Monday, September 28, 2026
Follow Us
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ රන් පදක්කම රුමේෂ් තරංග දිනා ගනී
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
 
මෙරට වේලාවෙන් අද (28) සවස 4.45ට තරග බිමට පිවිසි රුමේෂ් තරංග, සිය අතිවිශිෂ්ට දක්ෂතාවය පෙන්නුම් කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.
 
දෙවන ස්ථානය හිමිකර ගත්තේ ඉන්දියාවේ Singh Yashvir හිමිකර ගත් අතර ඔහු දැක් වූ දක්ෂතාවය මීටර් 85.72ක්.