නිය අලංකරණය කියන්නේ වෙනමම කලාවක්. වර්තමානයේ නිය අලංකරණය සඳහා තරමක මිලක් වැය වුණත් එය තරුණියන් අතර ඉතාම ජනප්‍රියයි. කාලෙන් කාලෙට එන විලාසිතා අතර මේ දවස්වල Trending වෙලා තියන nail arts ගැනයි තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් කතා කරන්නේ.
වයස් භේදයකින් තොරව සියලුම කාන්තාවන් අතර නිය අලංකරණය අද ජනප්රි මෝස්තරයක් බවට පත්ව තිබේ. අලංකාර ස්වාභාවික නිය පෙළක් ඇත්තේ ස්වල්ප දෙනකුට පමණි. නමුත් ස්වාභාවික නියට සමානවම කෘත්‍රිම නිය ආදේශ කොටගෙන විවිධ වර්ණ, විවිධ මෝස්තර රටා මැවීමට දැන් හැකියාව ඇත. මෙනිසා නිය සැරසිලි (Nail arts) සඳහා ව්‍යාජ නියපොතු (fake Nails) වැඩි ඉල්ලුමක් පවතී.
නියපෙළ ක්‍රමවත්ව පිහිටා නොමැති යම් යම් හේතූන් නිසා නිය අවලස්සන වී ඇති නිතර කැඩීයන සුලු නිය ඇති අයට ස්වාභාවික පෙනුමට ආසන්න පෙනුමැති කෘත්‍රිම නිය සවිකර ගැන්මට හැකියාව ඇත. නියපොතු දිගුවන් Nail extensions කෘත්‍රිම නියපොතු වෙනුවට ආදේශකයක් නොව, ස්වාභාවික නියපොතු සඳහා දිගුවකි.ඇක්රලික් සහ ජෙල් නේල් දැන් බොහෝ දෙනෙකු අතරේ ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ව්‍යාජ නියපොතු නිසියාකාරව සවි කරනවා නම් කෙසේවත් නියවලට හානිකර නොවේ. ඇක්රලික් හා ජෙල් නේල් සවි කිරීමෙන් පසුව කිසිම ආකාරයකින් ඉන් කෘත්‍රිම පෙනුමක් ඉස්මතු වන්නේ නැහැ.
කෘත්‍රිම නියපොතු ආදේශ කිරීමෙන් නියපොතු සැපීමේ පුරුද්දක් ඇති අයට එයින් මිදීමට, කැඩුණු නියපොත්තක් ආවරණය කිරීමට, ඉතා කෙටි නියපොතුවලින් ඇතිවන අවලක්ෂණ පෙනුම නැතිකර ගැනීමට, ඉක්මනින් හානියට පත්වන නියපොතු ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත . දිගු කාලයක් ගෙන නිය ආලේපන ගැල්වීම සිදු කිරීමට අපහසු කාර්යබහුල කාන්තාවන්ට ද මෙම ක්‍රමය ප්රෙය්ජනවත්.
ව්‍යාජ නියපොතු සවි කළ පසු නිය පෙළට ලස්සන නිමාවක් ගෙන දෙන අතර, එය වැඩි ශක්තිමත් බවකින් ද යුක්ත වනවා. අවශ්‍ය වන අවස්ථාවන්වලදී ගල්වා ඇති නිය ආලේපන හෝ නේල් ආට් එක ඉවත් කර නැවත තමන් කැමති අයුරින් නිය අලංකරණය කරගැනීමට ද හැකිය. මෙය හිතුණ විටෙක ඉවත් කර දැමීම කළ නොහැකි අතර අපරික්ෂාකාරී ලෙස ඉවත් කරන්නට ගියහොත් ස්වාභාවික නිය හානි විය හැකියි. සවි කරන ලද නිය නැවත ඉවත් කිරීමක් කරනවා නම් පළපුරුදු දැනුමක් ඇති සුදුසුකම් ලත් ස්ථානයකට යා යුතු වේ. මෙලෙස සවි කළ ව්‍යාජ නියපොතු ඉවත් කළ පසු එයට යටින් තිබෙන ස්වාභාවික නියවලට සත්කාර කිරීම නම් ඉතාමත්ම වැදගත්.
-Tharuni