පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙන අතර එය අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) වන දින පස්වරු 6.00 දක්වා වලංගු වන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ “ඉවත්වන්න” (රතු) නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.
එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.




බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකළපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
රාජ්‍ය ආයතනවල තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය බඳවාගෙන සිටි සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බලශක්ති අභියෝග හමුවේ රාජ්‍ය සේවය ක්රමාණුකූලව පවත්වාගෙන යාම පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ තීරණය පරිදි ඩිජිටල් ආර්ථික හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ විසින් ඒකාබද්ධව හඳුන්වා දේ
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අප්‍රේල් 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විදුහල්පති සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය 2025 (2026) නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ.
අද උදෑසන 6.41 වනවිට සමහර ප්‍රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 115226126 භාවිතා කර +94115226126, +0115226126 යන දුරකථන අංක මඟින් හා 0771167739, 0742756098 යන ජංගම දුරකථන අංක මඟින් දෙපාර්තමේන්තු නාමය අවභාවිතා කර මේ වන විටත් කිසියම් පාර්ශවයක් විසින් පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගන්නා බවට හා මුල්‍යමය වංචා සිදුකරන බවට වාර්තා වී තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Page 3 of 644