ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් 2025 නොවැම්බර් මස 20 වැනි දින තංගල්ල ධීවර වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සිදුකල විශේෂඥ පරීක්ෂාවේදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙණ උර 18ක් තුල අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 261කට අධික තොගයක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 115කට අධික තොගයක් ඇති බවට තහවුරු විය. එමෙන්ම, මත්ද්‍රව්‍ය තොගය සමඟ රිවෝල්වර් වර්ගයේ හා පිස්තෝල වර්ගයේ පැති අවි 02 ක්, පතොරම් ගැබ් 02ක් සහ චන්ද්‍රිකා දුරකතනයක් ද එහිදී සොයාගත් අතර, එම මත්ද්‍රව්‍ය තොගය සහ නිතී විරෝධී ගිණි අවි, නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය නොකරණ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට ඊයේ ( 24) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.
ප්‍රජාවට කරන ලද සේවය සහ අධ්‍යාපනික සුදුසුකම් අනුව තෝරාගන්නා ලද පුද්ගලයින් අතරින් 114 දෙනෙකුට නව සාම විනිසුරු පත්වීම් ලබාදීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
"සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි, ඔබ අද සිදුකරන්නේ තනතුරක් භාර ගැනීම පමණක් නොවේ. ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා. අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ. ගනුදෙනු නොවේ.
ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය කිරීමට ඇති සූදානමයි. ඔබේ රාජකාරිය ආරම්භ වන්නේ මිනිසුන්ට උපකාර, මග පෙන්වීම සහ ආරක්ෂාව සොයන අවස්ථාවේදීයි. අද සිට ඔබ පුරවැසියා සහ රාජ්‍යය අතර පාලම බවට පත්වෙනවා.
ශ්‍රී ලංකාවට නැවතත් නැගී සිටිය හැක්කේ බොරු පොරොන්දු මගින් හෝ, දේශපාලන නාට්‍ය හරහා හෝ සටන් පාඨ හරහා හෝ නොව විනය, නීතිය, යුක්තිය, ගෞරවය සහ පිරිසිදු පාලනය මගින් පමණයි. නව යුගයක් ආරම්භ වන්නේ පිරිසිදු දෑත් සමඟයි. මහජනතාව සෑම රාජ්‍ය නිලධාරියෙකුගෙන්ම සාධාරණත්වය, අවංකබව සහ විශ්වසනීයත්වය ඉල්ලා සිටින කාලයක ඔබව සාමදාන විනිශ්චයකරුවකු ලෙස අද පත්වීම් ලබනවා."
ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳ සංවේදීකරණය සඳහා වන වැඩමුළුවක් ඊයේ (20) ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංයේ දී පැවැත්විණි.
අනුරාධපුර නුවර වැවේ පදිංචිකරුවන් පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් අද (24) දින ගොවිජන මන්දිරයේදී පැවැත්විණ. ඒ ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතාගේ සහභාගීත්වයෙනි.
සමාජ සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජයේ ප්රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන පිළිබඳ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කිරීමේ හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ(22) පැවැත්විණි.
2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රි ලාංකිකයින් 5000ක ගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය, එහි ක්‍රියාවලිය හා මෙහෙයුම් ගැටලු පිළිබඳව ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ජලජ ජීවීන් සහ ජලජ පැලෑටි සහ අගය එකතු කළ මුහුදු ආහාර නිෂ්පාදන ක්ෂේත්රයේ නවෝත්පාදනයන් ගෝලීය මතස්‍ය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් අපි සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
‘ප්‍රජාශක්ති’ දිළිඳුබව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට සමගාමීව දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් ඊයේ (18) සහ අද (19) දෙදින කිලිනොච්චියේදී පවත්වන ලදි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගෙන පාසල් සපත්තු මිලදී ගැනීම සඳහා ලබා දෙන වවුචර්පත මගින් දේශීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති තිබේ.
මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) නීති පීඨයේ සිසුසිසුවියන්හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහන සඳහා සහභාගී වීමට අද (21) අවස්ථාව උදා විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙරට රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවල සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් අද (19) ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ (Central Mail Exchange) දී පැවැත්විණි.
Page 3 of 730