Tuesday, September 29, 2026
Follow Us
අද සිට යළි බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මකයි

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වා කාලයේ සහ පස්වරු 4 සිට 7 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ අද සිට හඳුන්වා දෙන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ.