Monday, August 10, 2026
Follow Us
අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8ක් සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය විසින් සෞඛ්ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීම උදෙසා සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබේ.

 

එම වැඩපිළිවෙළට අනුව, නිපුණතාවයෙන් හා වෘත්තීය දැනුමෙන් සමන්විත මානව සම්පතක් බිහිකිරීම අරමුණු කර ගනිමින් අතූරු වෛද්ය සේවාවේ (Paramedical) නව පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් කැඳවීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව අතුරු වෛද්ය සේවාවේ දන්ත කාර්මික ශිල්පී (Dental Technician), මහජන සෞඛ්ය පරීක්ෂක (Public Health Inspector), සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist), කීට විද්යා නිලධාරී (Health Entomology Officer), පාසල් දන්ත චිකිත්සක (School Dental Therapist), ඛන්තුරේඛණ ශිල්පී (Electro Cardiographer), ඖෂධ සංයෝජක (Dispenser) සහ විද්යුත් නිකර්පන රේඛන ශිල්පි (Electro Encephalographer) යන වෘත්තීය ක්ෂේත්ර 08 සඳහා පුහුණු පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි.
එමෙන්ම 2026 අගෝස්තු 07 වන සිකුරාදා දිනැති අංක 2501 දරන රජයේ ගැසට් නිවේදනය ප්රකාරව, 2019 සිට 2023 දක්වා වර්ෂයන්හි අ.පො.ස. (උසස් පෙළ) විභාගය විද්යා හෝ ගණිත විෂය ධාරාවලින් සමත් වූ සිසුන්ගෙන් මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.
මෙම පුහුණු පාඨමාලා සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වනදා.
මෙම පුහුණු පාඨමාලාවන් තුළ සෘජුකරණඤ සහ අංගාදේශක (Prosthetist and Orthotist) වෘත්තිය ක්ෂේත්රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 03 ක්ද, ඖෂධ සංයෝජක (Dispenser) වෘත්තීය ක්ෂේත්රය සඳහා වන පුහුණූ පාඨමාලා කාලය වසර 01 ක්ද වන අතර, අනෙකුත් වෘත්තීය ක්ෂේත්ර සඳහා පුහුණූ පාඨමාලා කාලය වසර 02ක්.
මෙම වැඩපිළිවෙළ මගින් අතුරු වෛද්ය සේවාවේ මානව සම්පත ප්රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කරමින්, රෝගීන් වෙත ලබාදෙන සෞඛ්ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත්, වෘත්තීය පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් අනාගතයේදී මෙරට නිදහස් සෞඛ්ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට මෙන්ම රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීමටත් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය අපේක්ෂා කරයි.