Wednesday, October 16, 2024
Follow Us
එයාගේ Hair Style එකේ ලස්සන

ක්ලිප් ගණනාවක් හිසේ ගසා සකසන කොණ්ඩා මෝස්තර වෙනුවට loose hair එකක් ලෙස සකසන Temporary hair style දැන් තාරුණ්‍යයේ පසුවන යුවතියන් පමණක් නොව කාන්තාවන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා.

ජනප්‍රිය Temporary hair settings ක්‍රම කිහිපයක් පිළිබඳව අපි පසුගිය සතියේ කතා කළා. ඒ සඳහා එක් කරගන්නා උපකරණ පිළිබඳත් මනා අවබෝධයක් තිබිය යුතුමයි.

Hair Dryer

රූපලාවණ්‍යාගාරයක සේවාදායකයින් වෙනුවෙන් වැඩිපුරම භාවිත වන උපකරණයකි, Hair Dryer එක. හිසකෙස් වියළා ගැනීමට සහ blow dry කිරීමට මෙය යොදා ගැනේ. මෙය උපයෝගී කරගෙන තාවකාලික ලෙස හිසකෙස් සකස් කරගත හැකිවේ. ඒ උෂ්ණත්වය හා සුළඟේ වේගය පාලනය කර හිසකෙස් ඇද සකස් කිරීමෙනි. උෂ්ණත්වය හා සුළඟේ වේගය පාලනය කරගත හැකි ආකාරයෙන් මෙම උපකරණය සකස් කර තිබේ.

Nozzle

Hair dryer මඟින් උෂ්ණත්වය පැමි⁣ණීමේ වේගය පාලනය කර හිසකෙස් මත අවශ්‍ය තැන්වලට යොමු කරගැනීමට උදව්වන ලෙස මෙම උපකරණය සකසා ඇත.

* ඩිපියුසරය (රැලි සහිත හිසකෙස් සඳහා)

* Concentrator (ඍජු හිසකෙස් සඳහා)

* Flick(පනාව ආකාරයට)

Blow dry කරන ආකාරය

* Flick out - රෝල බ්‍රෂ් එකක් ආධාරයෙන් හිසකෙස් අග කොටස පිටතට තබන ආකාරයෙන් සැකසීම

* Flick In - රෝල බ්‍රෂ් එකක් ආධාරයෙන් හිස කෙස් අග කොටස ඇතුළට නැමෙන සේ සැකසීම

* Straighting - ඩෙල්මන් බ්‍රෂ් එක ආධාරයෙන් හිසකෙස් ඇද කෙළින් සිටින සේ සැකසීම

* Voluming - හිසකෙස්වලට පිරිපුන් බවක් ආරෝපණය කිරීම

Roller Setting ක්‍රමය

රෝලර් සෙටිං ක්‍රමයට හැඩගැන්වීම මඟින් හිසකෙස් විවිධ මෝස්තරයන්ට අනුව හැඩගැන්විය හැකි වේ. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් රෝලර් වර්ග භාවිත කළ හැකියි. රෝලර්ස් ගමන් කරන දිශාව, හැඩය හා රෝලස්වල වට ප්‍රමාණය අනුව හිසකෙස් විවිධ ප්‍රමාණයෙන් රැලි ගන්වා විවිධ නිර්මාණ කළ හැකියි.

සාමාන්‍ය රෝල භාවිතය

(Wet roller)

ෂැම්පු කරගත් හිසකෙස් තුවායක් මඟින් තෙතමාත්තු කර ජෙල් හෝ මූස් වැනි සුදුසු ස්ටයිලිං ද්‍රව්‍යයක් යොදා හොඳින් පීරා කොටස්වලට බෙදා රෝලස් යොදාගත යුතුයි. හුඩ් ඩ්‍රයරයෙන් විනාඩි විස්සක් තිහක් අතර කාලයක් වේළාගත හැකියි. රෝලර්ස් සියල්ල ඉවත් කර අවශ්‍ය මෝස්තරය ද නිර්මාණය කරගත හැකියි.

