Thursday, September 12, 2024
Follow Us
ඔළුව නිදහස් වෙන්න තිබ්බටු තලපයක්

ස්වාභාවික පැක් එකක් පාවිචිච් කිරීම මඟින් හිස්හොරි සදහටම අතුරුදන්කර ගන්න

කෝමාරිකාවල තියෙන සිසිල් ගුණය හිස්හොරිවලට හොඳ ප්‍රතිකර්මයක්

මේ හිස්හොරිවලට හේතුව Malassezia කියන දිලීරය. මේ දීලීරය අපි හැමෝගෙම සමේ අඩු වැඩි වශයෙන් තියෙනවා.

හිස්හොරි එහෙමත් නැත්තම් Dandruff කියන්නෙ හිසරදයක්. මොකක්ද මේ හිස්හොරි කියන්නෙ.

හිස්හොරි කියන්නෙ හිසේ සම ඉතා කුඩා ස්තර ලෙස ගැලවී යන චර්ම රෝගයක්. ඉතා සුළු වශයෙන් ඇතිවන මෙම හිස්හොරි තත්ත්ව ඉතා බරපතළ චර්ම රෝගී තත්ත්වයක් ලෙසට එනම් Seborrheic Dermatitis බවට පත්වීමට පුළුවන් කොහොම වුණත් සාමාන්‍ය හිස්හොරි තත්ත්ව අපට පහසුවෙන්ම හොඳකර ගන්න පුළුවන්.

මේ හිස්හොරිවලට හේතුව Malassezia කියන දිලීරය. මේ දීලීරය අපි හැමෝගෙම සමේ අඩුවැඩි වශයෙන් තියෙනවා. දිලීරය වැඩිපුරම කැමති තෙල් අධික සමේ ජීවත් වෙන්න. අපි හැමෝගෙම හිසේ සම අනෙක් ප්‍රදේශවලට වඩා අධික තෙල් ගතියකින් යුක්තයි. මේ නිසා තමයි Dandruff කියන තත්ත්වය හිසේ ඇතිවෙන්නෙ. හිසේ සම ගැලවී යාම, වියළි සමේ ඇතිවීමට පුළුවන්. ඒත් ඒ ඉතාම කලාතුරකින් මේ Dandruff තත්ත්වයට ඇතිවුණ විගස ඉතා ඉක්මනින් ප්‍රතිකාර කළ යුතුයි. මොකද අපේ මේ තත්ත්වය නිසා ඇතිවන අතුරු ප්‍රතිඵල අපිට විශාල ගැටලුවක් වෙන්න පුළුවන්.

මොනවද මේ Dandruff නිසා ඇතිවන වෙනත් ගැටලු,

මූලිකවම හිස කෙස් යාම, කුරුලෑ ඇතිවීම.

මේ කරදරකාරී තත්ත්වය මඟඇරගන්න කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකාර කිහිපයක් වගේම Natueal Hair Mask එකක් ගැන අපි අද බලමු.

1 ක්‍රමය - ගොඩපර

ගොඩපර ගෙඩි කියන්නේ වෙල්යාය ආශ්‍රිතව බහුලව හොයාගන්න දකින්න ලැබෙන ගෙඩි විශේෂයක්. ආයුර්වේද හා පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවටත් අනුව ගොඩපර යුෂ හිස්හොරි සඳහා හොඳ ප්‍රතිකර්මයක් ලෙසයි සඳහන් වෙන්නේ. ගොඩපර ගෙඩි කිහිපයක් හොඳින් කොටා රෙදිකඩක් ආධාරයෙන් යුෂ වෙන්කර ගන්න. එම යුෂ හිස් කබලෙහි ආලේපකර මිනින්තු 15ක් පමණ තබා සෝදා හරින්න. මේ මඟින් හිස්හොරි නැති වෙනවා වගේම හිසකෙස් Conditioner එකක් ක්‍රියාකරන නිසා හිසකෙස් සඳහා දීප්තිමත් පෙනුමක් ලබා ගන්න පුළුවන්.

2 ක්‍රමය - කොහොඹ

කොහොඹ කියන්නේ විෂබීජ නාශක ගුණයෙන් ඉහළ දෙයක් කියලා අපි හැමෝම දන්න කාරණක්. ඒ නිසාම තමයි ගොඩක් ක්‍රීම්, ක්ලේන්සර්, ෂැම්පු වගේ නිෂ්පාදනවලට කොහොඹ සාරය යොදා ගෙන තියෙනවා හිස්හොරි ඇති කරන ක්ෂුද්‍රජීවින් විනාශ කරන්න. ඉතින් මේ කොහොඹවලට පුළුවන්. කොහොඹ කොළ හොඳින් කොටලා මිරිකා යුෂ ටික අරගෙන හිස්කබලේ ගල්වාගෙන විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. මේ මඟින් වාර 2ක 3ක කාලයකදී හිස්හොරි ඉවත්කර ගන්න පුළුවන්.

3 ක්‍රමය - තිබ්බටු

තිබ්බටු කියන්නෙ කැල්සියම්, ප්‍රෝටීන්, තන්තු, කාබෝහයිඩ්‍රේට් විතරක් නෙමේ පොස්පරස්, විටමින් B3, B විටමින්, B6 ඇතුළු පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පිරුණු ආහාරයක්. හිස්හොරි සඳහා ද මේ තිබ්බටු ඉතාමත් හොඳ ප්‍රතිකාරයක් නිවෙසේදී තිබ්බටු ගෙඩි කිහිපයක් හොඳින් තළා එය මුළු හිස්කබල පුරා ආලේපකර විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

4 ක්‍රමය -කෝමාරිකා

කෝමාරිකාවල තියෙන සිසිල් ගුණය හිස්හොරිවලට හොඳ ප්‍රතිකර්මයක්. ඒ වගේම තමයි බැක්ටීරියාවලට එරෙහිව සටන් කරන්නත් කෝමාරිකාවලට හැකියාව තියෙනවා. කෝමාරිකාවල සාරය ඝනකමට අරගෙන හිසේ ගල්වා හොඳින් අතුල්ලන්න. විනාඩි 20ක් පමණ හිසේ තිබෙන්නට හැර සෝදා හරින්න. මෙය හැමෝම පිළිගනී. හොඳම විසඳුමක්. පහසුවෙන් ගෙදරදීමකර ගන්න පුළුවන්.

මේ ස්වාභාවික ක්‍රම කිහිපය අනුගමනය කරනවා වගේම, අපිට පුළුවන් හිස්හොරි සඳහා සතියට එක දවසක් ස්වාභාවික පැක් එකක් පාවිචිච් කිරීම මඟින් හිස්හොරි සදහටම අතුරුදන්කර ගන්න.

බලන්නකො අවශ්‍ය මොනවද කියලා

උළුහාල් මේස හැඳි - 2ක්

දෙහි යුෂ මේස හැඳි -2ක්

උළුහාල් ටික ඇල්වතුර දාලා රැයක් පෙඟෙන්න තියන්න. උදේට ඒක අරගෙන වතුර ටික පෙරලා Blender Cup එකට දාලා හොඳින් Blender කරගන්න. වතුර එකතුකර ගන්න විට ප්ලප් එකක් වනතෙක් Blender වීම අවශ්‍යයි.

මේකට අපි උළුහාල් ගන්න විට බැදපු උළුහාල් නොවේ ගන්න ඕනෙ. සාමාන්‍ය උළුහාල් පාවිච්චි කළ යුතුයි. මේ මිශ්‍රණයට දෙහි බෑයක් යුෂ මේස හැඳි 2ක් එකතුකර ගන්න. මේ මිශ්‍රණය හොඳින් කලවම් කරලා සම්පූර්ණයෙන්ම හිස්කබල ආවරණයවන පරිදි ගා ගන්න. කොටසෙන් කොටස ගා ගැනීමේදී හිස වැහෙන ආකාරයෙන් ගා ගන්න. පැය 1/2ක් විනාඩි 4ක් පමණ තබා සෝදා හරින්න. සේදීමේදී මතක තබාගත යුතු කරුණ තමයි Shampoo හෝ Condition ඒ දිනය තුළ භාවිත නොකිරීම.

 

Tharunie