනකදී සැරසී යාමටත් ගැළපෙන අපූරු විලාසිතාවකි. ඔබේ දෑතින් මසා ගන්නා මේ ගවුම සඳහා රෙදි තෝරා ගැනීමට වග බලාගන්න.
එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල හිතෙන ඕනෙම දෙයක් තමන්ගේ ශරීරයට කරන්න හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා.
නිරතුරුවම අලුත් සිතුම් පැතුම්වලින් හෙබි රූපලාවණ්‍ය ශිල්පිනියක්වන ඔබ මේක් අප් කිරීමේදී ඒ සඳහා නවීන පන්නයේ ශිල්පීය ක්‍රම භාවිත කරන්නියක් විය යුතුයි. ඔබේ රූපලාවණ්‍යාගාරය වෙත ගනුදෙනුකරුවන් ඇදී එන්නේ ඒ අනුවයි.
රූපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ අනගි අවස්ථාවයි මෙතැන් පටන් දිගහැරෙන්නේ. මේ ලිපි මාලාව රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස තම වෘත්තිය පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අයට මෙන්ම රූපලාවණ්‍ය කෙරෙහි නොතිත් ආශාවෙන් පෙළෙන ඔබටද වැදගත් වනු ඇති. ඒ අනුව පළමුව දිගහැරෙන්නේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමේ වැදගත්කමේ සිට රූපලාවණ්‍ය ශිල්පියකු විසින් වැඩි දියුණු කරගත යුතු, ගුණාංග සහ ආකල්ප පිළිබඳ යි.
රූපලාවණ්‍ය ශිල්පිනිය
රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන තැනැත්තකු හෝ තැනැත්තියක් රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස හැඳින්වේ. මෙම වෘත්තිය තෝරා ගන්නා කෙනකු වඩා කාර්යක්ෂම සහ ප්‍රියමනාප අයකු විය යුතුයි.
මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස මූලධර්ම නිසි පරිදි හදාරා තිබීමත් තම අත්දැකීම්ද එක්කොට සාර්ථක ලෙස රූපලාවණ්‍ය කටයුතුවල නිරත වීමත් වැදගත් වේ. එහිදී උනන්දුවෙන් හා සුපරික්ෂාවෙන් කටයුතු කිරීමෙන් තම අරමුණු හා අපේක්ෂා සාර්ථක කර ගත හැකි වනු ඇත.
රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස සියලුම අංශ හදාරා තිබුණද අවශ්‍ය නම් එක් අංශයක් පමණක් වුවද ප්‍රගුණ කළ හැකි වේ. එහිදී පහත පරිදි තමන්ගේ කැමැත්ත අනුව එක් අංශයක් වුව තෝරා ගැනීමේ හැකියාව ඇත.
* Beautician (රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස)
* Nail Decorator (නිය අලංකරණ ශිල්පියකු ලෙස)
* Make- up Artist (මුහුණ හැඩගන්වන ශිල්පියකු ලෙස)
* Bridle Dresser (මනාලියන් හැඩගන්වන ශිල්පියකු ලෙස)
රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමේදී මුදල් උපයා ගැනීම පමණක් නොව කායික හා මානසිකව ද තෘප්තියක් ලැබිය යුතුය. එනම් න්‍යායික දැනුම (Theory) පමණක් නොව ප්‍රායෝගිකව ද (Practically) හොඳින් ඉගෙන ගෙන තිබීම වැදගත් වේ.
රූපලාවණ්‍ය පිළිබඳ කෙතරම් දැනුම දියුණු කළ ද තම දේශයට හා සංස්කෘතියට ගැළපෙන පරිදි රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමට රූපලාවණ්‍ය ශිල්පියෙක් කටයුතු කළ යුතු වේ.
ඔයා මෙච්චර කාලයක් හිතුවේ අත්වල ලස්සන ගැන විතරද? පාදවල ලස්සන ගැන හිතුවෙම නැද්ද? ඔයා දන්නවද, පිරිමි උදවිය ගැහැනුන්ගේ පාදවල ලස්සන පිළිබඳ වඩාත් උනන්දුයි කියලා.
රූපලාවණ්‍ය ලෝකයේ පෙඩිකියු සත්කාරය වෙන්වන්නේම පාදවල පිරිසුදු බව හා හැඩවැඩ සඳහාමයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීම රූපලාවණ්‍යයේ සුවිශේෂී අංගයක්. ලස්සන වෙන්න හිතන අයට අනවශ්‍ය රෝම තිබීම බාධාවක්.
