Saturday, July 27, 2024
Follow Us
ලස්සන මේක් අප් එකක් හැඩැති වුවනක්

නිරතුරුවම අලුත් සිතුම් පැතුම්වලින් හෙබි රූපලාවණ්‍ය ශිල්පිනියක්වන ඔබ මේක් අප් කිරීමේදී ඒ සඳහා නවීන පන්නයේ ශිල්පීය ක්‍රම භාවිත කරන්නියක් විය යුතුයි. ඔබේ රූපලාවණ්‍යාගාරය වෙත ගනුදෙනුකරුවන් ඇදී එන්නේ ඒ අනුවයි.

විවිධ මේක් අප් වර්ග උපයෝගී කරගෙන ස්වභාවික හැඩරුව ඉස්මතුකර ගැනීම මේක් අප් කිරීමේ දක්ෂතාවයි. ඇතැම් ඉරියව් වෙනස් කර ගැනීමටත් දුර්වලතා මඟහරවා ගැනීමටත් මේක් අප් භාවිත කරයි. උපත ලබන සෑම අයකුම එකිනෙකාට වෙනස් හැඩරුව හා ස්වභාව අනුව උපදී. බොහෝ විට බොහෝ අයට අසමාන ඉරියව් ඇත. රූපලාවණ්‍ය ශිල්පියා මෙම වෙනස්කම් හා අඩුපාඩු හඳුනාගෙන ශරීරයේ හා මුහුණේ ඉරියව් නිවැරැදිව සකසා ගත යුතු වේ. සේවාදායකයාගේ මුහුණේ අඩුපාඩු නොපෙනෙන ලෙස හැඩගැන්විය යුතුය. වේශ නිරූපණය යනුවෙන් අදහස් කරන්නේ පුද්ගලයකුගේ ශරීරයේ බාහිර ස්වරූපය වෙනස් කිරීමයි. සාමාන්‍ය ස්වභාවික වේශ නිරූපණයක සිට මනාලියන්ගේ වේශ නිරූපණය දක්වා අවස්ථාවන් මෙහිදී ඉගෙන ගත යුතුයි.

ඕනෑම පුද්ගලයකුගේ මුහුණේ ඇති අඩුපාඩු අවමකර ගනිමින් අවශ්‍ය හැඩතල කැපී පෙනෙන ආකාරයට ඉස්මතු කිරීමට රූපලාවණ්‍ය ශිල්පියා දක්ෂ විය යුතුයි. නිසි ඉ⁣ගැන්වීමකින් තොරව අපිළිවෙළට කරනු ලබන මේක් අප් මඟින් විකෘති වූ පෙනුමක් ලැබේ. කාන්තාව කුමන වයසක කුමන තරාතිරමක සිටියද වයසට හා අවස්ථාවට අනුව මේක් අප් කළ යුතුය.

මේක් අප් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු

* සමේ ස්වභාවය : තෙල් ද වියළි ද යන බව

* සමේ පැහැය : පැහැපත් ද තලෙළු ද, තද තලෙළු ද යන වග

* වයස

* සහභාගිවන උත්සව අවස්ථාව

* පාරිසරික සාධක

මේක් අප් වර්ගීකරණය

* Mate make up - Pancake

* Oily make up - Stick

* Gloss make up - Liquid

Mate make up - Pancake

මෙය තෙත ස්පොන්ජ් එකක් ආධාරයෙන් මුහුණ මත ආලේප කරයි. ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටවලට මෙය වඩාත් ගැළපේ. Mate මේක් අප් ක්‍රමවේදය හරහා සමේ තෙතමනය රඳා පවත්වාගෙන සමට සුමුදු බවක් ලබා දේ. මෙය ජලය සමඟ මිශ්‍රකර භාවිත කරයි. සමේ වර්ණය අනුව ගැළපෙන වර්ණයෙන් තෝරාගත හැකි වේ. ඕනෑම මේක් අප් කරගැනීමක් සඳහා මෙම Water base foundation ක්‍රමවේදය සුදුසු වේ.

Oily make up - Stick

මේක් අප් කිරීමේදී මූලිකව Foundation යොදා ගනියි. එහිදී ආරම්භක අවස්ථාව ලෙස Foundation stick එක භාවිත කරයි. සමේ ඇති අව පැහැ ගැන්වුණු තැන් කළු ලප හා කැලැල් ආවරණයකර එකම වර්ණයකට ගෙන ඒම මෙම Foundation stick හරහා සිදු කෙරේ. Oily foundation බොහෝ දුරට වායුසමනය කළ පරිසරයක් තුළ රඳා පවත්වා ගැනීමේ කාලය වැඩිවේ.

