ඕනම පවුලක කන්න ආසම කෑම මොකක්ද කියලා අහුවොත් වැඩිම මනාපය ලැබෙන්නෙ කේක්වලට ඒ කේක් අතරිනුත් වැඩිම දෙනා කැමැති වෙන්නෙ චොකලට් කේක් වලට. අන්න ඒ නිසා අපි කියලා දෙන්න යන්නෙ හරිම ක්‍රමයට හරිම රසට චොකලට් කේක් එකක් හදාගන්න විදිහ.
අවශ්‍ය ද්‍රව්‍ය -
පාන් පිටි ග්‍රෑම් 200ක්
කොකෝවා පවුඩර් ග්‍රෑම් 50ක්
සීනි ග්‍රෑම් 250ක්
මාගරින් ග්‍රෑම් 250ක්
බිත්තර 04ක්
කිරි මේස හැඳි 04ක්
බේකින් පවුඩර් තේ හැඳි 02ක්
වැනිලා තේ හැඳි 02ක්
සාදන ක්‍රමය -
01. මුලින්ම කේක් තැටියට බටර් ටිකක් ගාලා තෙල් කඩදාසි දමා තැටිය සූදානම් කර ගන්න.
02. කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් මිශ්‍රකර පෙනේරයකින් හලා ගන්න.
03. මාගරින් සහ සීනි බීටි කරගන්න. බීටරයක් මේ සඳහා යොදා ගැනීම ඉතා පහසු වෙනවා. ඔබ අතින් බීට් කරනවා නම් මිනිත්තු 15 - 20ක් හොඳින් බීට්කර ගත යුතු වෙනවා.
04. මාගරින් හොඳට බීට් වූවාට පසු බිත්තර එකතුකර බීට් කරගන්න. පසුව වැනිලා සහ කිරි එකතු කරන්න.
05. වැනිලා සහ කිරි එකතු කර ගැනීමෙන් පසුව පිටි එකතු කරන්න. සියලුම පිටි එකවර එකතු කරන්නේ නැතිව ටිකෙන් ටික මිශ්‍රණයට පිටි එකතු කරමින් එක පැත්තකට කලවම් කරන්න.
06. මිශ්‍රණය තැටියකට දමා කලින් රත් කර ගත් අවන් එකක් තුළ සෙල්සියස් අංශක 180° C උෂ්ණත්වයට මිනිත්තු 35 - 40 කේක් එක පුලුස්සා ගන්න.
07. අයිසින් කිරීමට පෙර හොඳින් නිවෙන්නට හැර කොටස් දෙකකට හරි මැදින් වෙන් කර ගන්න.
චොක්ලට් අයිසින් සඳහා -
බටර් ග්‍රෑම් 200ක්
චොකලට් පවුඩර් මේස හැඳි 1ක්
හලාගත් අයිසින් සීනි මේස හැඳි 8ක්
සාදන ක්‍රමය -
01. මුලින්ම බටර් එක සාමාන්‍ය කාමර උෂ්ණත්වයෙන් ගෙන හොඳින් බීට් කරන්න.
02. ඊළඟට අයිසින් සීනි හැඳි 8ක් හා චොකලට් පවුඩර් වරින් වර දමමින් හොදින් බීට් කරන්න.
03. ක්‍රීම් ගතියට මිශ්‍රණය ආ යුතුයි. තෙල් පෑදීමක් සිදු නොවිය යුතුයි.
04. දැන් කේක් එක මැදින් කපා එක කොටසකට මේ හදපු චොක්ලට් අයිසින් ගාලා අනිත් කේක් කොටස උඩින් තියා ගන්න.
Tharunie