Tuesday, October 27, 2026
Follow Us
State

දැනට පවතින තත්ත්වය අනුව වී මිල දී ගැනීමට ඇති මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වී තිබෙන බැවින් 2026 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය වෙත ලබා දී ඇති රුපියල් මිලියන 7,500ක අමතර ප්‍රතිපාදනවලින් තවත් රුපියල් මිලියන 2,500ක අරමුදල්, ප්‍රතිපූරණය කිරීමේ පදනම මත වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් මණ්ඩලයට තීරණය කර තිබේ.

State
හෝමාගම, පිටිපන, මාහේනවත්ත “තාක්ෂණික නගර ව්‍යාපෘතිය” සඳහා මාර්ග පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ ඉතිරි මාර්ග ඉදිකිරීම් කටයුතු දේශීය අරමුදල් යොදා ගනිමින් අවසන් කිරීමට තීරණය කරයි.
State

ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21,22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට
රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State
2026-09-25 දින සිට 2026-10-01 දින දක්වා වන කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State
විදාතා සම්පත් මධ්‍යස්ථාන නව ආයතන ආකෘතිය යටතේ ප්‍රතිසංවිධාන කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇළ මාර්ග 4,042ක් හානියට පත් වී තිබේ. එබැවින්, වී වගාවට අවශ්‍ය ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.
State

‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබේ.

State

A major step towards strengthening trade, investment and business linkages between Sri Lanka and Hong Kong was taken with the successful hosting of the “Bridging Markets: Unlocking Hong Kong–Sri Lanka Trade & Investment Opportunities” Seminar and Business Networking Dinner on 19 August 2026 at the Celestine Ballroom, Cinnamon Life, Colombo.

State
හඳුන්වා දී ඇති අවශ්‍යතා අනුව 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 
State

2026 වර්ෂයේ සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) ආරම්භ වේ.

State
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයතන තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
State

යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

State

අඹ­තලේ ජල පවි­ත්‍රා­ගා­රය මඟින් වඩාත් ගුණා­ත්මක ජල සේවා­වක් ලබා­දීම සඳහා කරන අත්‍ය­වශ්‍ය නඩත්තු කට­යු­ත්තක් හේතු­වෙන් ප්‍රදේශ රැසක ජල සැප­යුම පැය 24ක කාල­යක් සඳහා තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට සිදු­වන බව ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය පව­සයි.

State
ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය පිණිස ඉහළ අධිකාරිත්වයක් සහිතව එකී මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත්  කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.

State

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

 සියලුම රාජ්‍ය ආයතනවල අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

State

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.