Monday, September 16, 2024
Follow Us
ජීවිතේම අඳුරු කරන කැළැල් මකන හොඳම විදිහ

කාන්තා, පිරිමි වෙනසක් නැතුව හැමෝටම ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ. අපේ හම හැදිලා තියෙන්නේ අපිචර්මය හා චර්මය කියන කොටස් දෙකෙන්. මේ චර්මයේ තියෙන කොලජන්වල බිඳ වැටීමක් එහෙමත් නැත්නම් ඉරීමක් නිසා තමයි මේ ස්ට්‍රෙච් මාර්ක් ඇතිවෙන්නේ.

එහෙනම් අද බලමු මොකක් ද මේ ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ කියල.‍ මේවා ඇතිවෙන්න හේතු ගණනාවක් තියෙනවා.

* ගර්භණී කාන්තාවන්ට උදරයේ සම ඇදීමකට ලක්වීමේදී ස්ට්‍රෙච් මාර්ක් තත්ත්වය ඇතිවීම ප්‍රබලම කරුණක්.

* අපේ ඇඟේ බර ඉතා ඉක්මනින් වෙනස් වීම, නැතිනම් අඩු වැඩිවීම සිදුවෙනවා නම් මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.

* කාය වර්ධන කරන අයගෙත් මේ තත්ත්වය දක්නට පුළුවන්.

* සමහර ක්‍රීම් වර්ග, ඖෂධ වර්ග ගැනීම නිසා එන්න පුළුවන්.

(Steroids) අඩංගු ක්‍රීම් හා ඖෂධ වර්ග නිසා)

මීට අමතරව ශරීර අභ්‍යන්තරයේ ඇති රෝග තත්ත්වයන් නිසාත් ස්ට්‍රෙච් මාර්ක් ඇතිවන්න පුළුවන්. ස්ට්‍රෙච් මාර්ක් කියන්නේ ඉතා ඉක්මනින් ඇති වුණත් පහසුවෙන් ඉවත් කළ හැකි දෙයක් නෙමෙයි. මුල් අවස්ථාවේ සම මත රෝස හෝ රතු පැහැයට හුරු ඉරි තැළුණු ස්වභාවයක් ඇති මාර්ක් දක්නට ලැබෙනවා. හැබැයි කාලයක් යද්දී මේ මාක්ස් සුදු පාට නැතිනම් අව පැහැයකට හැරෙනවා. රෝස එහෙමත් නැතිනම් රතු පාටට තිබෙන මූලික අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් මේක සම්පූර්ණයෙන්ම නැති කරගන්න පුළුවන්.

ඔන්න ඉතින් අද අපි කියලා දෙනවා මේ සඳහා නි‍ෙවසේදීම කරගන්න පුළුවන් ස්වාභාවික ‍ප්‍රතිකාර හෝ රූපලාවණ්‍ය ක්‍රම කිහිපයක් කියලා දෙනවා. මේ මොන දේ කරන්නත් පළමුව හොඳ Scrub එකක් කිරීම සිදු කළ යුතුයි.

ඒ සඳහා,

සීනි කෝප්ප හැඳි 1ක්

දෙහි යුෂ තේ හැඳි 1/2ක්

ඔලිව් ඔයිල් ස්වල්පයක්

මේ ද්‍රව්‍ය සියල්ල එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. මාර්ක් තියෙන තැන්වල මේ මිශ්‍රණය ආලේපකර අත මෘදුව රවුම් අතට හොඳින් පිරිමදින්න. මේ Scrub කිරීම මඟින් සමේ තිබෙන රළු ගතිය ඉවත් වෙලා යනවා. එමඟින් අපි කරන සත්කාරය සමට උරාගන්න පහසු වෙනවා. මේක විනාඩි පහක් පමණ සිදුකර හොඳින් පිසදා ඉවත් කරගන්න.