ක්‍රිම්ප් අයන් යන්ත්‍රය

(Crimp Iron)

මෙය විද්යුතය මඟින් තාප ගන්වා ක්‍රියාකරන උපකරණයකි. මෙමඟින් වියළි ස්ටයිලින් ද්‍රව්‍ය යොදා හිසකෙස් විවිධ අන්දමින් හැඩ ගැන්විය හැකියි.

හිසකෙස් අයන භාවිතය

(Hair Iron)

මෙයද විද්යුතය මඟින් තාප ගැන්වෙන වියළි ස්ටයිලින් ද්‍රව්‍ය යොදා හිසකෙස්වල රැලි හරිමින් කෙළින් කිරීම තාවකාලිකව සිදු කරයි.

Pin Curls

මෙය ආකාර දෙකකි.

1. Flat pin curls(Flat)

2. Barrow pin curls

(Stand up)

මෙහිදී බැරලයක් ආකාරයට කටු යොදා රෝල්කර සකසයි. විනාඩි 20ක් 30ක් පමණ කාලයක් රඳවා වියළි වූ පසු කටු ගලවා ගැනීමෙන් pin curls නිර්මාණය වේ.

Hair Wax

මෙම වැක්ස් වර්ග හිසකේ සඳහා දීප්තියක් ලබා දීමට එක්කරයි. පිරිමි පාර්ශ්වය අතර ඉතා ජනප්‍රිය වේ.

හිසකෙස් තාවකාලිකව සැකසීම සඳහා යොදා ගන්නා පනා සහ බ්‍රෂ් වර්ග

* ඩෙන්මන් බ්‍රෂ් (Denman brush)

* ෆ්ලැට් බ්‍රෂ්(Flat brush)

* කූර සහිත පනාව(Teal comb)

* රෝලර් බ්‍රෂ්(Roller brush)

* බැක්කෝම් පනාව (Back comb)

* වෙන්ට් බ්‍රෂ්(Vent brush)

* පර්මින් රොඩ්ස් (Perming rods)

හිසකෙස් හැඩගන්වන ද්‍රාවණයන් සහ ඒවායේ භාවිතය

තාවකාලිකව හැඩගන්වන මෙම ද්‍රාවණයන් ජලය මඟින් පහසුවෙන් ඉවත් කළ හැකියි.

Hair spray

මෙය වෙළෙඳපොළේ ස්ප්‍රේ ආකාරයට බෝතල්වල අසුරා ඇත. මෙහි ප්‍රධාන සංඝටකයන් වන්නේ මද්‍යසාර හා ජලයයි. වියළි හිසකෙස් මෝස්තරයක් ලෙස නිර්මාණය කළ පසු අවුල් නොවී ගැලවී නොයා හොඳින් රඳවා ගැනීමට මෙය භාවිත කෙරේ. ඇස්වලට නොයන ලෙස මේ විදීම කළ යුතුයි.

setting lotion

තෙත හිසකෙස් සඳහා පොදු විලාසිතා කළ හැකියි. විවිධ වර්ණ අඩංගු කළ Setting lotion වර්ග වෙළෙඳපොළේ ඇත.

Hair Moose

තෙත් වූ වියළි හිසකෙස් සඳහා භාවිත කළ හැකියි. ස්වාභාවික හිසකෙස් අවුල් සහගත නොවී පවත්වාගෙන යෑමට මෙමඟින් හැකි වේ.

Hair Gel

ජෙල් ආකාරයෙන් වෙළෙඳපොළේ භාජනවල අසුරා ඇත. හිසකෙස් සඳහා තෙත ස්වභාවය හා දිලිසෙන ස්වභාවය මින් ලබාදේ. හිසකෙස් ඉතා තද ලෙස සවිමත් කිරීමට හා සාමාන්‍ය ලෙස පවත්වාගෙන යෑමට විවිධ සාන්ද්‍රණයන්ගෙන් යුතු ජෙල් වර්ග ඇත.