ආයෝජකයින්ට පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටත්, ආයෝජන සඳහා පවතින පරිපාලන බාධක ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය පිණිස ඉහළ අධිකාරිත්වයක් සහිතව එකී මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විවිධ රාජ්‍ය ආයතන පුරා විසිරී ඇති අනුමැති ක්‍රියාවලියක් පැවතීම, ආයතන අවම අභ්‍යන්තර සන්නිවේදනයක් සහිතව හුදකලාව ක්‍රියාත්මක වීම, ඒවායේ අතිපිහිත (overlapped) ආයතනික බලතල පිළිබඳ ගැටලු සහ පරිපාලනමය අකාර්යක්ෂමතාවන් ආදී තත්ත්වයන් හේතුවෙන් මෙරට දේශීය ආයෝජන අභියෝග රැසකට මුහුණ දී සිටී.
ඒ අතරින්, එක් ආයෝජන කාර්යයකට අදාළව අනුමත කිරීමේ ක්‍රියාවලීන් තනි තනි රජයේ ආයතන අතර බෙදී පැවතීම දේශීය ආයෝජන ආරම්භ කිරීමේ දී ප්‍රධානතම අභියෝගයකි. ඒ හේතුවෙන්, ව්‍යාපෘති සංවර්ධනය සඳහා ඉඩම් වෙන් කරවා ගැනීම, පාරිසරික අනුමැතින් හා නියාමන බලපත්‍ර ලබා ගැනීම, විදුලි සම්බන්ධතා ලබා ගැනීම, ජල සම්පාදනය සහ බැංකු හා මූල්‍යකරණ පහසුකම් ලබා ගැනීම වැනි කාර්යයන්වලදී නිරන්තර ප්‍රමාදයන් සිදු වන බව හා ආයෝජකයින් අපහසුතාවට පත් වීම මෙන්ම අධෛර්යයට පත් වීම සිදු වන බව හඳුනා ගනු ලැබ ඇත.
එබැවින්, ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම පිණිස මෙරට ව්‍යවසායකයින්හට මග පෙන්වීම සඳහා වන තනි සම්බන්ධීකරණ ආයතනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ගනිමින් මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට තීරණය කර තිබේ.