මාර්ක් ඉවත් කරගන්න හැකි ක්‍රීම් එක හදාගන්නේ මෙන්න මෙහෙමයි

මේ සඳහා අවශ්‍ය:-

බිත්තර සුදුමද තේ හැඳි 1/2ක්

විටමින් E කරලක්

අර්තාපල් කුඩා ගෙඩියකින් හදාගත් පේස්ට් එකක්

බිත්තරවල සමට හිතකර පෝෂණ සංඝටක රැසක් අන්තර්ගත වෙනවා. එමඟින් ස්ට්‍රෙච් මාර්ක් ඉවත් කරන්න උදව් වෙනවා. දැන් අර්තාපල් කුඩා ගෙඩියක් වතුර ස්වල්පයක් සමඟ මිශ්‍රකර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. විටමින් E කරල සහ ඔලිව් ඔයිල් මිශ්‍රණය බීටරයක් ආධාරයෙන් ක්‍රීම්වන තෙක් බීට් කරගන්න. මෙම මිශ්‍රණය ස්ට්‍රිච් මාක්ස් ඇති ස්ථානවල ආලේපකර පැයක් පමණ තිබෙන්නට හැර ඉවත් කරගන්න. මඳ උණුසුම් face towel එකක් ආධාරයෙන් ඉතා ඉක්මනින් ඉවත්කර ගත හැකියි. ඊළඟ පියවර ලෙස අපි Moisturize (මොයිස්වරයිසර්) එකක් ආලේපකර ගත යුතුයි. ඒ සඳහා හමුවන හොඳම ස්වාභාවික මොයිස්චරයිසර්) රයිසර් එක තමයි කෝමාරිකා කියන්නේ කෝමාරිකා කෑල්ලක් ගෙන හොඳින් සෝදා දෙපැත්තේ කටු ඉවත් කරගන්න. එහි මදය හූරාගෙන ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් සමඟ හොඳින් මිශ්‍රකර පෙර සකසා ගත් ක්‍රීම් එක ආලේප කරගන්න. මේ වගේ එකක් අවම වශයෙන් සතියකට දවස් තුනක්වත් නොකඩවා කළ යුතුයි. හැබැයි අපි මතක තබාගත යුතු කරුණක් තමයි මේ ස්ට්‍රෙච් මාර්ක් ඔක්කොම දවසින් දෙකෙන් ඉවත්වෙලා යන්නේ නැහැ. නොකඩවා මාසයක් එකහමාරක් පමණක් මෙය කිරීම මඟින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි සත්කාරය නොකරන දිනවලටත් ස්වාභාවික කෝමාරිකා මේ ස්ට්‍රෙච් මාර්ක් තිබෙන තැන්වල ආලේප කිරීම සිදු කළ යුතුමයි. නැතිනම් එම ස්ථාන වේළීම මඟින් තත්ත්වය නැවත ඇති වෙන්න පුළුවන්.

ඒ වගේම මේ ස්ට්‍රෙච් මාර්ක් සඳහා අපිට රාත්‍රි සත්කාරත් කරන්න පුළුවන්.

ඒ සඳහා

ඔලිව් ඔයිල් තේ හැඳි 1ක්

එඬරු තෙල් තේ හැඳි 1ක්

තල තෙල් තේ හැඳි 1ක්

විටමින් E කරල් 2ක්

මේ සියලුම තෙල් වර්ග හොඳින් මිශ්‍රකර බෝතලයකට දාලා තියා ගන්න පුළුවන්. දිනපතා රාත්‍රී නින්දට යාමට ප්‍රථම කැළැල් ඇති ස්ථානවල මේ තෙල් මිශ්‍රණය ආලේප කළ යුතු වෙනවා. අපි දන්නවා රාත්‍රි කාලයේ නින්දෙදි අපේ සමේ සෛල වර්ධනය සිදුවෙනවා කියලා. මේ නිසා රාත්‍රිය පුරාම මේක අපේ කැළැල් ඇති සම මත තිබීම මඟින් එහි පෝෂණ සංඝටක සියල්ල සමට උරාගෙන කැළැල් නැති සමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම අපි හැමෝගෙම සම එක වගේ නැහැ. ඉතින් මේ ඇතිවෙන ස්ට්‍රෙච් මාර්ක් අපේ ස්කින් එකේ ප්‍රභේදයන් අනුව. ඝනත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. එබැවින් සමහර අයට මාස දෙක තුනකින් ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් තවත් සමහරුන්ට සති තුනක් හතරක් යනකොටත් ප්‍රතිඵල ලැබිය හැකි වගේම සුදු වෙන ක්‍රීම් ගාලා ඇතිවෙන ස්ට්‍රෙච් මාර්ක් මකා ගැනීමට නම් මාස හයක් පමණ කාලයක් ගතවේ. කොහොම නමුත් මේ ස්වාභාවික සත්කාර තමයි සෞඛ්‍ය සම්පන්න නිරෝගී සමකට වඩාත් යෝග්‍ය වන්නේ.

Tharunie