Tuesday, March 31, 2026
Follow Us
State

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එහි විශේෂ අංශයේ ඒ කොටසේ සිරමැදිරි තුළ තිබි ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

State
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
State
ශ්‍රී ලංකාවේ විශ්ව විද්යාල සහ විදේශීය විශ්වවිද්යාල අතර අවබෝධතා ගිවිසුම්වලට එළැඹීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඊයේ (දෙසැම්බර් 15) පැවති අමාත්ය මණ්ඩල හමුවේදී ශ්රී ලංකාවේ විශ්ව විද්යාල සහ විදේශීය විශ්ව විද්යාල, විදේශීය සංවිධාන අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය වශයෙන් ගරු අග්රාමාත්යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අනුව ඒ සඳහා වන අනුමැතිය හිමි විය.
State
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා ජාතික පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් නිම කිරීමට කැබිනට් තීරණය ලැබී ඇත.
State

කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හුන්නස්ගිරිය සිට මීමුරේ දක්වා මාර්ගය ඇතුලු ස්ථාන කිහිපයක නාය යාම් සහ පස් කඳු පෙරලීමේ අවදානමක් මතුවී තිබේ.

State

2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා වාර පරීක්ෂණ නොපවත්වන ලෙස අධ්‍යාපනය අමාත්‍යාංශය දැනුම් දී තිබේ. 

State
සුරක්ෂා සිදු රක්ෂණාවරණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී හඳුනාගනු ලැබ ඇති ගැටලු ද සැලකිල්ලට ගෙන ඊට සංශෝධන ඇතුළත් කරමින් 'සුරක්ෂා' සිසු රක්ෂණාවරණ වැඩසටහන 2025/26 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමටත්  ඒ අනුව, අදාළ චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීමටක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
State

මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත හෙට (19) සහ 22 වන සදුදා දින පාසල් සඳහා නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

State

ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් අනෙකුත් සියලු පාසල් හෙට දිනයේ යළි ආරම්භ වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි. 

State
රාජ්ය ආයතන, වාණිජ මණ්ඩල / සම්මේලන , විද්යායතන ( විශ්ව විද්යාල හා පර්යේෂණ ආයතන) සහ අදාළ කර්මාන්ත ක්ෂේත්රයේ විශේෂඥයින් නියෝජනය වන පරිදි 25 දෙනෙකුට නොවැඩි සාමාජික සංඛ්යාවකින් සමන්විතව පහත සඳහන් කර්මාන්ත ක්ෂේත්ර සඳහා උපදේශක කමිටු පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State
නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2025.12.18 දින පෙ.ව. 2:30 සිට 2025.12.19 දින පෙ.ව. 2:30 දක්වා
State

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

State
ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය ගත් පියවර අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
State
‘ග්රාම නිලධාරී සම්බන්ධ අක්රමිකතා කඩිනම් පැමිණිලි ක්රියාපරිපාටිය’ මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි දක්වමින් ව්යාජ ක්ෂණික ඇමතුම් අංකයක් සහ සෘජු දුරකථන අංක සහිතව සමාජ මාධ්යවල ප්රචාරය වන පුවත සාවද්ය බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දෙයි.
State
මෙවර ශ්රී පාද වන්දනා වාරය 2025.12.04 දිනට යෙදුණු උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර එළඹෙන (2026) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවීමට නියමිතය.
State

එළඹෙන උත්සව සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ.

State
මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ e- Court ව්යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්රියාත්මක කිරිම සඳහා Clean Sri lanka ව්යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්රතිපාදනවලින් රුපියල් මිලියන 150 ක ප්රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
State

අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ 2025- සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි 11 පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.