අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
මොරටුව ශාන්ත සේබස්තියන් දේවස්ථානයේ 151 වන වාර්ෂික පෙරහර මංගල්‍යය අද (20) සවස් කාලයේ පැවැත්වීමට නියමිතයි.
පසුගිය නොවැම්බරයේ පැවැත්වෙමින් තිබූ අ.පො.ස උසස් පෙළ විභාගයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නොපැවැත්වූ විෂයයන් හෙට (12) සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2026 වසරේ පැවැත්වෙන විභාග දිනයන් සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරිය දැනුම් දී තිබෙන අතර ජාතික විභාග 7ක් පැවැත්වීමට නියමිතව ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස පරිසර අමාත්‍යාංශ විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇති බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිදවැටීමක් හේතුවෙන් අද (3) කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙන බව වාර්තා වෙයි.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නවතා තිබූ කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් යළි ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ගෙන තිබේ.
දිස්ත්‍රික්ක දෙකකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ රතු නිවේදනය හෙට (10) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.
දැනට ආරම්භ කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ 06 වන ශ්‍රේණියේ ඉංග්‍රිසි මොඩියුලය යළි සමාලෝචනය කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
2026 නව වසර සැමරීම සඳහා හෙට (31) දින කොළඹ නගරය වෙත පිට පළාත් වලින් නව වසර උදාව සැමරීම සඳහා විශාල ජනතාවක් සහ රථවාහන ප්‍රමාණයක් කොළඹ නගරය වෙත විශේෂයෙන් ගාලු මුවදොර ප්‍රදේශය වෙත පැමිණිම අපේක්ෂා කරන බව පොලීසිය පවසයි.
පවතින වර්ෂාපතනයේ යම්කිසි අඩුවීමක් නිරීක්ෂණය වුවද නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ විය.
Page 5 of 640