Tuesday, September 17, 2024
Follow Us
අහකදාන කෙසෙල් ලෙල්ල හැඩ කරනව මෙහෙම කෙල්ල

ගැහැනු ළමයෙක්ගේ ලස්සන කිව්වම මුහුණ විතරක් ලස්සන වෙලා මදිනේ. පංචකල්‍යාණයෙන්ම සම්පූර්ණ වෙන්න ඕනේ. ඒකෙනුත් කොණ්ඩයට ලැබෙන්නේ විශේෂ ස්ථානයක්. ලස්සන නීරෝගි පිරිපුන් කෙස් කළඹක් කියන්නේ ඉතින් ඕනෑම කාන්තාවකගේ හීනයක්. පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කර බලන අයට ඇස හිත දෙකම ආකර්ෂණය කරන්න පුළුවන් අංගයක් තමයි ලස්සන කොණ්ඩය. ඉස්සර කාලේ අපේ අම්මලා, ආච්චිලාට රූපලාවණ්‍යාගාර නෑනේ. විශේෂ අවස්ථාවකට හැරුණාම රූපලාවණ්‍ය සත්කාරයන් කරගන්නේ තමන් විසින්ම තමයි. එදිනෙදා ගෙදර දොරේ පාවිච්චි කරන දේවල් උපයෝගී කරගෙන හරි අපූරුවට ඒ අය ඒගොල්ලන්ගේ රූපය රැක ගත්තා.

මේ කොහොම වුණත් වර්තමානයේදී හිසකෙස් සඳහා කරන වෙනස්කම් නම් එමටයි. විවිධ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් මේ හිසකෙස්වලට විවිධාකාර හැඩතල, වර්ණ, රූපයන් මවන්න තරම් නවීන විලාසිතා ලෝකය දියුණු වෙලා තියෙනවා. නවීන විලාසිතාවන් කොතරම් බිහි වුණත් මිනිස් හිසකෙස් නිර්මාණය වෙලා තියෙන ව්‍යුහය වෙනස් කරන්න අපිට වුවමනාවක් නැහැ.

ඉතින් මේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය නිසා මේ ස්වාභාවික හිසකෙස්වලට සිදුවන හානිය කෙතරම්ද කියා ඔබ දන්නවා ද?

අපි බලමු මේ Damage Hair එකක් කියන්නේ මොකක්ද කියලා.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ chemical භාවිතය එසේ නැතිනම් hair color, hair straighting, hair relaxing වගේ දේවල් කළාම විතරයි අපේ කොණ්ඩේ damage වෙන්නේ කියලා. ඒත් මේ බාහිර ආලේපනය විතරක් නෙමෙයි අපේ hair එක damage කරන්න පුළුවන් තව ගොඩක් දේවල් තියෙනවා. දේශගුණික වෙනස්වීම්, වතුර මල වෙනස්කම්, හිරු එළිය, අහිතකර කිරණ, කුණු දූවිලි, කොණ්ඩෙ පිරිසුදු නොවීම වගේ හේතු ගොඩක් නිසා අපේ කොණ්ඩේ දුර්වර්ණ වෙලා දුර්වල වෙන්න පුළුවන්.

මේ හැමදේකටම කලින් අපි බලමු අපේ කොණ්ඩය අපි කොහොමද හඳුනා ගන්නේ කියලා. අපේ සමේ වර්ග තිබෙනවා වගේ හිසකෙස්වලත් විවිධ ලක්ෂණ අනුව අපිට වර්ග කරන්න පුළුවන්. තෙල් සහිත හිසකෙස්, වියළි හිසකෙස්, අගිස් පැළුණු දුර්වර්ණ වූ හිසකෙස් ආදී ලෙස වෙනස්කම් අනුව වර්ග කරන්න පුළුවන්. ඒ වගේම හිස්හොරි වගේ ආසාදන තත්ත්වයන් සහිත scalp එකක් නැති හිසකෙස් අපිට දැණගන්ට පුළුවන්. මේ කුමන ආකාරයක හිසකෙස් තිබුණත් ඕනෙම අවස්ථාවක damage තත්ත්වයට පත් වන්න පුළුවන්.

අපේ hair එක damage වෙලාද කියලා දැනගන්නේ කොහොමද?

