Wednesday, October 16, 2024
Follow Us
අක්කලට, නංගිලට ටක්කෙටම කෙස් ගහට බණ්ඩක්කා සාත්තුවක්

ලස්සන කෙස් කළඹකට කාන්තාවක් වුණ අපි හැමෝම කැමැතියි. ඒ නිසාම අපි අපේ කොණ්ඩෙට නොකරන දෙයක් නැහැ. මේ අතරින් වර්තමානයේ ප්‍රචලිතම දේවල් තමයි ස්ෙට්‍ර්ට් straight, රීබෝන්ඩිං Rebonding, රිලැක්ස් Relaxing. අපි මේ මොන දේ කළත් දැනුවත් වීමකින් කළ යුතුමයි. මොකද අපි පාවිච්චි කරන්නේ chemicals නම් අපි ඒ ගැන දැනුවත් කෙමිකල් වෙන්නම ඕනේ. ස්ට්‍රේටිං, රීබෝන්ඩිං, රිලැක්ස් තුනටම ගොඩක් දෙනෙක් භාවිත කරන්නේ ස්ට්‍රේටිං straightening කියලා. හැබැයි මේ තුන අතර එකිනෙකට වෙනස්කම් තියෙනවා.

ස්ටේටිං Straightening, රිලැක්සිං Relaxing, රීබොන්ඩිං Rebonding කියන්නෙ මොකක්ද බලමු.

ආසියාතික රටවල්වල ජීවත් වෙන අපි හැමෝටම උරුම වෙලා තියෙන්නේ ටිකක් කැරලි සහිත කොණ්ඩයක්. අපේ රටවල් ටිකක් උෂ්ණාධික රටවල් නිසාම මේ කොණ්ඩේ වියළි ගතියෙන් යුක්තයි. මේ වියළි කැරලි සහිත කොණ්ඩය ටිකක් කරදරකාරී වගේම වියළියි. ඒ වගේම maintain කරන්න අපහසුයි. ඒ නිසාම ගොඩක් දෙනෙක් කොණ්ඩේ කෙළින් කරන්න පෙලිඹිලා ඉන්නවා. ස්ට්‍රේට් Straight එකකදී 80% පමණ ප්‍රමාණයකුත් Bonding එකකදී 95% ක් පමණ ප්‍රමාණයකුත් Relaxing එකකදී 45%ක් 50%ක් පමණ ප්‍රමාණයකුත් රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය කරලා කොණ්ඩය කෙළින් කිරීමක් තමයි වෙන්නේ.

මේ රසායනික ක්‍රියාවලියට කලින් අපි දැනුවත් විය යුතු දේවල්

විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕනෙ අපේ කොණ්ඩයේ නීරෝගිකම ගැන අපේ කොණ්ඩය ගොඩක් ගැලවෙනවා නම් අගිස් පැළිලා නම් අපි කල්පනාකාරී වෙන්න ඕනේ.

ඒවගේම කලින් කලර් කරලා තියෙන කොණ්ඩයක් හෝ කුමන හෝ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා තියෙනවා නම් අපි විශේෂයෙන් අවධානයකින් මේ ක්‍රියාවලිය කරන්න ඕනේ.

අපි මේ straight, Rebonding, Relaxing වලදි භාවිත කරන රසායනික ද්‍රව්‍ය එනම් straighting cream ගොඩක් ක්‍රියාකාරීත්වයක් තිබෙන ද්‍රව්‍යයයි. ඉතින් අපේ කොණ්ඩයට මේ දේවල් ආලේප කිරීමේදී වෙනත් රසායනික ප්‍රතික්‍රියා සිදු නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. කලින් colour කරලා තියෙන කොණ්ඩයක් නම් දුර්වල තත්ත්වයේ පවතිනවා. එවිට අපි කල් නොවෙන්න හොඳ සැලකිලිමත්ව මේ ස්ට්‍රේටිං, රීබොන්ඩිං, රිලැක්ස් කරන්න ඕනේ.

නැතිනම් අපිට අපේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන්න පුළුවන්.

ඒ වගේම තමයි හිසේ තුවාල, හිස්හොරි වගේ දේවල් තියෙනවා නම් මේ රසායනික ක්‍රියාවලි කරන්න හොඳ නැහැ.

ඔබ ගැබිනි මවක් නම් කිසිම විටෙක මේ ක්‍රියාකාරකම නොකළ යුතුමයි. කිරිදෙන අම්මා කෙනෙක් නම් වුවද මෙය නොකළ යුතුයි.

