Tuesday, August 25, 2026
Follow Us
කටුනායක ගුවන්තොටුපොළේ සංචාර සේවා කවුන්ටර 06ක් සඳහා ආයතන තෝරා ගැනීමට අනුමැතිය
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි පැමිණීමේ ලොබියේ සංචාර සේවා කවුන්ටර 06ක් ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු ආයතන තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.
 
ඒ සඳහා ලංසු 10ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, වසර 03ක කාලසීමාවක් සඳහා පහත සඳහන් පරිදි එකී ප්‍රසම්පාදනයන් පිරිනැමීමට  කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සංචාරක සේවා කවුන්ටර අංකයනිර්දේශිත සැපයුම්කරුකොන්ත්‍රාත් වටිනාකම
රුපියල් මිලියන
(වැට් රහිත)
10 M/s Casons Travel (Private) Ltd 251.03
11 M/s J N W Lanka Tours 209.67
12 M/s Awavia Tours (Private) Ltd 189.66
13 M/s Ceylon Arrivals (Private) Ltd 183.60
14 M/s Ayubowan Tours & Travels (Private) Ltd 171.53
15 M/s Explore Vacations and Travels (Private) Ltd 234.73