මේ තත්ත්වය මුලින්ම අපට අවබෝධ වෙන්නේ දිනකට ගැලවී යන හිසකෙස් ප්‍රමාණය වැඩි වීම තමයි, මූලිකම ලක්ෂණය වෙන්නේ. ඒ වගේම කොණ්ඩය ඉතා තුනී වෙන්න පටන් ගන්නවා, අතින් අල්ලන කොට කැඩෙන ස්වභාවයක් දකින්න පුළුවන් වෙනවා. නිතරම කොණ්ඩේ හැම පැත්තෙන්ම අවුල් වෙන්නට පටන් ගන්නවා, කොණ්ඩය ගොඩක් වියළි බවක් පෙන්නුම් කරනවා වගේම කොණ්ඩේ අගිස් පැළෙන්න පටන් ගන්නවා. මේ ලක්ෂණ අපිට මතුපිටින් පෙණනුණට සමහර අවස්ථාවල අපේ කෙස් ගසේ මුලට එසේ නැත්නම් root එකට ලොකු හානියක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයන්ගෙන් මිදෙන්න නම් අපි බාහිරින් ගන්නා සත්කාර වගේම ඇඟ අභ්‍යන්තරයටත් පෝෂණය ලබාගන්න ඕනේ. කෘත්‍රිම ආහාර පාන, උෂ්ණාධික ආහාර වලින් මිදිලා ඇඟ සිසිල් කරන ආහාර නිතරම ලබාගන්න අවශ්‍යයි. එවිට අපේ හිසකෙස් වර්ධනය කරගන්න අපිට පුළුවන් වෙනවා.

අපි බලමු මේ දුර්වල වුණු හිසකෙස් එසේ නැතිනම් damage hair එකකට අපිට ගෙදර ඉඳන්ම කරගන්න පුළුවන් සත්කාර මොනවද කියලා...

අපි සැලොන් එකක් තුළත් මේ damage hair එකකට නිතරම කරන සත්කාරයක් තමයි Keratin Hair Treatment කියලා කියන්නේ. මොකක්ද මේ Keratin කියන්නේ. ප්‍රෝටීන් එකක්. අපේ කොණ්ඩේ නියපොතුවල මේ Keratin protein එක තියෙනවා. මේ ප්‍රෝටීන් එක නිසා අපේ කොණ්ඩේ ශක්තිමත් වෙනවා. මේ ප්‍රෝටීන් එක අඩංගු ආලේපයක් බාහිරව ආලේප කිරීම මඟින් තමයි මේ Keratin Treatment එක salonවල කරන්නේ. මේ treatment එකට රූපලාවණ්‍යගාර තුළ ලොකු මුදලක් වැය වෙන බව අපි හැමෝම දන්න කරුණක්. ඉතින් අපිට මේ Keratin Treatment එක මඟින් damage hair එකකට ගෙදරදීම සත්කාර කරගන්නේ කොහොමද කියලා අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 01ක්

මී පැණි තේ හැඳි 01ක්

යෝගට් කෝප්ප 1/2ක්

එඬරු තෙල් තේ හැඳි 01ක්

හොඳටම ඉදුණු ඇඹුල් කෙසෙල් 02ක්

කෝමාරිකා මද තේ හැඳි 02ක්

මුලින්ම ඇඹුල් කෙසෙල්වල ලෙලි ඉවත් කරගෙන පුංචි කොටස්වලට කපාගන්න. බිත්තර හා මේ කෙසෙල් ටික කැබලි නැති වෙන්න හොඳින් smooth ලෙස blend කරගන්න. දැන් මේ මිශ්‍රණයට යෝගට්, මී පැණි, එ‍ෙඬරු තෙල්, කෝමරිකා මද සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. මේක ඉතා හොඳින් මිශ්‍ර වෙන්න ඕනෙ ක්‍රීම් එකක් ආකාරයටම. මේ සත්කාරය කරන්න කලින් අපි හොඳින් කොණ්ඩයේ ෂැම්පු කරලා පිරිසුදු කර ගන්න ඕනේ හැබැයි conditioner භාවිත කරන්න එපා. මොකද conditioner මඟින් අපේ කෙස් ගසේ cuticle එක වැහෙනවා. හෙම වුණොත් අපිට මේ සත්කාරයේ ප්‍රතිඵල ගන්න බැරි වෙනවා.

කොණ්ඩෙ ටිකක් තෙත් කරලා අපි මේ මිශ්‍රණය කොණ්ඩේ ආලේප කරගන්න ඕනේ. පැය දෙකකින් ඇරලා සෝදා ගන්න පුළුවන්. හැබැයි shampoo භාවිත කරන්න.

මේ සත්කාරය සති දෙකකට සැරයක් කිරීම මඟින් අපිට හිසකෙස්වල ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙනවා. මොකද අපි භාවිත කරපු අමුද්‍රව්‍යවල keratin හා biotin කියන ප්‍රෝටීන් වර්ග අන්තර්ගත වෙලා තියෙනවා. මේ තරම් සුළු වියදමකින් ගෙදර ඉඳන්ම keratin treatment එකක් මඟින් damage hair එක නැතිකර ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවේ නෑ නේද?

අත්හදා බලන්න.