Tuesday, November 24, 2026
Follow Us
ඉන්දියන් සාගරයේ භූචලනයෙන් ලංකාවට සුනාමි අවදානමක් නෑ

ඉන්දියන් සාගරයේ හටගත් රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි බලපෑමක් නොමැති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය මේ බව තහවුරු කර තිබේ.

ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් (Mauritius / Reunion) කලාපයේ අද (24) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි.

අද පස්වරු 4.36ට පමණ සිදුව ඇති මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් (අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E) හටගෙන ඇති බව එම මධ්‍යස්ථානය පස්වරු 5.10ට නිකුත් කළ  නිවේදනයේ සඳහන් වේ.