01. මුලින් කැකිරි ගෙඩියක් අරගෙන ඒකෙන් සමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපාගන්න.
02. ඉන් පසු එකට කහ ටිකක් /මිරිස් කුඩු ටිකක් /අමුතුනපහ ටිකක් /බැදපු කරි පවුඩර් ටිකක් හා රස අනුව ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න.
03. භාජනයක් අරගෙන එයට ගා ගත් පොල් මිටක් /කරපිංචා කොළ ටිකක් /සූදුරු ටිකක් /වේළිච්ච මිරිස් කරල් කිහිපයක් /කුරුඳුපොතු කෑල්ලක් හා කරඳමුංගු ඇට 2-3ක් දමා හොඳින් කබලේ බැද ගන්න.
පසු එය හොඳින් බ්ලෙන්ඩර් කර කැකිරි මිශ්‍රණයට කලවම් කරන්න.
04. භාජනයක් අරගෙන එයට තෙල් ටිකක් දමා රත් වූ පසු එයට අබ ටිකක් දමා බැදෙන්නට හරින්න.
පසු එයට තළා ගත් සුදුලූනු ටිකක් දමා බැදෙන්නට හැර කපා ගත් ලූනු /අමුමිරිස් /කරපිංචා දමා හොඳින් මිශ්‍ර කරන්න.
05. පසුව කැකිරි ටික දමා හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් තියා ගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා උයාගන්න. ගොරකා කෑලි 2කුත් දමා ගන්න.
06. කැකිරි ටික හොඳින් පිසීගෙන එන විට එහි වතුර ගතිය හිඳී ගිය පසු පොල් කිරි ටිකක් දමා කැකිරි කරිය උකු වන තුරු උයාගන්න.
Tharunie