Thursday, September 19, 2024
Follow Us
මල් වගේ තොල් තියා ගන්න බීට් අල සත්කාර

නා දලුවන් දෙතොලක් ලස්සන මුහුණකට ලස්සන දෙතොලක් නම් හිමිවිය යුුතුයි. දෙතොල් කළු වීම, අඳුරු වීම අද බොහෝ දෙනෙක්ට මුහුණ දීමට සිදු වී තිබෙන තත්ත්වයක්. මේ තත්ත්වය නිසා අපේ මුහුණට ලැබෙන්නේ ප්‍රියමනාප පෙනුමක් නම් නෙමේ. තොල් කළු වීමට සෞඛ්‍ය හේතු වගේම බාහිරින් අප විසින්ම සිදුකරන වැරදි පුරුදු හේතුවක් වෙලා තියෙනවා.

අපි බලමු සෞඛ්‍ය හේතු මත එහෙම වෙන්නේ කොහොමද කියලා?

අප ගන්න ආහාර අඩුවීම වගේම ඒවායේ පෝෂණය අඩු වීමද මෙයට බලපාන්න පුළුවන්. මේ තත්ත්වය මන්ද පෝෂණ තත්ත්වයක් විය හැකියි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන අජීර්ණ තත්ත්වයක් හේතුවෙන්ද දෙතොල් කළු වීම, අවපැහැ ගැන්වීම සිදුවිය හැකියි. ඒ වගේම තමයි ජලය පානය අඩුවීම. මෙහිදී දෙතොල් වියළි අඳුරු පැහැයට හැරෙන්න පුළුවන්.

තව ද බාහිරව සිදු කරන ක්‍රියාකාරකම් නිසාත් තොල් කළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි භාවිත කරන lipstick වර්ග හොඳ තත්ත්වයේ ඒවායින් තෝරාගන්න අපි සැලකිලිමත් වෙන්න ඕනේ. නැතිනම් බාල වර්ගයේ තොල් ආලේපන නිසා තොල් කළු වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලිප්ස්ටික් රාත්‍රී කාලයේදී ඉතා හොඳින් දෙතොල්වලින් ඉවත් කරගන්න ඕනේ.

එසේ නොකළහොත් ඉතා ඉක්මනින් දෙතොල් කළු පැහැයට හැරෙන්න පුළුවන්.

අපි අධික විදිහට කැෆේන් භාවිත කරනවා නම් තොල් කළු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තේ කෝපි නිතරම බොන්න පුරුදු වෙලා තිබුණොත් නොදැනුවත්වම තොල් කළු වෙනවා.

වර්තමානයේ බොහෝ ප්‍රබල හේතුවක් වෙලා තියෙනවා දුම් පානය. මේ දුම් පානය නිසා තොල් කළු වෙනවා.

අවපැහැ ගැන්වුණු තොල්වලට නි‍ෙවසේදී කරගන්න පුළුවන් ප්‍රතිකර්ම මොනව ද බලමු.

මේ තත්ත්වය අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්.

1. ස්ක්‍රීබ් කිරීම

ස්ක්‍රීබ් කිරීම මඟින් තොල් කළු වීම නවතාලිය හැකියි. ඒ වගේම එමඟින් තොල්වලට හොඳින් රුධිරය සංසරණය වෙනවා. ආලේපන තොලට උරා ගන්න පහසු කරනවා. ඒ වගේම තොල් ආලේපන පවා පිළිවෙලකට තවරාගන්න උදව් වෙනවා.

2. අඳුරු පැහැය ඉවත් කිරීම හැකි ආලේපනයක් වීම.

3. තොල්වල තෙතමනය රැක ගැනීමට පුළුවන් 

ආලේපනයක් වීම.

තොල්වලට යොදන්න පුළුවන් ස්ක්‍රීබ් I

දෙහි තේ හැඳි 1/2ක්

මී පැණි තේ හැඳි 1/2ක්

මේ දෙහි මී පැණි එකට මිශ්‍ර කරල ඉතා මෘදුව තොල්වලට ස්ක්‍රීම් කරන්න. විනාඩි පහක් පමණ ස්ක්‍රීබ් කළාට පස්සේ සීතල ජලයෙන් සෝදා හරින්න. මෙහිදී දෙතොල්වල අඳුරු පැහැය ඉවත් වෙනවා. ඒ වගේම පෝෂණයක් ලැබේ.

ස්ක්‍රීබ් II

දෙහි තේ හැඳි 1ක්

සීනි තේ හැඳි 1/2ක්

මේ දෙක මිශ්‍රකර ඇඟිල්ලෙන් ස්ක්‍රීබ් කරගන්න. මේ දෙහිවල තියෙන bleaching ගුණය උපකාර වෙනවා තොල්වල පැහැය හදාගන්න. ඒවගේම සීනිවලින් මැරුණු සම ඉවත් වේ.

