කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා ලංසු කැඳවා ඇති අතර ලංසු 10ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Sathuta Builders (Pvt) Ltd වෙත රුපියල් බිලියන 1.73 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීමට මෙම අනුමැතිය ලැබී ඇත.
ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත නවතා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.