Monday, September 28, 2026
Follow Us
විදේශ ඇමැති විජිත හේරත් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලය අද අමතයි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය අද (28) ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

2026 සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ ඉහළ පෙළේ සතියට සමගාමීව මහ සභා විවාදය සැප්තැම්බර් 22 සිට 28 දක්වා නිව්යෝර්ක්හිදී පැවැත්වේ.
 
“විශ්වාසය යළි ගොඩනැගීම, පරිවර්තනය කළමනාකරණය කිරීම: සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන්න මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාවයි.
 
මහා මණ්ඩල සැසියට සමගාමීව අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.