ස්ක්‍රීබ් III

රෝස වතුර

රෝස වතුර අපිට කඩෙන් ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගෙදරදි හදාගන්නත් පුළුවන්. රෝස මලක පෙති පිරිසුදු වතුරට දමලා රැයක් තියලා උදේට අපිට මෙය ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි. ආලේපකර මෘදුව scrub කිරීමෙන් අඳුරු පැහැය ඉවත් කරගන්න පුළුවන්. දෙතොල් අඳුරු පැහැය ඉවත් කරන ආලේපනයක් නි‍ෙවසේදී හදමු.

අපිට බොහොම පහසුවෙන් පිපිඤ්ඤා ඉස්ම ගන්න පුළුවන්. පිපිඤ්ඤා ඉස්මවලට මී පැණි බිංදු කිහිපයක් දමා හොඳින් මිශ්‍රකර දෙතොල්වල ආලේපකර රාත්‍රී කාලයේ තිබෙන්නට හරින්න උදෑසන පිරිසුදුකර ගන්න.

ඒ වගේම තමයි පිරිසුදු පොල්තෙල් නැතිනම් virgin Coconut Oil මේකෙනුත් වෙන්නේ දෙතොල අඳුරු පැහැ වෙන එක වළක්වන එක.

ආමන්ඩ් ඔයිල් අපිට ආලේපනයක් විදියට භාවිත කරන්න පුළුවන්.

මේ දේවල්වලින් වෙන්නේ දෙතොල්වල අඳුරු පැහැය නැති කරන එකයි.

මේ කුමන ආලේපය භාවිත කළත් මාසයක් පමණ නොකඩවා ප්‍රතිකර්ම කළ යුතුයි.

අපි බලමු දෙතොල්වල ලස්සන රෝස පාට පෙනුමක් ලබා ගන්නේ කොහොමද කියලා?

මුලින්ම බීට්රූට් ඉස්ම මී පැණි බින්දු 3, 4 ක් දමා මිශ්‍රකර තොල්වල ආලේප කරගන්න. මේ බීට්රූට්වල තියෙන බීචිං ගුණය නිසා අඳුරු පැහැය ඉවත්වෙනවා එසේම රෝස පැහැයක් ලැබෙනවා.

මේ ආලේපනයන් වගේම අපිට හදලා තියාගන්න පුළුවන් තවත් ආලේපනයක් අපි බලමු.

දෙහි ඇඹුල් තේ 1/2ක්

මී පැණි තේ හැඳි 1ක්

ග්ලිසරින් තේ හැඳි 1ක්

මේ ද්‍රව්‍යවලින් දෙතොල් තෙතමනය ආරක්ෂා කරනවා වගේම ලස්සන පැහැයක් ගන්න උදව් වෙනවා. මේ ද්‍රව්‍යය හොඳින් මිශ්‍ර කරලා දිනපතා තොල්වල ආලේපනය කරන්න පුළුවන්. ඒ වගේම මේ ආලේපනය අපිට ශීතකරණයක දාලා තියාගන්න පුළුවන්.

අපේ දෙතොල්වලට ප්‍රමිතියකින් තොර බාල ආලේපන භාවිත කරගන්න නැතුව අපි ඒකත් ගෙදරදීම හදලා බලමු.

මේකට අපිට ඕනෙ මැංගුස් ගෙඩි 2ක පොත්ත

මේ දවස්වල නම් මැංගුස් හොයාගන්න හරිම පහසුයිනේ. මැංගුස් ගෙඩියේ මදේ ඉවත්කර පොත්ත ඇතුළත තියෙන මෙලෙක් කොටස හැන්දකින් හූරලා ගන්න. ඒ ටික හොඳටම කරලා ගන්න ඕනේ. එයට ජෙලටින් මේස හැඳි 1/2ක් සමඟ ග්ලසරින් බින්දු කිහිපයක් දමා හොඳින් වැඩි වෙලාවක් කලවම් කරන්න.

මේ මිශ්‍රණය කුඩා බෝතලයකට දමා දිනපතා ආලේප කරගන්න පුළුවන්. ගෙදර ඉන්න වෙලාවට අපි lipstick ගාන්නේ නැහැ නේද? හැබැයි ඒ වෙලාවට මේ ලිප්ස්ටික් එක ගාගෙන ඉන්න පුළුවන් සත්කාරයක්. මේ වගේ ලස්සන ස්වභාවික පාටක් අපිට කඩෙන් ගන්න ලිප්ස්ටික් එකක නම් ලැබෙන්නේ නැහැ. ඒක එතරම්ම ලස්සනයි.