ඒවගේම ආසාත්මිකතා තිබෙන විට මේ (ස්ට්‍රේටිං, රීබොන්ඩිං, රිලැක්ස්) කරනවා නම් කිරීමට ප්‍රථම ආසාත්මිකතා පරීක්ෂණයකට ලක්විය යුතුයි.

ඒවගේම පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පියකු හෝ ශිල්පිනියක් මේ සඳහා තෝරා ගන්න ඕනේ. භාවිත කරන නිෂ්පාදන ඉහළ ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕනේ.

මෙයින් සිදුවන අහිතකර ප්‍රතිඵලය හා එයට සත්කාර කළ යුතු පිළිවෙළ.

රසායනික ද්‍රව්‍ය අපේ කොණ්ඩෙට එකතු කළ පසු කලින් තිබුණු ශක්තිමත් නීරෝගි කොණ්ඩේ නැති වෙලා යනවා. ඊට පසුව අපට damage කොණ්ඩයක් ලැබෙනවා. මේ හේතුව නිසා අපේ කොණ්ඩේ ගොඩක් දුරට වියළි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අගිස්ස පැළිලා දුර්වර්ණයක් දකින්න ලැබෙනවා.

මේ කෙමිකල් ට්‍රිට්මන්ට් chemical treatment එකකින් පස්සේ අපේ කොණ්ඩේ අපි පරෙස්සමෙන් රැක බලා ගත යුතුමයි. නැතිනම් කොණ්ඩය අපිට නැති වෙලා යන්න තියෙන ඉඩකඩ බොහෝමයි.

ඉතින් මේ හැම දේකටම හොඳම උත්තරය තමයි, ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරලා කළ හැකි සත්කාර කිරීම.

අපි ආසාවෙන් කරන ස්ට්‍රේටිං, රීබොන්ඩිං, රිලැක්ස් වගේ treatment වුණත් අපිට ස්වභාවික එදිනෙදා හොයාගන්න පහසු දේවල්වලින් කරන්න පුළුවන්. ස්වභාවික දේවල්වලින් අපි කරන ස්ට්‍රේට් එකක් කෙමිකල් වර්ග භාවිත කිරීමෙන් කරන ස්ට්‍රේට් එකක් තරම් කාලයක් අපේ කොණ්ඩයේ තිබෙන්නේ නැහැ. ඒත් ස්වභාවික දේවල් භාවිත කරන නිසා නිතර නිතර මේ සත්කාරය කිරීමෙන් කොණ්ඩයට හානියක් වෙන්නෙ නම් නෑ.

හැබැයි කෙමිකල් භාවිත කරන ස්ට්‍රේටිං, රීබොන්ඩිං, රිලැක්ස් අපි එක සැරයක් කළාම පස්සේ නැවත කරනවා නම් මාස 9 පසුව තමයි අපි කරන්න ඕනේ. ඒ වගේම saloon එකකට ගිහින් අපි කරන කෙමිකල් ට්‍රිට්මන්ට් වලට ලොකු මුදලක් වැය වෙනවා වගේම අපේ සෞඛ්‍යය පවත්වාගෙන යන්න හොඳ ක්‍රියාවක් නම් නෙමෙයි.

අසනීප තත්ත්වයන් තිබෙන කාන්තාවන්ට, දරුවකු ලැබෙන්න සිටින කාන්තාවකට, කිරිදෙන මව්වරුන්ට, අඩු වයසක සිටින කෙනකුට මේ කෙමිකල් යොදාගෙන කරන ස්ට්‍රේට් කරන්න හැකියාව නැහැ. නමුත් ස්වභාවික දේවල් යොදා ගෙන කරන ස්ට්‍රේටිං ක්‍රමය ඕනෑම කෙනකුට සිදුකර ලස්සන වෙන්න දෙපාරක් හිතන්න ඕනේ නැහැ.

දැන් අපි බලමු ගෙදර තියෙන දේවල් යොදාගෙන කරන්න පුළුවන් ස්ට්‍රේටිං ක්‍රම කිහිපයක්.

*පළමුවැනි ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය -

බණ්ඩක්කා කරල් - 10ක්

බඩඉරිඟු - මේස හැඳි 2ක්

මුලින්ම අපි බණ්ඩක්කා කරල් ටික පොඩි කැබලිවලට කපාගෙන එය පිරිසුදු භාජනයකට දමා ගන්න. එයට වතුර වීදුරු දෙකක් දමා මඳ ගින්දරේ හොඳින් උතුරා ගන්න. හොඳින් උතුරා ගත් පසුව එය නිවෙන්නට තබා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩ්කර ගත්ත පේස්ට් එක කොට්න් රෙදි කැබැල්ලකට දමා හොඳින් පෙරා ගන්න.

වෙනත් භාජනයක් ගෙන ඇයට ඉරිඟු පිටි ටික දමා වතුර මේසේ හැඳි තුනක් එකතු කර ගන්න. මේක හොඳින් කලවම් කරගෙන එය බණ්ඩක්කා මිශ්‍රණයට එකතු කර කලවම් කර ගන්න. ඊට පසු භාජනයක් නැවත ළිපේ තබා එයට මිශ්‍රණය එකතු කර නොනවත්වා හැඳි ගාමින් මඳ ගින්නේ උතුරා ගන්න. ඒ අවස්ථාවේ මිශ්‍රණය ක්‍රීම් එකක් ආකාරයට සකස් වී තිබිය යුතුයි. මේ මිශ්‍රණය හොඳින් නිවෙන්න තබාගන්න.

අපි හොඳින් පිරිසුදු කරගත් හිසකෙස්වලට මෙම මිශ්‍රණය ආලේප කරගන්න. Shower cap එකක් භාවිතකර හිසකෙස් ආවරණය කරගෙන පැය දෙකක් පමණ තිබෙන්නට හරින්න. පසුව හොඳින් සෝදා කන්ඩිෂනර් පමණක් යොදාගෙන ඉවත් කර ගන්න. ෂැම්පෝ භාවිතා නොකළ යුතුයි) හිසකෙස් හොඳින් වේළා ගත්තට පසුව හෙයාර් අයන් එකක් ආධාරයෙන් අයන් කරගන්න. එවිට මේ ස්ට්‍රේට් එක සෑහෙන කාලයක් පවත්වා ගන්න පුළුවන් වෙනවා.

*දෙවැනි ක්‍රමය

අවශ්‍ය ද්‍රව්‍ය

පොල් කිරි - කෝප්ප 1ක්

බඩ ඉරිඟු මේස හැඳි 2ක්

ජෙලටින් මේස හැඳි 2ක්

පොල්තෙල් මේස හැඳි 2ක්

මී පැණි තේ හැඳි 2ක්

අපි භාවිත කරන පොල් කිරිවල බහුලව ලෝරික් ඇසිඩ් තියෙනවා. මේ මඟින් හිස කෙස්වලට පෝෂණයක් ලැබෙනවා වගේම දිදුලන ස්වභාවයක් ලබා දෙනවා. හිසකෙස් කැඩීම් අඩුකර වියළුණු හිසකෙස් නැවත පෝෂණය කර නීරෝගි කෙස් කළඹක් ලබා දෙනවා. පොල්තෙල්වලත් ලෝරික් ඇසිඩ් අන්තර්ගත වෙනවා. හිසකෙස්වල ඝනත්වය වැඩි කර ගන්න වගේම ශක්තිමත් කරන්නත් පොල්තෙල් උපකාරී වෙනවා. බඩ ඉරිඟු සහ ජෙලටින් එකට මිශ්‍රකර පොල් කිරි ටික මඳ ගින්දරේ විනාඩි පහක් රත් කර ගන්න. එයට පොල්තෙල් ටික එකතු කර ගන්න. හොඳින් කලවම් කර ගන්න ගමන් එයට ජෙලටින් බඩ ඉරිඟු එකතු කරලා හැඳිගාමින් ක්‍රීම් එකක් එන ලෙස සාදා ගන්න. පසුව ඒවා හොඳින් නිවෙන්නට තියලා එයට මී පැණි ටික එකතු කරගන්න. පැය දෙකක් පමණ හිසකෙස්වල තිබෙන්න හැර හොඳින් සෝදා ගන්න. කෙමිකල් යොදාගෙන කරන ස්ට්‍රේට්, රීබොන්ඩිං, රිලැක්ස් තරම් කොණ්ඩයට නීට් නොවුණට කොණ්ඩයට හානි නොකර ස්වභාවික සෞඛ්‍ය ආරක්ෂාකර ගනිමින් අපිට ලස්සන වෙන්න මේ ස්වභාවික ක්‍රම ඔබත් කර බලන්න.