Gloss make up - Liquid

වියළි හා ලප කැලැල් රහිත හෝ සහිත රැලිගැසුණු වියළි සමට මෙන්ම සාමාන්‍ය සමට ද භාවිත කළ හැකියි. දිස්නයක් හා දිදුලන බවක් ලබාදේ.

මේක් අප් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීම

මේක් අප් කිරීම සඳහා විවිධ වර්ණ තෝරා ගැනීම

* නිල් වර්ණය : සමේ පැහැය සුදු සහ

දීප්තිමත් කිරීම සඳහා

* කොළ වර්ණය: රතු සහ සුදු පැහැය

ඉස්මතු කිරීමට

* කහ වර්ණය : සමේ වර්ණය

ප්‍රබෝධමත් කිරීම සඳහා

* දම් හා රෝස වර්ණය : සුදුමැලි වූ සම සෞම්‍ය හා දීප්තිමත් කිරීම සඳහා

* සුදු වර්ණය : අලංකාර සමක් සඳහා

කන්සීලර් (Consealer)

මේක් අප් කිරීමට ප්‍රථමව භාවිත කරයි. ප්‍රධාන වශයෙන් කන්සීලර් වර්ග තුනකි.

Liquid Consealer

පැල්ලම් සහිත සමට හා වයසට ගිය සමේ ලප කැලැල් වැසීමට භාවිත කරයි.

Pencil Consealer

රැලිගැසුණු සමට හා හැඩය වෙනස් කිරීමට භාවිත කරයි.

Cream Consealer

පැල්ලම් කළු ලප හා ඇස් යට අඳුරු තැන් මැකීමට භාවිත කරයි.

ෆවුන්ඩේෂන් (Foundation)

මේක් අප් කිරීමට ප්‍රථමව අවස්ථාව, ස්ථානය, කාලය අනුව ෆවුන්ඩේෂන් වර්ගය තෝරාගත යුතුය. සමේ වර්ණය සහ සමේ වර්ගය අනුවද තෝරාගත යුතු වේ. සමට සුමුදු ආවරණයක් ලබා දී අසාමාන්‍යය බවක් ඇත්නම් එය සඟවා අනෙක් මේක් අප් ද්‍රව්‍ය ද දිගු වේලාවක් රඳවා ගැනීමට ෆවුන්ඩේෂන් උපකාරී වේ. අවශ්‍යතාව අනුව වර්ණය තෝරා ගත යුතු අතර වර්ණ දෙකක් හෝ තුනක් මිශ්‍රකර අවශ්‍ය වර්ණය සාදා ගත හැකියි.

Compact powder/ Translution powder

Compact powder භාවිත කරන්නේ සමට දිදුලන බවක් ලබා දීමටයි. ෆවුන්ඩේෂන් ආලේපනයට පසු එය දිගු වේලාවක් රඳවා ගැනීමටත් සමේ දිදුලන බව මෙන්ම දහදිය මතු පිටට ඒම වැළැක්වීමටත් භාවිත කරයි. ෆවුන්ඩේෂන් වර්ග මෙන්ම බොහෝ වර්ණවලින් ලබාගත හැකියි. පවුඩර් බ්‍රෂ්, ස්පොන්ජ් ආධාරයෙන් ආලේප කළ හැකියි.

Highlight (Shimmer)

බ්‍රෂ් එකක් ආධාරයෙන් ආලේප කරන අතර මුහුණේ විවිධ හැඩ අනුව ආලේප කරන ආකාරය වෙනස් වේ. නාසය උඩ, නළල දෙපස, කම්මුල් දෙපස, තොල ඉහළ, නිකට මැද ආදි තැන්වල ආලේපකර මුහුණේ හැඩතල සඳහා ඉලිප්පීමක්, තරුණ පෙනුමක් ලබා දීමට උත්සාහ කරයි. මුහුණට සේම ශරීරයේ අංග උලුප්පා පෙන්වීමට Body Shimmers එක් කරනු ලැබේ. එය Compact Highlighter, Spray highlighter (liquid) ආදී ලෙස වෙළඳපොළෙන් මිලදී ගත හැකියි.

බ්ලෂර් (Blusher)

විවිධ හැඩ අනුව blusher ආලේප කරන ආකාරය වෙනස් වේ. මෙමඟින් මුහුණේ හැඩතල ඉස්මතු කිරීමටද මුහුණේ හැඩතල Cutකර පෙන්වීමටද blusher යොදා ගනී. වර්ණ අනුව මෙය ගළපා ගත යුතුය. කම්මුල දෙපස, නිකට මැද, තොල යට, Double chin cut කිරීමට ආදී තැන්වලට ආලේප කරනු ලබයි.

 

-Tharunie