Sunday, September 27, 2026
Follow Us
ඉන්ධන සහනාධාරයක් ලබාදීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පැවසීය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ අතර එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව ද  පෙන්වා දුන්නේය.

ඒ් අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලැබීමට නියමිතයි.