Monday, September 28, 2026
Follow Us
තවත් මෙට්‍රෝ බස් 121ක් හෙට සිට කොළඹ දුවයි

මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට කොළඹ නගරය පුරා ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක්කරන බවත් ප්‍රවාහන ආරක්ෂාව සහ පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී  අමාත්‍යවරයා සඳහන් කළේය.

පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද ඔහු පැවසීය.