Monday, October 05, 2026
Follow Us
State
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයතන තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
State

යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

State
 
'දිට්වා' ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බව වාර්තා වී ඇත.
State
ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය පිණිස ඉහළ අධිකාරිත්වයක් සහිතව එකී මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත්  කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.

State
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) නිකුත් කර තිබේ.
State

 සියලුම රාජ්‍ය ආයතනවල අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

State

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

State
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
State

ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21,22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට
රජය තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

State
මෙරට තුළ පොල් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා සහ ඉදිරි මාසවල ඇතිවේ යැයි පුරෝකථනය කරනු ලැබ ඇති 'එල්නිනෝ' තත්ත්වයෙන් පොල් වගාව ආරක්ෂා කිරීම සඳහා පොල් ඉඩම්වල ඵලදායිතාව වර්ධනය කිරීමේ සහ තිරසර වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙන අතර  ඒ සඳහා සුළු පරිමාණ පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ අරමුණින් පොල් ඉඩම් පුනරුත්ථාපන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ.
State

2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ඇරඹෙන අතර එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත් වේ.

State
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇළ මාර්ග 4,042ක් හානියට පත් වී තිබේ. එබැවින්, වී වගාවට අවශ්‍ය ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් උදා වී ඇත.
State
1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත යටතේ සංචාරක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විසින් සුළු වරදකරුවන් වෙත ප්‍රජා පාදක විශෝධන ආඥා නියෝග ලබා දෙනු ලබයි.
State

මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (2026/08/09) නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.

State
හඳුන්වා දී ඇති අවශ්‍යතා අනුව 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 
State
'' පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ හා ජීවනෝපාය සහය ව්‍යාපෘතිය ' ක්‍රියාත්මක කිරීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම පිණිස 2026-06-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
State
2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (09) උදෑසන 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723ක පැවැත්වීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.