Sunday, September 08, 2024
Follow Us
කෝපි කාලෙ සුදු නෝනල ලස්සන වුණු රහස මෙන්න

අද යුවතියන් සුදු සමක් වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. එහි ආදීනව ගැන හරි හැටි අවබෝධයක් වූ දාට තමන් කරපු මෝඩ වැඩෙන් බේරෙන්න එක එක ක්‍රියාමාර්ග හොයනවා. ඔන්න ඉතින් ආදරණීය ඔබේ සුවතාවයත්, ලස්සන රූ සපුවත් රැක ගැනීමට උදෙසා අපි මේ කොෆි ෆේෂල් එක ලබා දෙන්නෙමු.

දකුණු අප්‍රිකාවෙන් බිහිවන කෝපි ලෝකය පුරාම ඉතාමත් ජනප්‍රිය පානයක් බව හැමෝම දන්න කරුණක්. ඉංග්‍රීසි ජාතිකයන් ලංකාවට ප්‍රථමයෙන්ම කෝපි හඳුන්වා දුන් අතර එදා සිටම වගේ ලාංකිකයන් කෝපි පානයට පුරුදු වුණා.

කෝපිවල B කාණ්ඩයේ විටමින් වර්ග බහුලව අඩංගුවන අතර Riboflavin (B2) Pantothenic Acid (B5) Niacin (B3) වගේ විටමින් අඩංගුයි. ඒ වගේම මැග්නීසියම්, පොටෑසියම් ද බහුලව අඩංගු වෙනවා. විශේෂයෙන් කැෆේන් අඩංගුවන නිසා උ‍ෙද්‍යා්ගිමත්ව කටයුතු කිරිමට කෝපිවලින් හැකියාව ලැබෙනවා. මානසික ඒකාග්‍රතාවය, මොළයේ වර්ධනය, පරිවෘත්තිය ක්‍රියාකාරීත්වය ඉහළ දැමීමටත් කෝපි වලට පුළුවන්.

මේ ඔක්කොම ප්‍රතිලාභ ලැබෙන කෝපි ශරීරය අභ්‍යන්තරය වගේම බාහිරටත් යොදා ගැනීමෙන් ලැබෙන වාසි මුළු ලෝකය පුරාම පිළිගෙන තියෙනවා.

කාන්තාවන්ගේ රූපය රැක දීමට කෝපි භාවිත කරමින් ලෝකය පුරා විවිධ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙද්දී ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් රූපාලාවණ්‍යකරණය වර්තමානය වනවිට fashion එකක් බවට පත් වෙලා. කාන්තාවක් නිතරම Facial එකක් කරනවානෙ. එහෙනම් ස්වාභාවික කෝපිවලින් කරන්න පුළුවන් Facial එකක් ගැන අපි අද බලමු. මූණේ තියෙන මැරුණු සම හොඳින් ඉවත් වෙලා පිරිසුදු වෙනවා වගේම කළු ලප, හා පිග්මන්ටේෂන් වලටත් ඉතා සාර්ථක Facial එකක්. දැන් හැමෝම උත්සාහ කරන Whitening එකක් මුහුණට ලබා ගන්න මේකෙන් පුළුවන්.

* Coffee Facial එකක පියවර

* Cleanser

* Scrub

* Face Pack

* Coffe Cleanser එක සාදාගන්නා ආකාරය හා Cleanser කරන අයුරු

පිරිසුදු භාජනයක් ගෙන එයට කෝපි කුඩු තේ හැඳි 1/2ක්, කෝමාරිකා ජෙල් තේ හැඳි 1ක් එකතුකර ගන්න. කෝමාරිකා ජෙල් නොමැති නම් ස්වාභාවික කෝමාරිකා මදය ගෙන බ්ලෙන්ඩ්කර එකතුකර ගත හැකිය.

එම මිශ්‍රණය ඇඟිලි තුඩුවලට ගෙන මෘදු ලෙස මුළු මුහුණෙහිම තවරා Cleanser කරගන්න.

මුහුණෙහි ඇති විඩාබර ගතිය, අඳුරු බව ඉවත්කර සමට දීප්තියක් ලබා දෙමින් පිරිසුදු කිරීමට මෙම Coffee Cleanser එකට හැකියාව ඇත.

* Coffee Scrub එක සාදාගන්නා ආකාරය හා Scrub කිරීම

පිරිසුදු භාජනයක් ගෙන එයට කෝපි කුඩු තේ හැඳි 1ක්, සීනි තේ හැඳි 1ක් එකතුකර හොඳින් මිශ්‍රකර ගන්න. පසුව අඟල් 3ක පමණ කෝමාරිකා කෑල්ලක් ගෙන කටු කොටස ඉවත්කර හොඳින් සෝදා දෙකට වෙන්කර ගන්න. කෝමාරිකා මදය හොඳින් මිශ්‍රණයේ ගාගෙන මුහුණේ තවරා ගන්න. කෝමරිකා කැබැල්ලෙන්ම රවුමට විනාඩි 2ක් පමණ Scrub කරගන්න.

ඕනෑම ස්වාභාවික Scrub එකක් කරන අවස්ථාවක කෝමාරිකා කෑල්ලක් ගත්විට මුහුණේ හොඳින් තෙතමනය රඳවාගෙන Scrub කිරීමට පුළුවන් වගේම සමහර අයගේ Scrub කිරීමේදී සම සීරීමට ලක්වීම, රතු වීමට අැති ඉඩකඩ මේ මඟින් වැළකී යයි.

සමෙහි ඇති කුණු දූවිලි ඉවත්කර මැරුණු සම ඉවත් කිරීමට මෙම Coffee Scrub එක උදව් වෙයි. ඒ වගේම කෝපි, සීනි, කෝමාරිකා මිශ්‍රණය මඟින් සමෙහි කුරුලෑ අැතිවීම පාලනය කිරීමට හැකියාව ඇත.

* Coffee Face Pack

පිරිසුදු භාජනයක් ගෙන එයට කෝපි කුඩු තේ හැඳි 2ක්, කඩල පිටි තේ හැඳි 2ක්, මී පැණි තේ හැඳි 2ක්, ලෙමන් යුෂ තේ හැඳි 1ක්, යෝගට් තේ හැඳි 2ක්, එකතුකර ගන්න. නමුත් තෙල් සහිත සමක් ඇත්නම් යෝගට් එකතු කරන්න එපා.

මෙම ද්‍රව්‍ය සියල්ල හොඳින් මිශ්‍ර කරගෙන බ්‍රෂ් එකක් යොදා ගනිමින් ඝනකම් ලෙස මුහුණ පුරාම තවරා ගන්න. විනාඩි 40ක් පැය 1/2ක් පමණ වියළෙන්නට හැර සීතල වතුරෙන් සෝදා හරින්න.

වර්තමානය වනවිට බ්ලීචිං යොදා ගනිමින් සම පැහැපත් කරනවා වෙනුවට ස්වාභාවික සත්කාර මඟින් රූපය රැක ගැනීමට බොහෝ දෙනා පෙලඹී තිබීම සතුටට කාරණවකි. බ්ලිචිං ආසාදන දැනටමත් තිබෙන කෙනෙක් නම් ඔබට මෙම කෝපි සත්කාරය ඉතාමත් හොඳ විසඳුමක් ලබාදෙන බව ද නිසැකයි.

Tharunie