බෙල්ල කළු වීගෙන එන බව හෝ දැනටමත් අවපැහැ වී ඇති බව සිතමින් ඔබ සිත් තැවුලෙන් ඉන්නවා ද? එය අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. හිරු එළියට නිරාවරණය වීම, හෝමෝන සහ සම ආශ්‍රිත තත්ත්වයන් නිසා බෙල්ලේ සම අඳුරු වීමට ඉඩ ඇත. කළු බෙල්ලේ තත්ත්වය, එම බෙල්ල ප්‍රදේශයේ සම ඝන හෝ රළු වීමට බලපායි. මෙය සාමාන්‍යයෙන් භයානක තත්ත්වයක් නොවේ.
මෙනිකියු සහ පෙඩිකියු ලෙස හඳුන්වන්නේ රූපලාවණ්‍යාගාරයකදී රූපලාවණ්‍ය ශිල්පියකු විසින් දෙඅත් සහ දෙපා සඳහා කරනු ලබන විශේෂ ප්‍රතිකාර ක්‍රමයකි.
නියපොත්තේ වැඩීම සාමාන්‍යයෙන් මසකට සෙන්ටිමීටර් 0.3 ක් පමණ වේ. නියපොතු වර්ධනය වීම කෙරෙහි පෝෂණය හා සෞඛ්‍යසම්පන්න බව බලපායි. මේ අනුව එකිනෙකාගේ නියපොතුවල ඝනකම හා වැඩිමේ වේගය වෙනස් වේ. සාමාන්‍යයෙන් අතේ නියපොතුවල වර්ධන වේගය කකුලේ නියපොතුවල වර්ධන වේගයට වඩා දෙගුණයක් වැඩිය.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා බොහෝ දෙනා රූපලාවණ්‍යාගාරයක පිහිට පතන්නට පුරුදුව සිටියි. මේ නිසා රූපලාවණ්‍ය යේ දී අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සුවිශේෂි තැනක් හිමි වෙයි.
අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ කර්තව්‍යය සඳහා රූපලාවණ්‍යාගාරයක පිහිට පතා පැමිණෙන ගනුදෙනුකරුවකුගේ අවශ්‍යතාව මනා අවබෝධයකින් යුතුව කළ යුතුවේ.
හිසෙහි ඇති හිසකෙස් හැරුණු කොට සිරුරේ අනෙකුත් ස්ථානවල ඇති හිසකෙස් නැතහොත් රෝම කෙනකුට අඩු වැඩි වශයෙන් පීඩා ගෙනදෙයි. ලේසර් හිසකෙස් ඉවත් කිරීම යනු ශරීරයේ විවිධ ප්‍රදේශවල රෝම ඉවත් කිරීම සඳහා ලේසර් හෝ සාන්ද්‍රිත ආලෝක කදම්භයක් භාවිත කරන ක්‍රියා පටිපාටියකි.
නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම ගැහැනු ළමයකුගේ හීනයක්. හැබැයි හීන බලපු පළියට තමන්ට දිදුලන සමක් අයිති කරගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක්ම තමයි.
හිසකේ විලාසිතාවලට මෝස්තර ලෝකයේදී ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. විලාසිතාවන් දැමීම දක්වා හිසකේ වඩවා සකසා ගැනීමත් එම මෝස්තර ලෝකයේ සැලකිය යුතු රාජකාරියක් වී තිබේ. මෝස්තර ලෝකයේදී යැයි අප කීවාට හිසකේ විලාසිතාවක් දැමෙන්නේ මෝස්තර සංදර්ශනයකදී හෝ විලාසිතා දැක්මකදී පමණක් නොවේ. අද සාමාන්‍ය ගමනට බිමනටත්, විනෝද ගමනටත්, මඟුල් ගෙදරටත් කාන්තාවට හිසකේ විලාසිතාව නැතිවම බැරි දෙයක් වී තිබේ.
අඩුපාඩුවකින් තොරව ඇඳුමක් මසන්නට ඉගෙන ගැනීම කොතරම් වටිනවාද? ලොකු ආර්ථික සටනක යෙදෙන අද කාලේ එහි අගය නිමක් නැහැ. මේ අත්වැල ආදරණීය ඔබටම ඔබේ ඇඳුම මසා ගැනීම උදෙසායි.
Page 2 of 26