Friday, August 21, 2026
Follow Us
සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට උපදෙස්

 සියලුම රාජ්‍ය ආයතනවල අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන තෙදින තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම්දීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන් නිකුත් කර තිබේ.

ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලදී.