අත්පන්දු, කැරම් සහ හොකී ජාතික සංගම්වල ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින්, එම සංගම්වල පාලනය තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශ ලේකම්වරයා යටතට පැවරීමට අදාළ ගැසට් නිවේදනය තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් නිකුත් කර තිබේ.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙන අතර එය අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) වන දින පස්වරු 6.00 දක්වා වලංගු වන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ “ඉවත්වන්න” (රතු) නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්රදේශ සඳහා නිකුත් කර තිබේ.
එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්රදේශ සඳහා නිකුත් කර ඇත.




බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව, වයඹ, උතුරු පළාත් සහ ගාල්ල, ත්රිකුණාමලය, මඩකළපුව දිස්ත්රික්ක සඳහා කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්රවාහනය ආදී සේවා රැසක් අත්යාවශ්ය සේවා ලෙස ප්රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කැලණි ගඟ ද්රෝණිය ආශ්රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
2026 රාජ්ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්ක සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද උදෑසන 6.41 වනවිට සමහර ප්රදේශවලට මි.මි. 200 ඉක්ම වූ වර්ෂාවක් වාර්තා වී ඇති බවත් ඉදිරියේ ද එවැනි වැසි තත්ත්වයක් පැවැතිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ මාධ්ය ප්රකාශක ප්රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.
Page 6 of 648